IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යකඩ පතුරෙන් නේවි කපිල හඳුනාගනී

දංකොටුව බුජ්ජම්පොළ දී මරා වෑන් රියක දමා පුළුස්සා තිබබෙව කියන සිරුරු පහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) මීගමුව මහ රෝහලේදී පැවැත්වේ.

රියදුරු බව කියන නේවි කපිල නොහොත් කපිල සෙනරත් බණ්ඩාරගේ සිරුර ඔහුගේ බිරිය හා ඥාති පුත්‍රයෙක් විසින් හඳුනාගනු ලැබූහ.

කපිලගේ දකුණු පාදයේ තිබූ ආබාධයක් හේතුවෙන් සවිකළ යකඩ පතුරකින්ද ඔහුගේ ගෙළේ තිබූ සුදු යකඩ මාලයකින්ද හඳුනාගැනීමට ඔහුගේ බිරිය හා ඥාති පුත්‍රයා සමත්වූහ.

මළ සිරුරුවල එක්ස් රේ පරීක්ෂණයක්ද සිදුකළ අතර දංකොටුව පොලිසිය මරණ පරීක්ෂණයට සහාය විය.

පන්නල මාකදුර පදිංචිව සිටි නේවි කපිල හා ඔහුගේ සහයකයන්ගේ දැවී ගිය සිරුරු සියුම් ස්කෑන් පරික්ෂණයකට  ලක්කර  හඳුනා ගැනීමට  උත්සහ කරන බව මීගමු රෝහල් ආරංචි මාර්ග කියයි.

IMG_0013[1] IMG_0008[1] IMG_0009[1] IMG_0012[1]



අදහස් (0)

යකඩ පතුරෙන් නේවි කපිල හඳුනාගනී

හේරත් Monday, 14 March 2016 09:00 AM

මිනිස් ඝාතන අනුමත කල නොහැකිය. නමුත් මනෝජ් අමිල මේ දුන්නු දඬුවම කප්පම් ඉල්ලන්න එන අයට ඔක්කොටම හොඳම හොඳ පාඩමක්. දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි රටේ ඉන්න කප්පම් කාරයන්ට දෙන්න කව්ද කැමති වෙන්නෙ. (ර)

:       0       0

සමන් Monday, 14 March 2016 09:05 AM

කවුරුත් කාටවත් කරදරයක් නොවෙන්න ජීවත්වෙන්න පුරුදුවෙන්න ඕනෑ (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 09:13 AM

මේ වගේ බියගුළු පාතාල මැරයන්ට අත්විය යුතු නියම දඩුවම ඔය ක්‍රමේ කියා මා හිතනවා.මිනිසුන් බියවද්දමින් පෝෂණය වන මෙවැනි අය තුරන් කළ යුතුය. (ම)

:       0       0

සුනිමල් Monday, 14 March 2016 09:34 AM

මේවට පොලිසියට බැනල වැඩකුත් නැහැ... (ම)

:       0       0

රොෂාන් Tuesday, 15 March 2016 09:14 AM

තාබෘෘ සිල්වා ඔය හරියටම හරි. කොහෙන් හරි මේවගේ අයට දඬුවම් ලැබිය යුතුයි. (ර)

:       0       0

ටර්ෂාන් Monday, 14 March 2016 09:41 AM

මේ හමුදා සොල්දාදුවාට ඇත නොතබනු කියලා, එහෙම නැත්තම් රණවිරු දඩයම කියලා කව්රුවත් කියයිද දන්නේ නැහැ. (ර)

:       0       0

සමන්ත Monday, 14 March 2016 09:42 AM

මේක හොද වැඩක් . වැඩේ හරියටම කරලා තියෙනවා. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 14 March 2016 03:44 PM

කප්පන් කාරයන් රටට බෝකළේ පොලිස්සියයි දෙස්පාලුවනුයි (අ)

:       0       0

සුමිත් Monday, 14 March 2016 10:22 AM

කව්රු කළත් හොද වැඩක් , කප්පම් කාරයෝ මරන්නම ඕන , මොකද අපේ රටේ නීතිය කප්පම් කාරයන්ට යට වෙලා තියෙන්නේ .මම නම් කියන්නේ අර අහිංසක ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් කරන්න ඕන , (බ)

:       0       0

බණ්ඩා Monday, 14 March 2016 10:27 AM

ලංකාව පුරාම ඉන්න කප්පම් කාරයොන්ට මෙන්න නියම දඩුවම ....නියමයි (බ)

:       0       0

විපුල Tuesday, 15 March 2016 05:01 AM

නීතිය බල්ලට ගිය රටක මංජු කර වැඩේ හරියටම හරි. පොලිස්සිය විසින් කළයුතු දේ තමයි මංජු කළේ. මෙය හරියටම හරියන්න පසුගිය මස කපිලට ඇප දුන්න අයත් මෙම වැන් එකට දමලා පත්තු කරන්න තිබුනේ. ඒවගේ නීතිය ක්‍රියාත්මක කරන රටේ සමාජය ඇතුලාන්තය නොදත් නිල දරුවන්ට පුහුණුව ලබා දිය යුතුයි.තවත් මෙවැනි අය සිටිනවා නම් ඇප අවලංගු කර ඇතුලට දැමිය යුතුයි. (බ)

:       0       0

ශාන් සෞදි Monday, 14 March 2016 12:02 PM

කව්රු කළත් හොද වැඩක් , කප්පම් කාරයෝ මරන්නම ඕන , මොකද අපේ රටේ නීතිය කප්පම් කාරයන්ට යට වෙලා තියෙන්නේ .මම නම් කියන්නේ අර අහිංසක ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් කරන්න ඕන (බ)

:       0       0

තාබෘෘ සිල්වා Monday, 14 March 2016 08:03 AM

මනුස්ස ඝාතන අනුමත ක‍රන එක හොද නැහැ. නමුත් ඔය කියන නේවි කපිල හොද පුද්ගලයෙක් නොවෙයි කප්පම් දුෂණ නඩු තිබෙන ඇප මත නිදහස ලබා එලියට අාපු කෙනෙක්...කවුරු කළත් වැඩේ නියමයි අවි ගත්තෝ අවියෙන් විනාශ වෙන්න ඕනේ (බ)

:       0       0

නිශාර්ඩ් ප්රීනා Monday, 14 March 2016 08:28 AM

කප්පම් කල්ලි සහ මැරයින් කිසිම අනුකම්පාවකින් තොරව විනාශ කර දැමිය යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site