IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මේ සැරේ බැරිවුණොත් ලබන ජනාධිපතිවරණයේදී බලාගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 ක්‍රිකට් ආයතනයේ  ප්‍රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මට ඕන මේක ඉවර වෙන්න. විගණන වාර්තාව අනුව ඔප්පු වූ හොරකම් කරපු තක්කඩි දූෂිත රැළ ගෙදර යවන්න. ක්‍රිකට් එක පල්ලෙහාට දාපු දූෂිත රැලට ඒ වගකීම පවරන්න. ඒක දැන් කරන්න බැරිනම් මීළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා" යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පැවසීය.

'ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කිව්වේ මොකක්ද? දූෂණය නැති කරන්න ඕන කිව්වා. එහෙනම් දූෂණය නැති කරන්න කටයුතු කරන මට එරෙහිව කටයුතු කරන්නෙ ඇයි? මම හැමදාම රොෂාන් රණසිංහ. ඇමතිවරයෙකු විදිහට මගේ ආරක්ෂාව කොහොමද?මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා. අවශ්‍ය නම් යතුරු ටික ඔක්කොම දෙන්නම්.  පරික්ෂා කරන්න. මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මගේ බිරිඳ දරුවො වෙනුවෙන් මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න.සරණාගත වීසා එකක් ඉල්ලගෙන වෙනත් රටකට පනින්න මම සූදානම් නැහැ.

සරණාගත රැකවරණ දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් පැවසීය.

මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකියන්න වේවි යැයි ද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය.

"මේවා හැන්සාඩ් එකෙන් කපන්න එපා. 134 ක් ඡන්දය දුන්නේ මේ විදිහට අපෙන් පළිගන්නද?ඒ ප්‍රශ්නය තියෙනවා. සාගල රත්නායක කියන්නේ මොකෙක්ද?මේ විදිහට ගහනවා කැබිනට් නියෝගයක්. මේක දන්නෙ නැහැ කැබිනට් එකේ හිටපු ඇමතිවරු. දූෂණ අක්‍රමිකතා වලක්වන්න ක්‍රීඩා පනතින් ඇමතිට බලතල දීලා තියනවා. බලන්න විගණන වාර්තාව.විගණන වාර්තාවේ දූෂණ බලන්න. අපිට හොරු රකින්න බැහැ. පනතින් දීපු බලය. කැබිනට් එක කියනවා අතුරු කමිටු පත් කරන්න එපා කියල. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕන කියනවා.යනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා කීය.



අදහස් (10)

මේ සැරේ බැරිවුණොත් ලබන ජනාධිපතිවරණයේදී බලාගන්නවා

Nimal Monday, 27 November 2023 12:54 PM

ජනතාව ඔබතුමා සමගයි...

:       10       48

Rata Perata Monday, 27 November 2023 01:07 PM

අපි නම් දන්නවා .සාගල කියන්නේ සා ගලක් කියලා.එහෙම අයට රනිල්ගේ සැලකුම් වැඩියි

:       13       58

Lal Monday, 27 November 2023 01:27 PM

මූ ඔක්කොම වැඩේ නාගෙන .. දැන් කියවනවා ... වැඩේට වඩා වීරයා වෙන්න දැගලුව ... ඕව මොලෙන් කරන්න ඕන දේවල් ...

:       31       34

Bamunuarachchi Tuesday, 28 November 2023 07:17 AM

Lal තමුසේ හයියෙන් වාඩිවෙන්න එපා මොලේ තැලෙයි.

:       0       0

Saranga Monday, 27 November 2023 01:54 PM

පැහැදිලිවම, පිනා ඉන්නකන් ක්‍රිකට් ආයතනයේ හොරු එළවන්න ලැබන්නේ නැහැ.. සල්ලි කොතැනද තියෙන්නේ පිනාගේ සපෝර්ට් එක එතැනට ලැබෙනවා...!

:       7       40

Perera Monday, 27 November 2023 02:04 PM

මෙයා මේකෙන් ලකුණු දාගෙන ලබන ජනාධිපතිවරණයට එන්න වගේ සූදානම...

:       23       23

City Monday, 27 November 2023 02:31 PM

දේශපාලනයට ඔබ ළදරුවෙක්..! 

:       9       18

Nimal ... Monday, 27 November 2023 02:46 PM

කොහොමත් මීළඟ මැතිවරණයේදී ඔය කොයි කොයි අප්පුහාමිලා ගැනත් ජනතාව මීටරෙන් ඉන්නේ. අප්පුහාමිලාගේ සල්ලි වලින්ම සේරම වෙයිද කියලා බලමුකෝ...!

:       1       21

ranfer Monday, 27 November 2023 03:46 PM

ළමා දේශපාලනය...

:       2       9

Sugath Dissanayaka Tuesday, 28 November 2023 03:18 AM

රනිල් ජනාධිපති කරන්න ඡන්දෙ දීපු 134 න් එක්කෙනෙක් නේද​? කියන්න වචන නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට
2025 මැයි මස 15 30 0

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.


කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 239 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 242 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 67 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 497 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 660 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1472 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site