IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යුක්රේනයට උදව් කළ රුසියා නර්තන ශිල්පිනිය වසර 12ක් හිර ගෙට

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයට ආධාර කරන පුණ්‍යායතනයකට ඩොලර් 51ක් පරිත්‍යාග කිරීමට වරදකරු වූ ආධුනික නර්තන ශිල්පිනී ක්සෙනියා කරෙලිනා රුසියානු අධිකරණයක් විසින් වසර 12 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේය.

කරෙලිනා ඇමෙරිකානු සහ රුසියානු ද්විත්ව පුරවැසිභාවය හිමි ආධුනික නර්තන ශිල්පිනියකි.

ඇය පසුගිය 2021 වසරේ සිට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගනිමින් ලොස් ඇන්ජලිස් නුවර ජීවත්වුවාය. මෙම වසරේ ජනවාරි මාසයේදී සිය පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා රුසියාවට පැමිණි අවස්ථාවේදී රුසියානු බලධාරීන් කරෙලිනාව අත් අඩංගුවට ගෙන ඇති අතර දේශද්‍රෝහීවීමේ චෝදනාව යටතේ ඇයට නඩු පවරා තිබිණි.

යුක්රේනයට ආධාර කරන පුණ්‍යායතනයකට මුදල් පරිත්‍යාග කිරීම රුසියාවට ද්‍රෝහිවීමක් බවත් පරිත්‍යාග කළ මුදලේ ප්‍රමාණය අදාළ නොවන බවත් නඩුව කැඳවූ අවස්ථවේදී පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ හේතුවෙන් කරෙලිනාට වසර 15 සිර දඬුවමක් ලබාදෙන ලෙසද පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නඩු විභාගය බාහිර පුද්ගලයන්ගේ සහභාගීත්වයකින් තොරව පවත්වා ඇති අතර එහිදී ක්සෙනියා කරෙලිනා වරද පිළිගෙන ඇති බවද පැවැසෙයි. වරද පිළිගැනීම හේතුවෙන් ඇයට වසර 12 සිර දඬුවමක් අධිකරණය ඇයට නියම කර තිබිණි.

කරෙලිනා රුසියාව යුක්රේනය ආක්‍රමණය කර දිනයේ ජංගම දුරකතනය භාවිත කරමින් ඇමෙරිකානු ඩොලර් 51.80 ක මුදලක් යුක්රේනය වෙනුවෙන් පරිත්‍යාග කර තිබිණි.

 



අදහස් (1)

යුක්රේනයට උදව් කළ රුසියා නර්තන ශිල්පිනිය වසර 12ක් හිර ගෙට

රංබොඩ Saturday, 17 August 2024 09:19 AM

යුක්රේනය රුසියාව කියා දෙකක් නැතැයි මම සිතමි. ඉස්සර ගරු ගාම්භීර එක්සත් රුසියාව. අපි පොත්වලින් කියෙව්වා ඔවුුගේ සුන්දර රට ගැන. රටට ඔවුන් කොයිතරම් ආදරේද? අද බටහිර රටවල ඕනෑ කමට දෙකට බෙදිලා මරාගන්නවා. මෙහි කතා නායිකාව ඇමරිකාවේ පදිංචි වූ සැනින් අදහස් වැරදි දෙසට වෙනස් වී ඇති හැටියක්...!

:       8       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site