
(ගයාන් සූරියආරච්චි)
යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කිරීමත් සමඟ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1426 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 01 kg 86 g, අයිස් 782 g 722 mg, ගංජා 03 kg 774 g මාවා 01 kg 100 g, මදන මෝදක 550 g 700 mg, තුල් 86 g 18 mg , ඈෂ් 380 g 64 mg සහ මත්පෙති1085 පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 1403 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 213 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 57 ක් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති සැකකරුවන් 17 ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවෝ 24ක් ද සිටිති.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 දෙනා අතර විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ විවෘත වරෙන්තු 01, විෂ නොවන මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 21 ක් ද බල අපරාධ සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් සැකකරුවෙක් ද සිටියි.
පාතාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ පාතාල අපරාධකරුවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව, මේ දක්වා ලේඛනගත පාතාල අපරාධකරුවෝ 795 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යුක්තිය‘ ගතවූ පැය 24 දී 1426 ක් අල්ලයි
Perera Friday, 05 July 2024 09:44 AM
කාලයක් සද්ද නැතුව ගිහින් ආයේ පටන් ගත්තා. ඕක ඉවරයක් කරලා දැන් ලංකාවේ කුඩු නෑ කියපු දවසට දාන්න හොඳ ලොකුවැයි ප්‍රවෘත්තියක්
ගිහාන්Friday, 05 July 2024 11:37 AM
පෙරේරා හරියට හරි. කුඩු බිංදුවක් වත් නැහැ කියලා කිව්වා දවසට අපි විශ්වාස කරන්නම්. එතකම් සංදර්ශන වැඩක් නැහැ.
තේජන Friday, 05 July 2024 11:34 AM
කුඩු ඇල්ලුවා කියල පොලිස් නිලධාරියා මරන්න ඇවිල්ලා වැරදිලා පී එච් අයි මැරුවා. මේක කුඩු කාරයින්ට ගිය රටද? කුඩු බොන උන් අල්ලල හරියන්නේ නැහැ. අපිට බොරුවට පෙන්නුවාට වැඩක් නැහැ. තමුන්ගෙම නිලධාරීන්ට තුවක්කුව අල්ලන පාතාලයෝ ඉවර කරල අපිට කියන්න.