IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යාපනයේ ජනපති මැදුරට අටක් අයිතිය කියති

(සුජිත් හේවාජුලිගේ)

යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇත.

ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බවයි.

ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිති.

2010 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය.

එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.

 



අදහස් (14)

යාපනයේ ජනපති මැදුරට අටක් අයිතිය කියති

Bunny Preena Saturday, 28 June 2025 09:55 AM

එහෙමනම් ඉඩම් මංකොල්ල කාරයොත් එක්තරා කාලයක රට පාලනය කරලා තියෙනවා වගේ...

:       92       14

Janahitha Saturday, 28 June 2025 11:32 AM

මෙම ඉඩම් අන්අයගේ නම් මතුපිට ඉදිකිරීම් කිසිවෙක්ට ආණ්ඩුවේ අයිතිය කියන්න බැරිය.

:       74       12

මාලිමාගැත්තා Saturday, 28 June 2025 12:16 PM

අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න වගකුයි පේන්නේ. බැලූ බැල්මට හරිම ප්‍රගතිශීලි වැඩ වගේ පෙනෙයි. ඩෝබිලත් හොඳ ගායනා කරයි. අන්තිමට වෙන්නේ රාජ්‍ය අයිතීන් ක්‍රමයෙන් ඉවත්වී ගොස් කොටි ඩයස්පෝරාව ට ඕනෑ විදිහට පඹයින් නටන එක. මේ ඇති කරන ප්‍රශ්න විසඳන්න වෙන්නේ වෙනත් පරපුරකට. නිවටයින් වේදිකාවෙන් බැසයාවි ඉක්මනින්. නමුත් ඇතිකළ ගැටළු ඉතිරිවේවි...!

:       24       155

fairoos Saturday, 28 June 2025 12:51 PM

පොහොට්ටුවේ ආණ්ඩුව රට බංකොළොත් කරපු තවත් සුදු අලි ව්‍යාපෘති...

:       109       63

Batagoda Saturday, 28 June 2025 02:30 PM

මොකක්ද ඔය අනවසරයෙන් අත්පත්කර ගන්නවා කියන්නේ ඒක පැහැදිලි නැහැ. සාමාන්‍යයෙන් රජයේ අවශ්‍යතා වලදී ගැලගෙන තැනකින් ඉඩම් අත්කර ගන්නවා. එහෙම වෙලාවට කිසිම අයිතියක් නැති මිනිස්සුත් අපිටත් අයිතියි කියලා කිසිම ලියවිල්ලක් නැතුව ඉදිරිපත්වෙලා අවුල් ජාලාවක් කරනවා අන්තිමේ නියම අයිතිකාරුවටත් බොරු අයිතිකරුවන්ටත් ගෙවීම් නොකර එම මුදල් විවිධ තැන්පතුවල තැන්පත් කරනවා. මේක මිනිස්සු ඉඩමේ නියම අයිතිකරුවන් අපහසුතාවට පත්කරන්න කරන දෙයක්.. ඒ ගැන පුලුල් සමීකරණයක් කරනවා නම් රටේ තවත් ඔහොම දේවල් අනන්තවත් හමුවේවි...

:       1       97

Chinthaka Sunday, 29 June 2025 06:12 AM

රටේ තියෙනවා ඉඩම් අත්කර ගැනීමේ ක්‍රමවේදයක්. ඒඅනුව කටයුතු නොකළා නම් අයිතිකරුවන්ට අධිකරණයකදී පිහිට පතන්න තිබුණා.. රටේ පාලකයෝ කියන්න රජය නම් රජයේ වැඩට අවශ්‍ය ඉඩම් ගන්න කාගෙන්ද අවසර ගතයුත්තේ කියලා මෙම අනවසරයෙන් කියපු තැනැත්තා පැහැදිලි කළයුතුයි...

:       0       0

BBC Saturday, 28 June 2025 02:35 PM

මේක‍ ජනාධිපති මැදිරියක් නෙවෙයි. කන්ෆරන්ස් හෝල් එකක් සහ විසිටර්ස්ලාට ඉන්න හදන්න කරපු එකක්. බොරුවට නටන්නේ නැතිව ඒ ඉඩම් හරියට අත්පත් කරගන්න...

:       3       83

saman Saturday, 28 June 2025 05:46 PM

ඉඩම් අවුල් නිරවුල් කර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට ආයෝජකයකුට ලබාදීම සුදුසු වේ...

:       0       48

Asela Saturday, 28 June 2025 07:59 PM

ඕනෑම රටක ජනාධිපතිවරයෙකු හොඳ පවුල් පසුබිමකින් පැමිණිය යුතු අතර, හොඳ අධ්‍යාපනයක්, මහජන සම්බන්ධතා කුසලතා සහ දේශප්‍රේමියෙකු විය යුතුය. අපට අහම්බෙන් සිටියේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. එවැනි පුද්ගලයෙකුට තේරී පත් වුවහොත් ජනාධිපති ධුරය භුක්ති විඳීමට සහ එය ඉටු කිරීමට පහසුකම් තිබිය යුතුය. අවාසනාවකට මෙන්, සමහර උන්මත්තකයින් සිතන්නේ සහ අපේක්ෂා කරන්නේ ජනාධිපති ඊනියා සමාජවාදී සතෙකු ලෙස ජීවත් වී හැසිරෙනු ඇති බවයි. මෙම ආකාරයේ මානසිකත්වය JVP විසින් ඇති කරන ලද්දක් බැවින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සමාජ පන්තියේ පහළම මට්ටමින් පැමිණි අය වෙති. ඔවුන්ගේ ක්‍රියාවන් සහ නොහැකියාව අපි දිනෙන් දින දකිමු.

:       23       50

YonakaSaturday, 28 June 2025 10:11 PM

වැඩවසම් යුගයේ ජීවත් වෙන කෙනෙක් ඔන්ලයින් ඇවිත්. නරකද ගල්ලෑල්ලට බැස්සා නම්...!

:       0       1

චතුරිSunday, 29 June 2025 12:03 AM

අසේල... ඔයා කියන විදියේ. හොඳ පවුල් පසුබිමක් තිබුණාද නාකි මයිනාට... ආර් ප්‍රේමදාසට රනිල්ට... නොම්බර එකේ මිනීමරුවෝ. නම ගිය හොරු. අනුර කුමාර ඇතුළු මාලිමාවේ නායකයින්‍ට විතරයි. රටයි, ජනතාවයි ගැන කැක්කුමක් තියෙන්නේ... අනිත් අය රටත් කාලා ජනතාවගේ රීරි මාන්සත් හූරන් කෑවා. පව්ලක් ගත්තොත්. හැමකෙනාම එකවගේ නැහැ. මොවුන් හොරා කෑවේ ජන්මෙන් ආපු ඒවා. උගත්කම තියෙන කෙනාට මනුස්සකම තියෙනවා. ඒ අයට ලැජ්ජයි මේ වගේ හොරාකන මිනිමරන වැඩ කරන්න. හොඳ පපුවක් තියෙන්නේ කොන්ද පණ තියෙන කෙනෙකුට විතරයි අනිත් අය. රජ්ජුරුවෝ වගේ හිටියේ බලය තියෙන නිසා පැරදුණු ගමන්. බන්කර හොයන් ගියා... හැන්ගෙන්න කොන්ද පණ නැහැ පපුව කුණුවෙලා. හොරාකාලා මිනීමරලා. රටේ නායකයාට පපුව උණුවෙනවා නම් රට කරගෙන යන්න පුළුවන්. මාලිමාව. නාකිමයිනාට තොවිල් දාහක්වත් නටවන්න වෙයි...

:       1       1

CuscoSunday, 29 June 2025 09:51 AM

මිනිහෙක්ගේ උපත අනුව වසලයෙක් හෝ හොඳ පුද්ගලයෙකු වන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාකාරකම් අනුව තමයි හොඳ නරක තීරණය වන්නේ. හොඳ පවුල් පසුබිමින් ඇවිත් තමන් මහජන ධනය හොරා නොකෑවත් අන් අයට හොරාකන්න ඉඩ දෙනවා නම් ඒ නායකකම හොඳයි බල්ලාට දාන්න. අනෙක හොඳයි කියන පවුල් පසුබිමකින් ආවත් හත් මුතු පරම්පරාවම මහජන ධනය හොරා කනවා නම් ඒත් එහෙම්මයි. රාජ්‍ය නායකයෙකු හට සැප විහරණ අවශ්‍යයි. නමුත් එය ජනතාවට සාපේක්ෂ විය යුතුයි. එසේ නොවී ජනතාව දුක් විඳින අතරේ නායකයින් පමණක් තමන්ගේ සුඛ විහරණය හොයනවා නම් එහෙම අය කවුද?

:       1       1

වික්‍රම විදුර Sunday, 29 June 2025 08:56 AM

8ක් ඉන්නවා කියන්නෙ 7ක් ව්‍යාජ ලිපි සම්බන්ධව හිරේ යාමට නියමිතයි කියන එක...

:       1       1

de silva Sunday, 29 June 2025 03:48 PM

දැන් කල යුත්තේ ජනාධිපති මන්දිරේ සහිත ඉඩම සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගේ අයිතිය සොයා බලලා ඔවුන්ට ඉඩමට අදාල වන්දිය ගෙවීම හෝ සුදුසු තැනකින් ඉඩම් ලබාදීම, අදාල දේපල වසර 5ක් වැනි කෙටි කාලයක බදු දෙන්න රජය මේක බාධාවක් ලෙස සලකන්න අවශ්‍ය නැහැ. රටේ සංවර්දන කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි, මාර්ග, ජලාශ ඉදිකරන්න ජනතාවගේ ඉඩම් සුදුසු වන්දියක් ගෙවීමට හෝ විකල්ප ඉඩම් ලබාදීමෙන් පසු රජයට පවරාගන්න අවශ්‍ය ප්‍රතිපාදන නීතියෙන් රජයට ලැබිලා තිබෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site