මේ වසරේ මුල් මාස 11 දී විදෙස් සංචාරකයින් පහලොස් ලක්ෂ අනූදහසකට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රීලංකා සංචාරක අධිකාරිය පවසයි.
පසුගිය වසර හා සැසඳීමේදී මෙය සියයට 18.1 ක වර්ධනයක් බව සංචාරක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.
එම වාර්තාවට අනුව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය සහ ජර්මනියෙනි.
නොවැම්බර් මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හතර දහස් එකසිය හැත්තෑ හතර දෙනෙක් බවද එම වාර්තාවේ සඳහන්ය.ඔවුන්ගෙන් බහුතර ඉන්දියා ජාතිකයෝය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වසරේ ලංකාවට වැඩි සංචාරක මනාපයක්
පෙරේරා Friday, 25 December 2015 06:18 AM
විදෙස් රටවල්වල පුරවැසිභාව අරන් ඉන්න ලංකාවේ අය විදෙස් ගමන් බලපත් වලින් ලංකාවට ඇතුළුවෙනකොට ඒ අයත් විදේශිකයෝ විදිහට ගණන් ගන්න එකනේ වැඩේ. (කෞ)
චන්දු Friday, 25 December 2015 08:43 AM
මේ ළඟදි උදේ මම දැක්ක නැගෙනහිර යුරෝපීය සංචාරක යුවලක් බම්බලපිටියේ බේකරියකින් සීනි බනිස් උදේ ආහාරයට ගන්නවා. සංචාරක ඔලු ගෙඩි ගණන් කරලා විතරක් මදි. ඔවුන් ගෙනෙන මුදල පරීක්ෂා කරලා බැලිය යුතුයි (අ)
සංජීව Friday, 25 December 2015 08:56 AM
මමත් කරන්නේ සංචාරක ව්‍යාපාරය තමයි.නමුත් ගියවසරට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන් අඩුයි . හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා .මම හිතන්නේ ආණ්ඩුව රට ඉදල එන ශ්‍රී ලංකා අයත් සංචාරකයන් හැටියට ගණන් කරලා වගේ.නැතිනම් වැලේ වැල් නැති සංචාරකයන් ඇවිත් වෙන්නේ ඕනේ බස් එකෙන් ගිහිල්ල සයිවර් කඩෙන් කන අය? (අ)
එරන්ද Thursday, 24 December 2015 05:06 PM
ඉන්දියාවෙන් එන සමහර සංචාරකයින් කරන දේවලුත් අපි දන්නවනේ (නි)
නාලක Thursday, 24 December 2015 11:23 PM
නිවැරදි තක්සේරුවකට ඇවිල්ලා, 'මොන රටවල් වලට මොනවද ප්‍රචාරණය කරන්න ඕනෑ, වැදගත් වන්නේ මොන විදියේ සංචාරක සේවාද' කියලා හරියට සැළසුම් කරන්න (නි)