IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  නිපුන් නිර්මාල් පුෂ්පකුමාර යන අවුරුදු විසිවන වියති තරුණයකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු වැලිකන්ද නගරයට ගොස් ආපසු නිවස බලා ගමන් කරමින් සිටියදී වම් පසින් ආ මී ගවයකු බේරා ගැනීමට යෑමේදී, යතුරුපැදිය දකුණු දෙසට හරවා ගැනීමට උත්සාහ දැරීමේදී වේගය පාලනය කිරීමට නොහැකි වූ යතුරු පැදිය කුඹුක් ගසක ගැටී මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිය දකුණු දෙසට ගමන් කරන විට පිටුපසින් පැමිණි, වැලිකන්ද සිංහපුර පදිංචි අවුරුදු 19 ක් වයසති තවත් යතුරු පැදි කරුවකු එම යතුරුපැදියේ ගැටී තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

චමින්ද Sunday, 28 April 2024 08:01 AM

මාර්ග වල මීහරක් දක්කන මීහරක් නැහැ. හරිම කරදරයක් තියෙන්නෙ. මේවා ගැන බලන්න කෙනෙක් නැහැ .හැමදාම කියනවා වගේ ලංකාවට යතුරු පැදි කියන්නෙ බෝම්බ වලට හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වඩා දරුණු වාහනයක් කියන්න පුළුවන් .රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හෝ යතුරු පැදි මරණ සම්බන්ධ වාර්තා ප්‍රසිද්ද කරනවා නම් රටට සෙතක් වේවි

:       0       1

sam Sunday, 28 April 2024 08:28 AM

මියගිය අයට නිවන් සුව...!. තුවාල ලැබූ අයට ඉක්මන් සුව! දෙන්නා රේස් ගියා කියලා හිතෙන්නේ මොකද මන්දා?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි
2024 මැයි මස 12 110 0

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටි


දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක්
2024 මැයි මස 12 81 0

වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි.


වට්ස් අප් වලින් ඉංග්‍රීසි පේපරේ යැවූ ගුරා අත්අඩංගුවට
2024 මැයි මස 12 271 0

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්අප් හරහා බෙදා හැරි බව කියන ගුරුවරයෙක් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු
2024 මැයි මස 12 98 0

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට


පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට
2024 මැයි මස 12 353 0

පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි


සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි
2024 මැයි මස 12 73 0

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 612 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2111 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1836 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site