IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යාපනය ගුවන්තොටේ වටිනාකම වැඩි වෙයි

ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජයේ සහභාගීත්වයෙන් යාපනයේ පලාලි ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් පථය වැඩි දියුණු කිරීමටත් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමටත් පියවර ගෙන තිබේ.

මේ වෙනුවෙන් ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය තාක්ෂණික සහ කාර්මික සහාය ලබා දීමට කටයුතු කරන බව යාපනයේ නේවාසික ඉන්දියන් කොන්සල් ජනරාල් ඒ. නඩරාජන් ප්‍රකාශ කරයි.

දැනට පවතින ඉඩ කඩ ප්‍රමාණය නැවත ප්‍රතිසංස්කරණය කරනවා විනා අලුතෙන් ඉඩම් පවරා ගැනීමත් සිදු නොවන අතර ගුවන් ධාවන පථය කිලෝ මීටර 2.3 ප්‍රමාණයෙන් පුළුල් කළ පසු බෝයිං 717 වර්ගයේ ජෙට් යානා ගුවන් තොටුපොළට බැස්ස වීමට හැකි වන අතර ගුවන් මගී සංඛ්‍යාව සියයකට ආසන්න ගුවන් යානා ද මෙම  ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමේ හැකියාව ද ලැබෙන බව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය විශ්වාස කරයි.

මෙම ගුවන් තොටුපොළ අන්තර් ජාතික මට්ටමට ගෙන ඒමට ප්‍රථම අදියර ලෙස ද මෙය හැඳින්විය හැක.



අදහස් (0)

යාපනය ගුවන්තොටේ වටිනාකම වැඩි වෙයි

සමන් Thursday, 24 March 2016 02:48 PM

පලාලි හමුදා කැම්ප් එක ඇතුලේ නේද මේ ගුවන් තොට තියෙන්නේ . එතකොට කැම්ප් එක ඉවත් කරනවද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න (බ)

:       0       0

සුසා Friday, 25 March 2016 06:29 AM

මත්තල ගුවන්තොටුපල සුදු අලියෙක් කියන අලින්ට මේක තේරෙන්නේ නෑ උතුර වෙන් වීමේ එක මන් සලකුණක් මේක (අ)

:       0       0

කිංස්ලි Thursday, 24 March 2016 03:59 PM

තේරෙනකොට පාමා වැඩිද මන්දා. මොවුන් ඊලගට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉල්ලන බව මම ලංකාදීපේ මාස කීපයකට කලින් මෙ වගේම ලිව්වා. (බ)

:       0       0

වසන්ජය Saturday, 26 March 2016 03:48 PM

කින් බෙනට්, ඔබ හරි (නි)

:       0       0

විශ්වා Thursday, 24 March 2016 10:46 AM

දියුණු කරට කමක් නැහැ, මේක හොඳ ප්‍රවේශයක් හැබැයි ඉන්දියාව ගාවගන්න එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. (ර)

:       0       0

හිමාල් Friday, 25 March 2016 01:59 AM

ඔව් ඉතින්, මේ යන විදිහට එයාලට වෙනම ලොකු ගුවන් තොටුපළක්, වරායකුත් හදලා දෙන්න ඕනෑනේ. ඒකනේ මේ කරන්නේ. (නි)

:       0       0

කනිශ්ක Friday, 25 March 2016 11:17 AM

යාපනය ලංකාවේ කොටසක් නොවෙන්න යන එක පියවරක් තමයි මේක. (කෞ)

:       0       0

බණ්ඩා Thursday, 24 March 2016 11:22 AM

මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් මෙන්න ගුවන් තොටුපොල කටුනායකට වඩා ගුවන් යානා ඒවි. (ර)

:       0       0

අප්පුහාමි Friday, 25 March 2016 02:18 AM

සමහරු මේකේ අදහස් දාන්නේ හරියට යාපනය ලංකාවේ කොටසක් නෙමෙයි වගේනේ (නි)

:       0       0

උද්දික Thursday, 24 March 2016 12:06 PM

ඉන්දියාව වැඩිය ගාව ගන්න එපා. අනික මත්තල තව අධියර තියනවා වැඩක් ගන්න පුළුවන් විදියට එන්න. එනිසා එයත් දියුණු කරනවානම්ම් හොදයි. (ර)

:       0       0

හිමාල් Friday, 25 March 2016 12:10 PM

එය ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළක් ලෙසට දියුණු කළා කියලා රට බෙදෙන්නේ නැහැනේ. (නි)

:       0       0

මොහොමඩ් සිද්ධික් Thursday, 24 March 2016 12:15 PM

ඉන්දියන් ටෙක්නීෂියන්ලා තමයි මේ අයට මොළයක් නෑඋඹලට හාලුත් ඉන්දිඅවෙන් ගෙනන්න වෙලා (බ)

:       0       0

සුමාල් Friday, 25 March 2016 03:26 AM

කටුනායක වසා දැමීමේ පළමු අදියර (අ)

:       0       0

ජයා Thursday, 24 March 2016 12:40 PM

හින්දි ෆ්ලිම් ;හින්දි සින්දු; වලට හින්දි කොල්ලන්ට, ආදරය කරන්න හොඳයි නම්...... රට ගිය ගැහැණු බොහමයක් එකට පවුල් කන්නේත් හින්දි උන් එක්කනම්...... ඒ සල්ලි හොදනම්, ඒ රටේ ඉන්දීය කොලනියක් වුනාම මොකද මේ රට..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site