බෝ නොවන රෝග හේතුවෙන් ලංකාවේ වසරකට මිය යන ප්‍රමාණය යුද්ධයේදී මිය ගිය ප්‍රමාණයටත් වඩා වැඩි යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. අපස්මාර රෝගය නිවාරණය සඳහා සිදුකළ වැඩසටහන් ඇගයීමේ උත්සවය හා කලා උළෙල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණු අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීවේය.
‘අද බෝවෙන රෝග මර්දනය ඉතාමත් හොඳයි. අප රටේ ඉහළ යාමකට ඇත්තේ එච්අයිවී ආසාදිතයන් ප්‍රමාණයි. බෝ නොවන රෝග ප්‍රමාණය ඉතා වැඩියි‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
එහිදී අපස්මාර රෝගය නිවාරණයට කැපවූ වෛද්‍යවරු හා ඊට සම්බන්ධ වැඩසටහන්වලට දායකත්වය දැක්වූ කලාකරුවන් ඇගයීමට ලක්විය. එම අවස්ථාවේදී අපස්මාර රෝග තත්ත්වය ගැන කියැවෙන ගීතයක්ද ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ඇතුළු පිරිස ගායනා කළ අතර ඒ සම්බන්ධ වේදිකා නාට්‍ය කිහිපයක්ද රඟදැක්විණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යුද්ධයේදී මැරුණ ගාණටත් වඩා බෝනොවන රෝගවලින් මැරෙනවා‘
පාතිපන් Sunday, 06 December 2015 05:27 PM
මොනවද මේ කියවන්නේ? (ස)
මොහොට්ටාල Sunday, 06 December 2015 06:06 PM
කතාකරලා පමණක් වැඩක් නැහැ. මේවාට විසඳුම් අවශ්‍යයි (නි)
නුවන් Sunday, 06 December 2015 07:02 PM
රටේ ඇති නිමක් නොවන මේ ප්‍රශ්න කවදා විසඳේවිද? (නි)
විජිත් Sunday, 06 December 2015 07:07 PM
පළමු ඡායාරූපය බලන්න.දෙපැත්තේ ඉන්න අය නිදි. ඉතින් කොහොමද රටක් දියුණුවෙන්නේ? අනේ මන්දා..! ඕවට බෙහෙත් නැහැනේ. (නි)
කමල් Sunday, 06 December 2015 10:30 PM
ඒ කතාව නම් සහතික ඇත්ත (නි)
සහන් Monday, 07 December 2015 02:09 AM
දෙපැත්තේ අය නිදි. මැද්දේ අයත් අහක බලාගෙන ඉන්නේ. ඉස්සරහ පේළියේ වාඩිවුණා නම් ඇස් ඇරලා ආ දෙයට හිත යොදන්න. (නි)
රුවන් Monday, 07 December 2015 02:37 AM
මොනයම් ක්‍රමයකින් හෝ වැඩිවන ජනගහණය සිමාවිය යුතුය. දැනටමත් මහපොළොවට එය දරාගත නොහැක. එනිසා යුද්ධ සහ බෝවෙන රෝග ස්වභාවිකය. එකක් නවතින විට තව එකක් පැමිණේ. (නි)
අබය Monday, 07 December 2015 03:11 AM
රටේ වගකිවයුත්තෙක් කියන කතාවක්! (නි)