IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


'යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්න කිව්වේ නැහැ'

යුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමු යුදහමුදාවට, යුද්ධයෙන් පසුව එම කානු පද්දති යලි සකස් කර දීමට හැකි දැයි යුද හමුදාවගෙන් විමසීමට පියවර ගත්තා හැරෙන්නට යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්නට නොකියූ බවට උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් කියා සිටියේය.

 යුද සමයේදී කොටි සංවිධානය විසින් කානු පද්දති යොදාගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන් හා විවිධ ප්‍රහාරයන් එල්ල කිරීම නිසා යුද හමුදාව යාපනයේ කානු පද්දති වසා දමි ඇත. දැන් යුද්ධය අවසන් වී ඇති නිසා කානු පද්දති යලි පිලිසකර කිරීමට හැකි දැයි තමන් යුද හමුදාවගෙන් විමසීමට පියවර ගන්නා බව උතුරු පලාත් සභාවේදී පැවසූ බවට විග්නේෂවරන් කියා සිටියේය.

යුද හමුදාව සම්බන්ධයෙන් තමන් වැරදි ප්‍රකාශයක් සිදු නොකළ බවටත් තමන් පිළිබඳ වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසට උතුරු මහ ඇමති ඉල්ලීම් කරයි.

‘‘අවුරුදු 67ක්ම පැවති ආණ්ඩු වලින් වගේම දෙමළ නායකියින්ගෙන් ද දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි විසඳුම් නොලැබුණු නිසාත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් කාරණා ඇතුල්  කළ යුතු නිසාත් අපි  දෙමළ ජනතා සභාව ආරම්භ කළා‘‘ යි උතුරු මහ ඇමති සී.වී. විග්නේස්වරන් පැවසීය.

ඔහු මේ බව කීවේ උතුරු පළාත් සභාවේ පැවැති මාධ්‍ය හමුවක් සිංහලෙන් අමතමිනි.

‘දෙමළ ජනතා සභාව මගින් දෙමළ ජතික සන්ධානය කඩාගෙන වෙනම පක්ෂයක් හැදීමේ කිසිම අරමුණක් නැහැ .   මේ සම්බන්ධයෙන් පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා  හමුවි සාකච්ඡා කළා. ඔහුත් තේරුම් ගත්තා ප්‍රජාතන්ත්‍රවාදි රටක් හැටියට මිනිසුන්ගේ අදහස් දැන ගැනීම හොඳ දෙයක් බව. ඔහු කිව්වා   අපි අතර කිසිම ප්‍රශ්නයක් නැති බව. නමුත් සමහරුන්ට ඕන අපි අතර ප්‍රශ්නයක් තියනවා කියා පෙන්වා අපේ පක්ෂය කඩන්න‘‘ යැයි ද විග්නේෂ්වරන් කීවේය.

 



අදහස් (0)

'යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්න කිව්වේ නැහැ'

ශාන් සෞදි Sunday, 03 January 2016 06:59 AM

හිතාගන ඇති අපි ගොන් කියල තොපේ කාණු වැහුවේ තොපේ උන්ගේ වැරදි නිසා දැන් තොපිට ඕනෙනම් පළාත් සබාවේ ඉන්න සේවකයෝ දාල සුද්ද කරගන් නැතිව අපේ හමුදාව ඉන්නේ තොපේ කණු හාරන්න නෙවේ (බ)

:       0       0

සෑම් Sunday, 03 January 2016 07:14 AM

ඇයි කොටි ත්‍රස්තවාදී ප්‍රබා කණු වල බෝම්බ හයි කළේ නැද්ද (බ)

:       0       0

අසාද් Sunday, 03 January 2016 07:26 AM

අප්පච්චිගේ ගෝල බාලයෝ රටේ ඇති කරන තත්වය එතරම් හොද දෙයක් නෙවෙයි.බොරු ප්‍රචාර රට තුළ පැතිරවීමෙන් ඇතිවෙන්නේ භයානක තත්වයක්.දේශපාලන අනාථයන් මේ දේ තෙරුම්ගන්නකම් රට ඉස්සරහට ගෙනියනවා බොරු. (බ)

:       0       0

නිල්මිණි Sunday, 03 January 2016 07:28 AM

අනිත් දෙමළ නායකයෝ ජාතික සමගිය හදන්න හදන මේ වෙලාවේ මෙතුමාගේ හැසිරීම නම් අනුමත කරන්න බැහැ. පසුවවත් ප්‍රකාශයක් කළ එක හොදයි. (බ)

:       0       0

සිල්වා Sunday, 03 January 2016 07:23 AM

මෙම කාර්ය යාපනය නගර සභාව ප්‍රාදේශිය සභාව ඉටු කළ යුතු වගකීම් නේද ? ජනතා මුදල් වලින් යැපෙන පුද්ගලයන් ජනතාවට සේවය කිරීමට බැඳී සිටිනවා. (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 03 January 2016 07:32 AM

උතුරේ සේවය කළ වීරෝදාර රණ විරුවෝ කුණු කානුවටම යයිද? (බ)

:       0       0

ඉන්දික Sunday, 03 January 2016 08:03 AM

කියන්න ඕන දේ කලින් කියල කෙල වෙන බව දැනගත්තම සති දෙකකට පස්සේ දැන් බොරුවට දොඩවනවා. (බ)

:       0       0

චමල් Sunday, 03 January 2016 08:43 AM

උතුරේ කෙසේ වෙතත් දකුනේනම් හමුදාවෙන් කණු කැපුවා, යුව රජවරුන්ට රේස් පදින්න වැලි කොට්ට කර ගැහුවා. ගොඩක් වීරෝදාර වැඩ කරා. එකනේ ඒගොල්ලන්ට රණ විරුවෝ කියන්නේ . (කෞ)

:       0       0

නිලන්ති Sunday, 03 January 2016 09:17 AM

බොරු කියන්න එපා දැන්.(හේ)

:       0       0

බණ්ඩාර Sunday, 03 January 2016 09:26 AM

එහෙම කිව්වේ නැත්තම් හොදයි.(හේ)

:       0       0

ප්‍රදීප් Sunday, 03 January 2016 09:25 AM

කෙලවෙන්නේ මල්ලි එයාට නොව අපිට (හේ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 03 January 2016 09:50 AM

කට වැරැද්ද ගත්තොත් වෙන්නේ මොකක්ද කියල දන්නවනේ. එ්කයි ඔය හදීසියේම වැරැද්ද හදාගන්න දගලන්නේ. (බ)

:       0       0

අමා Sunday, 03 January 2016 10:04 AM

යුද සමයේදී කොටි සංවිධානය විසින් විනාශ කරපුව හදා දෙන්න කියන්නේ කාටද ? (බ)

:       0       0

සෙනරත් Sunday, 03 January 2016 10:15 AM

මහා ඇමති පැහැදිලිවම කිවුවේ "හමුදාව දැන් කිසිම වැඩක් නැතිව කඳවුරුවල සිටින නිසා, ඔවුන් ලවා යාපනයේ කානු සුද්ධ කරව ගත යුතුයි " යනුවෙනි. මෙයාට දිව දෙකක් තියෙනවා. මොහු විශ්වාස නොකළ යුතුයි (බ)

:       0       0

කුමාර Sunday, 03 January 2016 10:11 AM

මට නම් දැන් මාර සනීපයි ,ශෝක් කතා පොඩ්ඩ.ජාතිවාදී ලේබල් ගානවා නෙවෙයි හොදේ ,ඇත්ත කිව්වේ (බ)

:       0       0

අබරන් Sunday, 03 January 2016 10:55 AM

සිංහල කතා කරන විදියට දෙමල මනුස්සයෙක් කියල කියන්න අමාරුයි. එ්ත් ඔය ජාති වාදී අදහස් ටික ටික හරි තුරන් කර නොගත්තොත් ආයෙමත් විශාල අපරාධ සිදු වේවි (බ).

:       0       0

නවීන් Sunday, 03 January 2016 11:26 AM

කව්රුත් කලබල වෙන්න ඕනේ නෑ.(හේ)

:       0       0

වේලු Sunday, 03 January 2016 12:25 PM

හමුදාවට සිංහල ප්‍රදේශවල පතෝල විකුනන්න හොදයි.. කොළඹ කානු සුද්ද කරන්න හොදයි.. (බ)

:       0       0

හිමාල් Sunday, 03 January 2016 12:59 PM

අපොයි,ඔව්. යුද්ධෙන් පස්සේ රණවිරුවො කොළඹ කාණු සුද්ද කළේ, අතු ගෑවේ නෑනේ.නේද? (බ)

:       0       0

සිල්වි Sunday, 03 January 2016 01:56 PM

ඒකට තමා නගර සබා , පළාත් සබා තියෙන්නේ . ඔබතුමාව පත් කරලා තියෙන්නේ කානු හදල පළාත සංවර්ධනය කරන්න මිසක් ඔතනට වෙලා රට කලඹවන ප්‍රකාශ කිරීමට නෙමේ (බ)

:       0       0

සමන් Sunday, 03 January 2016 02:11 PM

දැන් ඉතින් කියපු කතා වෙනස් කරන්න එපා.(හේ)

:       0       0

ජගත් Sunday, 03 January 2016 05:04 PM

මහ ඇමති තුමාගේ සිංහල කතාව නම් අපුරුයි. ,කොළඹ සිටි කෙනෙක් නිසා. ඔය ජාතිවාදී අදහස් වලින් දෙමල ජනයා අවුස්සන්නේ නැතිව මහා ආණ්ඩුව සමග සහයෝගෙන් කටයුතු කරන්න බැරිද..?, උතුරේ ජනතාව වෙනුවෙන්...?.ඉන්දියාවත් ළඟදී ඔබට අවවාද කලානේදා ඒ ගැන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site