IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යන එන යානා / මගීහු සෝදිසියට

කටුනායක ගුවන් තොටුපොළෙන් යන එන සියලුම යානා ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් අද සිට පරීක්ෂාවට ලක් කරයි. එම අභ්‍යාසය සාර්ථකව සිදුවේදැයි සොයා බැලීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් තොටුපොළට ගොස් සිටි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයන් පසු ලොව බොහෝ ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කැරිණි. කටුනායක ගොඩබාන ගුවන් යානයක මගීන් බැස ගිය පසු ගුවන් හමුදා විශේෂ කණ්ඩායම් එම යානය පරීක්ෂා කරයි. එතෙර සිට කටුනායකට එන මගීන් පරීක්ෂා කිරීමද තරකර ඇතැයි ගුවන් තොට ආරංචි කියයි.

ගුවන්තොට පර්යන්තයේ සියලු ගොඩනැගිලිවල අතිරේක මුර සංචාර පවත්වන බවත් 24 පැයේම මෙම ආරක්ෂාව පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

මේ අතර මාලදිවයිනේ 35 - 40ක් පමණ සිරියාවට ගොස් ඇතැයිද ඔවුන් එහි අයිඑස් සංවිධානය හා සබඳකම් පවත්වන බවට තොරතුරු ඇතැයි ද මාලදිවයින් ආරංචි කියයි. මාලදිවයින් රජයේ එම තොරතුරු නිවැරදි නොවන බව මාලදිවයින් විපක්ෂය පවසයි. අඩු ගණනේ 200ක් වත් සිරියාව ඇතුළු මැදපෙරදිගට ගොස් ඇති බව එරට විපක්ෂය සඳහන් කරයි. 

මාලදිවයින් වැසියන් බොහෝ විට කටුනායක ඔස්සේ සිරියාවටත් මැද පෙරදිග සෙසු රටවලටත් යතියි කියති. තම ගමනේ අරමුණ පැහැදිලිව හා ඒත්තු ගැන්වෙන ලෙස ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ මාලදිවයින් වැසියන් කිහිප දෙනකුම කටුනායකින් ආපසු හරවා යවා ඇති බවද දැනගන්නට ඇත.

20160325_131444katunayake 20160325_131458katunayake 20160325_131626katunayake

20160325_135640gagan 20160325_140218gagan



අදහස් (0)

යන එන යානා / මගීහු සෝදිසියට

පෙරේරා Friday, 25 March 2016 04:08 PM

දැන් අපිත් අපේ ආරක්ෂාව අපි විසින්ම සළසාගන්න ඕනෑ (නි)

:       0       0

අනුරාධ. Saturday, 26 March 2016 12:03 PM

අපේ රටට එන අය පරික්ෂා කිරීම ගැන කවුරුවත් අනවශ්‍ය විදිහට කලබල වියයුතු නැහැ.එය අනිවාර්යයෙන්ම කළයුතුම දෙයක්.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්නේ අති දක්ෂ නිලධාරීන් නිලධාරිනියන්.රටේ පාලන තන්ත්‍රයේ උපදෙස්වලට අනුව ඒ අය වගකීම නිසි ලෙස ඉටුකරාවි (බ)

:       0       0

නොයෙල් ප්‍රනාන්දු Saturday, 26 March 2016 12:57 PM

මම ජනවාරි 05 මැදපෙරදිග සිට ලංකාවට ආව. මගේ මුදල් සහිත ගමන් මල්ල ගුවන් තොටුපොල ඉදිරියේ රථයට නගින තැන දී සොරා ගනු ලැබුවා. පොලිසියට පැමිණිලි කළ පසු පරීක්ෂණයට ආ විට සීසීටීවී වැඩ කරන්නේ නැ කියල ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය දැනුම් දුන්නා. ඉතින් පොලිසියට පරීක්ෂණ ඉදිරියට ගෙනයන්න බැරි වුනා, මෙන්න අපේ රටේ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව (බ)

:       0       0

ටෙනිසන් Friday, 25 March 2016 06:03 PM

නන්දලාල් ද සිල්වා, පිටරටකින් අප රටට එන යන සියල්ලෝම කිසිදු වරදක් නොමැති අය කියාද සිතන්නේ? (නි)

:       0       0

ශාන් Friday, 25 March 2016 06:49 PM

ආරක්ෂක අංශ ගුවන් තොටුපොළට යෙදවීමෙන් ඊටත් වඩා කාර්යයක් සිදුවෙනවා. ගුවන් තොටුපොළේ ඉන්න හොර ජාවාරම්කරුවන්, වංචා කරන අය මෙන්ම නිකරුනේ ගැවසෙමින් මඟීන්ගේ දේවල් කඩා වඩා ගන්න දතකන අයත් අසුවෙනවා. (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 25 March 2016 09:23 PM

බණ්ඩාරනායක ගුවන්තොට පරික්ෂා කිරීම එක් කාලයකදී නැවතුනේ අැයි? පාලකයන්ට බොහෝ අවස්ථාවල මම මෙය පෙන්වා දුන්නා. මම නිතරම ලංකාවට එනවා යනවා. ගුවන් මගීන් හැර අන් අය ඇතුළට හා පිටතට කැඳවාගෙන යාමට එන අයද සීමා කරන්න. (නි)

:       0       0

සාලිය Saturday, 26 March 2016 12:40 AM

මේක හොඳ වැඩක්. ගුවන් හමුදාවට මේ ගැන හොඳ පළපුරුද්දක් ඇති නිසා උපරිම පරික්ෂාවට බඳුන් කළයුතුයි. (නි)

:       0       0

දුමින්ද Monday, 28 March 2016 08:35 AM

කටුනායක කොටි ප්‍රහාරය සිහිවෙනවා. (ර)

:       0       0

නිමල් ලලිත Friday, 25 March 2016 08:00 AM

මුළු ලොවටම මහා ශාපයක් වූ අන්තවාදය මැඩලීමට හැකිවේවා! (නි)

:       0       0

ජගත් Friday, 25 March 2016 08:04 AM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 25 March 2016 08:07 AM

රටේත්, ගුවන් යනාවලත්, පොදු හා පෞද්ගලික දේපලවල ආරක්ෂාවත් සඳහා ගත හැකි හැම පියවරක්ම ගැනීම රජයේ වගකීම වෙනවා.එතෙර සිට කටුනායකට එන මගීන් පරීක්ෂා කිරීමෙන් ආරක්ෂක අංශ බලාපොරොත්තුවන්නේ කුමක්ද ? ඊට වඩා උචිත නැද්ද කටුනායකින් ගුවන් ගතවන මගීන් ස්කෑන් මගීන් පරික්ෂා කර ගුවන් යනාවලත් ඒවායේ ගමන් කරන මගීන්ගේත් ආරක්ෂාව සැපයුවහොත් ? (අ)

:       0       0

සරත් කුරු. Friday, 25 March 2016 09:07 AM

ඉතා අගනා සේවයක්,මගීන්ගේ ආරක්ෂාව සඳහා.(ම)

:       0       0

සෑම් Friday, 25 March 2016 09:35 AM

අනුවේ දශකයේ කටුනායක හන්දියේ තිබුන ටෙක් එකට ගිහිල්ලා ගමන් බඩු බාරදීලා බස් එකකින් ගුවන් තොටුපොළට ගෙනයාමත් , ගුවන් තොටුපොලින් බඩු මලුත් සමගම බස් එකකට පටවා මිනුවන්ගොඩ කිට්ටුවටම ගෙනගොස්, නිකන්ම නිකන් පාලු තැනකට අතහැරිය කාලයත් යලි උදා නොවේවා කියා පතමි .(අ)

:       0       0

බමුණු Sunday, 27 March 2016 11:44 PM

අනුරාධ. රටේ පාලන තන්ත්‍රයේ උපදෙස්වලට අනුව ඒ අය වගකීම නිසි ලෙස ඉටුකරාවි නොවෙයි රටේ ආරක්ෂක සේවාවේ උපදෙස්වලට අනුව පාලන තන්ත්‍රයේ කෙරුවාවල් වෙනස් කර ගත යුතුව ඇත. අපේ ඇස්වලට නොපෙනී රට තුල කෙරෙන දේවල් ගැන දන්නේ රටේ ආරක්ෂක සේවාවන්ය. (බ)

:       0       0

පෙරේරා Friday, 25 March 2016 11:31 AM

එතෙර ඉදන් එන ත්‍රස්තවාදීන් අල්ලන්න ඕන නැද්ද ? (කෞ)

:       0       0

බෙනට් Friday, 25 March 2016 11:42 AM

රටින් යන සහ රටට ඇතුල් වෙන මගීන්ව අන්තිම ගේට්ටුවෙනුයි පළවෙනි ගේට්ටුවෙනුයි අංගෝපාංග අතගාල පරික්ෂා කරන එක හිරිකිත වැඩක් . ඒවලට තමයි දියුණු උපකරණ තියෙන්නේ . ඒ උපකරණ දාපුවම වැඩෙත් ඉක්මනට ලස්සනට වෙනවා. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඔයවගේ හිරිකිත වැඩ කරන්නේ නැ.(කෞ)

:       0       0

සෑම් Saturday, 26 March 2016 10:14 PM

මේ පහළින්ම තිබෙන ඡායාරූපයේ දකුණු පැත්තේ ඉන්න නිලධාරියා නම් ගුවන් යානාව සහ මඟීන් පරීක්ෂා කරන ආකාරය ඉතාම හොඳයි (නි)

:       0       0

ජයන්ත Friday, 25 March 2016 01:17 PM

මේ වැඩපිළිවෙල නොනවත්වා ක්‍රියාත්මක කළයුතු වෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 28 March 2016 12:46 PM

‘මේ අලාභය මගහැරගන්න පුලූවන් වුනානම් අපට ලෙහෙසියෙන්ම පාසල් 300 ක් සහ සියලූම පහසුකම් තියෙන රෝහල් 65 ක් හදාගන්න තිබුණා’ ඔහු කීවේය. (ර)

:       0       0

ලෙස්ලි Friday, 25 March 2016 02:20 PM

නන්දලාල්ගේ බුද්ධිය හැමෝටම ප්‍රදර්ශනය කළා නේද? (නි)

:       0       0

චන්න බුවනක Friday, 25 March 2016 02:23 PM

ඒ කියන්නේ මෙච්චර කාලයක් හරිහැටි පරීක්ෂාවක් කර නැද්ද? (නි)

:       0       0

ප්‍රියංකර Saturday, 26 March 2016 09:27 AM

ටික කලක් යනකොට අමතක නොකර දිගටම කරන්න ඕනෑ. ඉතාමත් හොඳ වැඩක් (නි)

:       0       0

බමුණු Sunday, 27 March 2016 04:34 AM

ත්‍රස්තයෝ මේ කරන පරීක්ෂාවන් ගැන හොඳට දන්නවා එව්වා මදහරින ක්‍රමත් දන්නවා. ඔය කියන විදිහට එකම ත්‍රස්තයෙක් අල්ලාගෙන තිබෙනවද? වදේ කරුණට පස්සේ තෙමි කියන්න මෙයාල තමයි මේ යන්නේ කියල පොටෝ එකකුත් දමනවා. ත්රස් තයෝ ලංකාවේ වැඩක් කොරනවානම් පිටින් බඩු ගෙන එන්නේ නැත මෙහෙ රට ඇතුලෙන් ලැබෙන සහයෝගයෙන් උපකරණ වලින් වැඩේ දීල රටිනුට්ත් පිටවෙලා යාවි. (රේ)

:       0       0

ඉසුරන්දි Sunday, 27 March 2016 05:26 AM

අපේ මෝඩ මිනිස්සුමනේද කෑගහන්නේ රටේ යුද්දේ ඉවරවෙලත් හැමතැනම බැරියර් දාගෙන චෙක් කරනවයි කියලා.දෙයක් උනාට පස්සේ ඒ කටවල් වලින් තමයි කියන්නේ රටේ ආරක්ෂාව පන මදියි කියලා.කොටි සෙවනැළි විතරක් නෙමෙයි දැන් පේනවනේ වෙන වෙන සෙවනැළි ලෝකේ පුරා හොල්මන් කරන හැටි.මමනම් කියන්නේ මොන අපහසුතාවය තිබ්බත් මේ ගෙන යන වැඩපිළිවෙල ඉදිරියටත් නොකඩවාම කරගෙන යනවනම් හොදයි කියලා රටේ ආරක්ෂාවට.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site