IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යමුද ලෝකයේ සුන්දරම වෙරළට...

ARTICAL-03--2016-03-01-05
 

ARTICAL-03--2016-03-01-02පසුගිය සතිය ආරම්භ වුණේම දිග සතිඅන්ත නිවාඩුවක් එක්ක. කොළඹ ඉඳලා මහා දුරක් නැතිව පැය කිහිපයකින් ගිහින් එන්න පුළුවන් තැන් ගැන සංචාරයට හිතැති බොහෝ අය වැඩි අවධානයක් දක්වනවා. පසුගිය සති අන්තයේ අන්න ඒ වගේ ඉක්මනට ගිහින් දවස සුන්දර විදියට ගත කරලා හවස් වෙද්දී ආපහු කොළඹට එන්න පුළුවන් තැනකට අපි ගියා. ඒ දකුණු වෙරළ තීරයේ තියෙන සුන්දරම අඩවියක් මෙන්ම වරක් ලෝකයේ හොඳම වෙරළ ලෙස ජයග‍්‍රහණය කළ උණවටුන මුහුදු තීරයට.

දකුණු මුහුදු තීරයේ ආරම්භයේම වගේ තමයි අපිට උණවටුන මුණගැසෙන්නේ. ගාල්ල නගරය පසුකරලා විනාඩි 15ක පමණ දුරින් මාතර දෙසට වන්නට උණවටුණ මුහුදු තීරය පිහිටලා තියෙනවා. අධිවේගි මඟ ඔස්සේ එනවානම් පින්නදූව හුවමාරුවෙන් එළියට ඇවිත් ගාල්ල දෙසට ආවාම බොනවිස්ටා වෙරළ ළඟින් වම්පැත්තට "මාතර දෙසට" හැරිලා කිලෝමීටර් එකහමාරක් ගියාම උණවටුන වෙරළ තීරය හමුවෙනවා. කොළඹ ඉඳලා කෝච්චියේ යනවා නම් උණවටුනේ වෙනම දුම්රියපොළක් පිහිටලා තියෙනවා. ගාලූ පාරේ එද්දී මේ වෙරළතීරය පාරට පේන්නේ නම් නෑ. පොඩ්ඩක් මඟ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා නම් "කොහොමද බීච් එකට යන්නේ..." කියලා ඒ ගොල්ලෝ කියාවි.

වෙරළට ආපු ගමන් ඔබට මුලින්ම හිතෙන්නේ "අම්මෝ වෙරළේ ලොකු" කියලා. උණවටුන විශාල ලෙස පැතිරී ගිය වෙරළ නිසා. බොහෝ විදේශිකයින් පවා මෙහි එන්නේ විශාල රුලි, පැතිරී ගිය වෙරළ වගේම වෙරළට ආසන්නව පිහිටි කොරල්පර නිසා. ඔබටත් මෙහි ගියාම බෝට්ටුවක් කතා කරගෙන යන්න පුළුවන් කොරල් පර බලන්න. ඕනෑතරම් බෝට්ටු සේවා වෙරළේ තියෙනවා. ඒ වගේම වෙරළට ආසන්නව හෝටල් හා ආපනශාලා රැසකුත් තියෙනවා. ඒවායේ ප‍්‍රධාන ඉලක්කය විදේශිකයෝ නිසා මේ වගේ "දෙසැම්බර් - මාර්තු" සංචාරකයන් වැඩියෙන් එන කාලයේ කෑමබීම ටිකක් මිල වැඩියි.

වෙරළේ ඉඳන් බැලූවාම ඈත කොළඹ පැත්තට වෙන්න කන්ද මුදුනේ චෛත්‍යයක් පේනවා. ඒ තමයි "ජපන් සාම" චෛත්‍යය. ජපානයේ "නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ" ආධාර සහිතව මේ චෛත්‍ය හදලා තියෙන්නේ 2004 වසරේ කියලයි අහන්න ලැබුණේ. ඔබ ශ‍්‍රී පාදයේ ගිහින් තියෙනවා නම් මෙන්න මේ වගේ සාම චෛත්‍යයක් එහෙත් තියෙනවා. වලපනේ හා අම්පාරෙත් මේ වගේම සාම චෛත්‍යයක් දෙකක් තියෙනවා. ලංකාවට සුනාමි ව්‍යසනය ආපු මොහොතේ මේ පුදබිමට කිසිදු හානියක් වුණේ නෑ. මහ සයුර අසලම තිබිලත්. ඒ නිසා ප‍්‍රදේශයේ ජනතාව මේ පුදබිම කෙරෙහි තියෙන බැතිබර බව තවත් වැඩිවෙලා.

උණවටුනේ ගියාම කොරල්පර බලලා, මුහුදේ නාලා, පුළුවන් නම් සාම චෛත්‍යයත් වැඳලා එන්න.

 

ප‍්‍රසාද්

DESHAYA

ARTICAL-03--2016-03-01-03
ARTICAL-03--2016-03-01-04
ARTICAL-03--2016-03-01-05
ARTICAL-03--2016-03-01-06
ARTICAL-03--2016-03-01-07
ARTICAL-03--2016-03-01-08
 



අදහස් (0)

යමුද ලෝකයේ සුන්දරම වෙරළට...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site