ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක වැඩිපුර සටහන් වී ඇතැයි රුසියන් ටුඩේ නාලිකාව වාර්තා කර ඇත.
යුක්රේනයට ලබා දුන් ආධාර වල සැබෑ වටිනාකමට වඩා වැඩිපුර ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් මුදලක් ආධාර ගිණුම් ගත කිරීමේදී ඇතුළත් වී ඇතැයි එම නාලිකාව පෙන්වා දී තිබේ.
ඒ පිළිබඳ ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සී.එන්.එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබේ.
එහිදී පසුගිය වසරේ සිට යුක්රේනය වෙත යවන ලද ආයුධ නෞකා 37 සහ වෙනත් ආධාර පිළිබඳ අධීක්‍ෂණයක් සිදු නොවීම හේතුවෙන් මෙම ගිණුම්කරණ දෝෂය සිදු වූවා දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කර ඇත.
එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් සතයක්වත් අතුරුදන් වීමක් හෝ වැරදි ලෙස ගණනය කිරීමක් සිදුව නොමැති බව ජේක් සුලිවන් පෙන්වා දී ඇත.
යුක්රේනයට යුද උපකරණ ලබා දීමේදී එම උපකරණ වල සැබෑ වටිනාකම නොව ඒවා නැවත ලබා ගැනීමට වැය වන මුදල සටහන් කරන බව සුලිවන් ප්‍රකාශ කර තිබේ. ඒ හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් ගිණුම්වල සටහන් වී ඇති බවත් ඉන් අදහස් වන්නේ යුක්රේනයට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක යුද උපකරන ලබා දිය හැකි බවත් යැයි ජේක් සුලිවන් පෙන්වා දී ඇත.
034
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක්