
(චමිලා අල්විස්)
නත්තල්දා මාවක්ඔය ප්‍රදේශයේ දියනෑමට යහළුවන් පිරිසක් සමග හොරණ මිවන පලාන ප්‍රදේශයේ යහළු නිවසකට ගිය විසිදෙහැවිරිදි තරුණකු හොරකැටිය මීවනපලාන මාර්ගයේදි යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට ඇද වැටී අසල පිහිටි ගල් කන්ඩියක වැදීමෙන් බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි.
මියගිය තරුණයා රයිගම ප්‍රදේශයේ සිට යහළුවන් පිරිසක් සමග මාවක්ඔයේ දිය නෑම සඳහා මීවනපලාන යහළුවකුගේ නිවසට ගොස් ඇති අතර පසුව යහළු නිවසේ සිට බුලත්විටක් ගෙන ඒමට යතුරු පැදි දෙකකින් තවත් යහළුවකු සමග තරගයට ගමන් කරමින් සිටියදී හොරකැටිය ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවී ඇත.
මියගිය තරුණයා පැලවත්ත ජනඋදාන ගම්මාන ප්‍රදේශයේ පදිංචි පසිඳු ඩිලාන් මදනායක නැමැති 22 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදියෙන් තරගෙට ගිහින් නොඑනගමන් යයි