IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


යුගදනවි පෙත්සමට පක්ෂව අමාත්‍යවරු තිදෙනෙක් විරෝධතා ගොනු කරති

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව උදය ගම්මන්පිල , විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අද සිය විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.

මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්ෂව විරෝධතා ඉදිරිපත් කර සිටිති.

නීතීඥ නිලන්ති විජේසිංහ මෙනවිය විසින් ගොනු කළ මෙම විරෝධතා පිටු 58 කින් යුක්තය.

මෙම විරෝධතා වල සංක්ෂිප්තය මෙසේය.

'' පසුගිය 06 වැනි දින මේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් , අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර ඒ පිළිබද කරුණු සම්මත කිරීමක්ද සිදු නොවිණි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ යැයි යන කතාව සම්පූර්ණ අසත්‍යයකි.

මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීතියට පටහැනි වේ.

මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමකි.මෙම සමාගමට ගෑස් කළමනාකරණය පිළිබද කිසිදු ඉතිහාසයක් නොමැත.එබැවින් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය බාර දීමේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරු  මෙම පෙත්සම් ගොනු කර සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු 54දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (13)

යුගදනවි පෙත්සමට පක්ෂව අමාත්‍යවරු තිදෙනෙක් විරෝධතා ගොනු කරති

ජගත් ලියනගේ Tuesday, 07 December 2021 10:49 PM

ඔය තවත් මාධ්‍ය සංදර්ශනයක් .

:       3       13

Demuni Uduwara Wednesday, 08 December 2021 03:56 AM

මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍යයට අයත් අවදානමට ලක්විය හැකි ස්ථානයක් වන අතර එය සම්පූර්ණයෙන්ම නඩත්තු කළ යුත්තේ රජය විසින් පමණි.

:       1       12

චන්දන Wednesday, 08 December 2021 06:45 AM

මාර වැඩක් . වැරැදි කරුවන් යැයි නම් කල අයත් කියනව ඇත්ත වැරදි තමයි කියල .

:       1       14

Bamunuarachchi Wednesday, 08 December 2021 06:58 AM

සාම්පුර් විදුලි බලාගාරය ඉදිකිරීමටත් පාදිලියන් විරුද්ධ වුණු නිසා තමයි දැන් අපිට කළුවරේ ඉන්න සිද්ද වුනේ...

:       19       7

fairoosWednesday, 08 December 2021 12:23 PM

අනේ බමුණා ඔහේට ලැජ්ජා නැද්ද? එනවා මෙතන අදහස් ලියන්න.

:       4       13

BishanWednesday, 08 December 2021 03:19 PM

ජාතිවාදියා ඔයාට මෙතන තැනක් නෑ. මැදමුලන පැත්තට යන්න...

:       3       5

BamunuarachchiThursday, 09 December 2021 09:22 AM

හලෝ මම ගම්මිරිස් හොයාගෙන ලංකාවට ආපු ගොයියෙක් නොවෙයි. මේක මගේ රට මට මැදමුලන නොවෙයි ලංකාවේ ඕනෑම තැනක යන්න පුළුවනි.මහින්ද මහතා පැරදුන වෙලාවේ මිනිස්සු මහින්ද බලන්න ගියේ බස් පිටින්. වෙන මොන ගොයියා පැරදුනාමද මිනිස්සු බලන්න ගියේ?

:       1       1

ලුම්බිණි Wednesday, 08 December 2021 07:00 AM

යුගදනව් තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40%ක කොටස් චීනයට විකුණුවා නම් මේ අය ඒකටත් විරුද්ධ වෙනවාද?

:       2       7

Dewa Wednesday, 08 December 2021 08:36 AM

මේකත් මාධ්‍ය සංදර්ශන දාලා අපිව ගොනාට අන්දන්න යන්නේ

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 December 2021 11:42 AM

අනේ මන්දා ... මේ ඇමතිවරුන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා .. ? ආණ්ඩුව ඇතුළේම ඉඳගෙන මොනවාද මේ කරනා වැඩ .. නයා මරන්නෙත් නැහැ .පොල්ල කඩන්නෙත් නැහැ.කිසිම ප්‍රතිපත්තියක් නැහැ.කිසිම ලැජ්ජාවකුත් නැහැ.

:       0       14

Shan Wednesday, 08 December 2021 01:05 PM

මෙයාලගේ තිබුණු මොලේ තරම 20ට අත් උස්සනකොට අපි දැක්කා.. දැන් අපිට පව් දෙන්නේ නැතිව ගෙදර යන්න. හොර රාජපක්ෂලා එළවන්න තවත් හොරු ටිකක් අපිට ඕනෑ නෑ.

:       0       10

Kumara Wednesday, 08 December 2021 03:33 PM

පව් නේද විමලෙට... රටට නම් හෙණ ගහලා ගියත් කමක් නෑ...

:       0       5

Nanda Wednesday, 08 December 2021 04:27 PM

මෙරට ඉතිහාසෙත් පාවාදුන් අය ඉන්න රටක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 46 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 135 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 760 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4405 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2185 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1016 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 924 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1415 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site