IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


යතුරු පැදි ජාවාරමක් එළියට

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

එකම ලියාපදිංචි සහතිකයෙන් යතුරුපැදි දෙකක් විකුණූ පුද්ගලයන් දෙදෙනකු සහ හොර එන්ජින් නම්බර් කොටන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසියේ අපරාධ අංශය කියයි.

මොවුන් කාලයක සිට යතුරුපැදි සොරකම් කර වෙනත් ලියාපදිංචි අංකවලට හරවා එම ලියපදිංචි යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර විකුණන ජාවාරමක නිරත වී ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වාරියපොල පොලිස් වසමේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී කරන ලද විමර්ශනයකින් මෙම තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී එකම ලියාපදිංචි අංකය සහිත යතුරුපැදි දෙකක්ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ ලෙස එන්ජින් අංක සහ චැසි අංක වෙනස් ‍කරන පුද්ගලයාද එම කටයුතු සඳහා භාවිත කරන මෙවලම් කට්ටලක්ද සමග අල්ලා ගැනීමට පොලිසියට හැකිවී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් කුරුණාගල බෝයගනේ, මල්කඩුවාව සහ වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 



අදහස් (0)

යතුරු පැදි ජාවාරමක් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 607 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 351 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site