IMG-LOGO

මේ රැකියාව පිළිබඳව සමාජය තුළ අවබෝධයක් නැහැ

2016-06-13-ent-40

නව පරපුර අතර ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන අනුෂ්කා නිරංජි මෙවර "සාරවිට" තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. මීට වසර කිහිපයකට පෙර නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට එක්වූ අනුෂ්කා, ඉදිරියේදී රංගනයට පිවිසීමේ බලාපොරොත්තුවකින්ද සිටියි. දැනට වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම දකින ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව අපට මෙසේ පැවසූවාය.

 

2016-06-13-ent-30නිරූපිකාවක් වුණේ?

මීට අවුරුදු 3කට විතර කලින්. 2013 අවුරුද්දේ. නික් ජයමහ සර් යටතේ නිරූපණය පිළිබඳව හැදෑරුවා. ඊට පස්සෙ ශ්‍රී ලංකා යූත් එකේ රොසෑන් ඩයස් මහත්මියගේ නිරූපණ ඇකඩමියට සම්බන්ධ වෙලා වැඩිදුරටත් නිරූපණය පිළිබඳව හැදෑරුවා. ඊට පස්සේ තමයි නිරූපිකාවක විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

නිරූපිකාවක විදිහට මේ ගත අවුරුදු කිහිපය ගත්තොත්?

නිරූපිකාවක විදිහට ගත කළ කාලය ගැන ගොඩක් සතුටු වෙනවා. නමුත්, නිරූපිකාවක කිව්වාහම අද සමාජය බලන විදිහ ගැන ටිකක් දුක හිතෙනවා. නිරූපණය කියන රැකියාවේ වරදක් නැහැ. ඒත්, මිනිස්සු ඒ රැකියාව ගැන හිතාගෙන ඉන්න විදිහ තමයි වැරැද්ද. ඇත්තටම මේ රැකියාව ගැන අද සමාජය තුළ අවබෝධයක් නැහැ.

 

නිරූපිකාවක වෙන්න හිතුවේ ඇයි?

පොඩි කාලෙ ඉඳලාම කලාවට මම ගොඩක් ආසයි. ඒත්, ගණකාධිකාරියෙකු වෙන්න තමයි මම ඉගෙන ගත්තේ. ඔය අතරේ මට නිරූපණය පැත්තටත් පුංචි ආසාවක් තිබුණා. ඒ හින්දා තමයි නික් සර්ගේ, රොසෑනා මහත්මියගේ ඇකඩමිවලට සම්බන්ධ වුණේ. ඊට පස්සෙ එකවුන්ටන් කෙනෙක් වෙන හීනේ එහෙම් මම මග ඇරුණා.

 

දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?

ඔව්. අනිවාර්යයෙන්ම. මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් ආදරේයි. ඒ වගේම මම සතුටු වෙනවා නිරූපිකාවක විදිහට අද මේ ක්ෂේත්‍රය තුළ යම් තැනකට ඇවිල්ලා ඉන්න එක දැකලා. නමුත්, අපිට හැමදාම නිරූපිකාවක විදිහට කටයුතු කරන්න බැහැ. ඒකට යම් කාලසීමාවක් තියෙනවා. ඒනිසා මගේ පුංචි අදහසක් තියෙනවා ව්‍යාපාරික කටයුත්තකට අතගහන්න. මම ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් ඕනනේ.

 

රංගන පැත්තට යොමු වෙන්න ආසාවක් නැද්ද?

ඒ පැත්තටත් යොමු වෙන්න ආසයි.

 

දැනට ආරාධනා ලැබිලා නැද්ද රංගනයට?

මම ටෙලිනාට්‍යයවලට සම්බන්ධ වෙලා හිටියා. මියුසික් වීඩියෝ එහෙමත් මම කරලා තියෙනවා. ළඟදී නම් නාට්‍යයවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද නිරූපිකාවක විදිහට කාර්යබහුල වුණ නිසා. ඉදිරියට රංගනය පැත්තට යොමු වෙන්න අදහස් කරමින් ඉන්නවා.

 

සම්බන්ධ වෙලා හිටිය කලා කටයුතු මොනවද?

මියුසික් වීඩියෝ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ අතරින් "දෙරණ ඩ්‍රිම් ස්ටාර්" තරගාවලියේ ජනප්‍රිය වුණ නිලුපුලී දිල්හාරා ගායනා කළ "අයියණ්ඩියේ නුඹේ සිනා" කියන ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. අද වුණත් දෙරණ රූපවාහිනි නාළිකාවේ මේ ගීතය දකින්නට ලැබෙනවා. ඊට අමතරව ටෙලිනාට්‍යය හා වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා.

 

නිරූපිකාවක් වෙන්න උදව් කළ අය?

පළමුවෙන්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ අයව. ඊට පස්සෙ මගේ මිතුරු මිතුරුයන්ව. නික් සර් වගේම රොසෑන් මහත්මියවත් කෘතවේදීව මතක් කරනවා. දැනට මම වැඩ කරලා තියෙන ඡායාරූප ශිල්පීන් සියලු දෙනාවමත් මාව හැඩගැන්වූ සියලු දෙනාවත් විශේෂයෙන්ම මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - අනුෂ්කාගේ ෆේස්බුක් ගිණුම

 

2016-06-13-ent-45
2016-06-13-ent-44
2016-06-13-ent-43
2016-06-13-ent-42
2016-06-13-ent-41
2016-06-13-ent-39
2016-06-13-ent-38
2016-06-13-ent-37
2016-06-13-ent-36
2016-06-13-ent-35
2016-06-13-ent-34
2016-06-13-ent-33
2016-06-13-ent-32
2016-06-13-ent-31
2016-06-13-ent-38



අදහස් (0)

මේ රැකියාව පිළිබඳව සමාජය තුළ අවබෝධයක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site