රුපියල් දෙකෝටි විසි පන් ලක්ෂයක යකඩ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 96ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව ආරම්භ කළ විමර්ශන අතර මග නැවතී ඇතැයි පොලිස් හා දේශපාලන ආරංචි කියයි.
හලාවත පදිංචි ව්‍යාපාරිකයකු විසින් 2012 වසරේ අගෝස්තු 22 වැනි දා සීඅයිබී 2 147/61 අංකයෙන් පොලිස් මූලස්ථානයට එම පැමිණිල්ල කර ඇත. ඉන් අනතුරුව පොලිස්පති විසින් එහි විමර්ශන කටයුතු රහස් පොලිසියට පවරා ඇත. මේ වන විට පුද්ගලයන් හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
මෙම මුදල් ගනුදෙනුව ගැන දේශපාලකයන් හා ව්‍යාපාරිකයා අතර සිදුවන කතාබහ ඇතුළත් හඩ පටි පවා පොලිසියට ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නැයි ව්‍යාපාරිකයාට දුරකතනයෙන් මරණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන ද 2013 අප්‍රේල් 20 වැනි දා හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇමතුම ලබා දුන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.
ගනුදෙනුවට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් රජයේ බ්‍රභල ඇමැති වරයකුගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධී කරන ලේකම් ලෙස එම අමාත්‍යංශයේ නම ද භාවිතා කර විසිටින් කාඩ්පතක් සකස් කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
රහස් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර වසර එක හමාරක් පමණ වුවත් මේ වන තෙක් සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හෝ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිසිවකු අත්අඩංගුවට ගෙන හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යකඩ ගනු දෙනුව මළකඩ කයි
චන්ද්‍ර වීරසිංහ Monday, 02 December 2013 10:43 AM
ඔයි, නිකන් කෑ කෝ ගහන්නේ නැතිව ඉන්නවලා!! අපි තුන් දෙනා මොන තරම් වෙහෙස උනාද.?යකඩ මීයෝ කැවා දැන් වෙන අතක් බල ගන්නවා. (ස)
රූපවතී Monday, 02 December 2013 10:56 AM
ඇත්තටම ..ගමේ බණ්ඩා වගේ පොඩි මිනිහෙක් ඔය දේ කළා නම් ..? ජීවිත කාලෙට හිරබත් කන්න තිබුනා ? අපේ වගකව යුත්තොවත් මේවා නොදකින්නේ ඇයි.ලොකු මිනිස්සු හොරා කන්නේ දුප්පත් මිනිහගේ සල්ලි ..? මේවා ලොක්කෙකුගෙ මුදල්ම උනානම් .දඩුවම් ලැබෙනවා ඉහලින්ම ...? (ස)
ලුම්බිණි Monday, 02 December 2013 11:10 AM
ඒ වුනාට කියන්නේ නම් තනතුරු ගැන නොබලා හැමෝටම එකම විදියට දඬුවම් කරනවා කියල නේ. (ස)
මහී Monday, 02 December 2013 11:10 AM
පහුගිය කාලේ තවත් යකඩ හොරෙක් හිටියා දැන් කාටවත් මතක නැතුව ඇති.උසාවියෙන් කී පාරක් වරෙන්තු කරද එයාව .කෝ ඇල්ලුවද.ඔය අපුරුවට ඉන්නේ. (ස)
කින් බෙනට් Monday, 02 December 2013 11:33 PM
අනේ! ගම්පහ අපිට සරණ වෙන්න! (නි)
සජී Monday, 02 December 2013 05:10 PM
අපේ අහවලාට නම් මොනවත්ම කියන්න එපා. (නි)
උපාලි Monday, 02 December 2013 11:23 AM
මොකට කරදර වෙනවද, බුලත් කෙල ගහන ගැමියෝ අල්ලලා උසාවි දානව වගේ වැඩ ලේසියි මේ වගේ වැඩවලට වඩා. (ස)
පාලින්ද Monday, 02 December 2013 05:45 PM
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
පෙරේරා Tuesday, 03 December 2013 12:31 AM
ලංකාවේ මැති ඇමතිවරුන්ට රටේ නීතියක් බලපායිද? (නි)
සත්‍යා Tuesday, 03 December 2013 12:38 AM
රටකට ගිය කල! කාට කියන්නද ? (නි)
ලලිත් Monday, 02 December 2013 12:05 PM
අර අහවල් යකඩ හොරා වරෙන්තු තියෙද්දී පොලිසියේ ලොක්කෝ එක්ක ඔය අපූරුවට එකට ඉන්නෙ. (ස)
රූපා Monday, 02 December 2013 06:31 PM
සුප්‍රසිද්ධ කෙනෙක් වගෙයි (නි)
සරත් Monday, 02 December 2013 06:48 PM
දැන්වත් හිතලා බලන්න (නි)
විමල් Monday, 02 December 2013 07:04 PM
එයාලට හැමදාම පිහිටයි! ආරක්ෂාවයි! (නි)
දයා Monday, 02 December 2013 07:20 PM
රහස් පොලීසියේ අයට දඬුවම් නොදීමත් මට තවත් ප්‍රශ්නයක්. (නි)
දයා Monday, 02 December 2013 07:35 PM
මිනීමැරීම් මංකොල්ලකෑම් දුෂණ වංචා තර්ජනය කිරීම් සහ නොයෙකුත් හිරිහැර කිරීම් දේශපාලකයින් සමග එම අනුගාමිකයින් විසින් කිරීම විශාල වශයෙන් වර්ධනය වී ඇත.මෙම වර්ධනය වීම සමහරවිට වැරදීමෙන් ආර්ථික වර්ධනය වැඩිවී ඇතැයි කිවුවාද මන්දා (නි)
කුසුම් Monday, 02 December 2013 02:16 PM
යකඩ ගනුදෙනුව මලකඩ කෑම කෙසේ වෙතත් ලොකු ලොක්කන්ගේ මොල ගෙඩි ටික නම්, ක්‍රියා නොකරම තිබිලා මලකඩ බැඳිලා තියන බව තමයි අපට නම් වැටහෙන්නේ. ජනතාවගේ නම් ඉතින් මොළ ගෙඩි ගුල්ලෝ ගහලනේ. නැත්නම් ඉතින්, මේ විදිහටම මේ සිදුවෙන වෙන දේවල් ක්ෂණිකයෙන් අමතක වෙන්නේ කොහොමද??? (ස)
ජයා Monday, 02 December 2013 03:10 PM
රූපවති, කියන්නකෝ බලන්න දන්න වග කිව යුත්තෙක් ඉන්නවා නම්, අඩු ගනනේ එක්කෙනෙක් හරි. (නදී)