IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යතුරු පැදි හොරා අසු වූ හැටි

(පුෂ්පකුමාර ජයරත්න)

ගුරුවරියකට අයත් සොරකම් කරන ලද යතුරු පැදියක් මුහුණු පොතේ විකුණන්න දමා තිබියදී පන්තියේ සිසුවකු  සොයා දීමේ පුවතක් නාරම්මල පොලීසියෙන් වාර්තාවේ.

නාරම්මල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ස්කූටර් වර්ගයේ යතුරු පැදිය ඇගේ නිවසේ නවතා තිබියදී පසුගිය දිනයක රාත්‍රියේදී කිසිවකු සොරකම් කරගෙන ගියේය.

ඇය ඒ සම්බන්ධයෙන් නාරම්මල පොලීසියේ පැමිණිල්ලක් දමා සොරකම් කරන ලද යතුරු පැදිය පිළිබඳ විස්තර තම පන්තියේ සිසුන්ටද දන්වා තිබිණි.

මේ පිළිබඳව අවධානයෙන් පසුවූ එක් සිසුවකු මුහුණු පොතේ යතුරු පැදි විකිණීමට පළ කරනු ලබන විස්තර දැක තම ගුරුවරිය පරිහරණය කළ යතුරු පැදිය හා සමාන යතුරු පැදියක් එක් පිටුවක විකිණීමට දමා ඇති ආකාරය දැක තිබේ.

තම ගුරුවරියට අයත් යතුරු පැදියේ ආසනයේ එක් කොටසක් ඉරී තිබෙන බව දුටු ඔහු දිනක් පාසලේදී ඒ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් විමසා ඉරී ගොස් ඇති ආසනය සකසා ගන්නා ආකාරය පිළිබඳව ඇය දැනුවත් කර ඇත.

මේ මතකය තුළින්ම මුහුණු පොතේ දමා තිබූ යතුරු පැදිය පහසුවෙන්ම හඳුනාගත් සිසුවා එය තම ගුරුවරියට අයත් යතුරු පැදිය බව වටහාගෙන ඇත. පසුව ඒ පිළිබඳව නාරම්මල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

යතුරු පැදිය විකිණීමට මුහුණු පොතේ පළ කර තිබූ දුරකථන අංකයට උපාය දූතයකු යොදා ඇමතුමක් ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් යතුරු පැදිය මිළදී ගැනීමට කතා කර එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව යතුරු පැදිය පන්නල මාකඳුර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ අවස්ථාවේදී යතුරු පැදිය සමඟ එය රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. විකිණීම සඳහා ගෙනා යතුරු පැදිය තම යතුරු පැදිය බවට පැමිණිලිකාර ගුරුවරිය විසින්ද හඳුනාගෙන තිබුණි.

 



අදහස් (6)

යතුරු පැදි හොරා අසු වූ හැටි

සමිත හිමි කුරුණෑගල Sunday, 16 April 2023 08:18 AM

සුන්දර සහ විචක්ෂණ බුද්ධියෙන් යුතු පුතෙක්...

:       1       28

Shantha - Qatar Sunday, 16 April 2023 09:47 AM

මුහුණු පොත නිසිආකාරයෙන් භාවිතා කිරීම සහ දක්ෂ දරුවන්ගේ විමසිලිමත්කම... හොඳ වැඩක් පුතේ...

:       0       26

Nihal Sunday, 16 April 2023 04:56 PM

පුතා පොලිසියට ඉතා සුදුසුයි...

:       1       12

BamunuarachchiSunday, 16 April 2023 07:18 PM

ඔව් ඔව් පුතා හංදියේ Traffic control කරන ගමන් Facebook බලයි.

:       8       2

Bamunuarachchi Sunday, 16 April 2023 07:15 PM

ෂුවර් එකටම දැන් ටීචර් ළමයි FB බැලීමේ වටිනාකම ගැන කියාදී ඒ ගැන රචනාවක් ලියන්න කියයි.

:       6       5

LallaMonday, 17 April 2023 08:51 AM

අන්තර්ජාලය පරිහරණය නැතිව ඉදිරියේ අධ්‍යාපනය හෝ රැකියාව කළ නොහැක. බමුණුආරච්චි අතීතයේ ජීවත්වුණාට දරුවන්ට පවතින අධ්‍යාපනික රටාව තුළ අධ්‍යාපනය දීම ගුරුවරුන්ට හැකිවිය යුතුයි. සමච්චලයට නොව එවැනි ගුරුවරුන්ට අනුග්‍රහය දී අන්තර්ජාලය පරිහරණය ගැන නොදන්න ගුරුවරුන්ට උදව් කරන්න ඒ අය යොදාගත හැකියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site