පළමු රන්දෝලි පෙරහර පැවැත්වෙන 13 වැනිදා දළඳා වහන්සේ උදෙසා ආදි වාසින් විසින් සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාවට මෙවර ආදි වාසීන් 80 ක් පමණ සහභාගි වන බව වැදි නායක උරුවරිගේ වන්නිලා ඇත්තන් පැවසීය.
‘ මා නායකත්වයට පත් වු දා සිට දළදා වහන්සේ උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව 18 වැනි වතාවට මේ වසරේදිත් ඉටු කරනවා‘ යැයි කී ඔහු පුරානයේ විදේශිය ආක්‍රමන මෙරටට ඇතිවු අවස්ථාවලදි දලදා වහන්සේ ගල් ගුහා කැලැවල සගවා ආරක්ෂා කරගත් අවස්ථාවන් වලදි දළදා වහන්සේට අල වර්ග,ධාන්‍ය,මී පැනි වලින් පුද පුජා පවත්වමින් පුරාණයේ සිට ආදිවාසින් එම චාරිත්‍රයන් රැක ගත් බවත් එම චාරිත්‍රය වත්මනයේදිත් නොකඩවා කිරිම ආදි වාසින් හැටියට ඉතාමත් ආඩම්බර බවත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මී පැණින් දළඳා පුදන්නට ආදි වාසීහු සැරසෙති
ඉන්දු Thursday, 11 August 2016 10:52 PM
ඇත්තෙන්ම ඔබ අපට ආඩම්බරයක්. (නි)
යෝනක Friday, 12 August 2016 01:37 AM
මේ මිනිසුන්ගේ උදාර හැඟීම් වලට මම ගරුකරමි (නි)
අනුරාධ Thursday, 11 August 2016 03:42 PM
ඔබ අපටත් අප රටටත් සම්පතක්.(බ)
මලික් Thursday, 11 August 2016 04:57 PM
මේ සම්පත අපි ආරක්ෂා කරගත යුතුය (නි)
හේවා Thursday, 11 August 2016 05:04 PM
අපේම ආදිවාසීන්ව සමච්චලයට පත්කරන අද ඉන්න තරුණ තරුණියන්ට අපේ ඉතිහාසය ගැන අල්ප මාත්‍රයකින්වත් දැනුමක් ලබාදීමට යම් කිසිවෙක් ඉදිරිපත් වේවා (නි)
නිමල් Friday, 12 August 2016 03:59 AM
තම තමන්ගේ චිරාගත සම්ප්‍රදායන් අකුරටම රැකගනිමින් තවමත් මහා වනයක සිට සිදුකරන මේ ආගමික පුජෝපහාරය ඉතාමත් ප්‍රශංසනීය වේ. නායකතුමනි, ඔබට දීර්ඝායු වේවා! (නි)
අබරන් Friday, 12 August 2016 04:30 AM
අහිංසක මිනිස්සු .....අන්තිමේදී දුක් මහන්සිවෙලා එකතු කරපු මී පැණි පරිභෝජනය කරන්නේ කවුද?මට නම් දළදා හාමුදුරුවෝ වලදිනවා කියල කියන්න අමාරුයි.... (ම)
අකිල Friday, 12 August 2016 07:39 AM
මේ පූජාව කරන්නේ දළදා හාමුදුවන්ට. දෙයක් දුන්නට පස්සේ ඒ ගැන නැවත නැවත මේ මිනිසුන් මෙනෙහි කරන්නේ නැහැ. (හේ)
නුවන් Friday, 12 August 2016 07:52 AM
මේ සඳහා අදීවාසීහූ කොපමණ වෙහෙසෙනවාද?(හේ)
අනුරාධ Thursday, 11 August 2016 02:02 PM
ඔබලාගේ චාරිත්‍ර ඉතා ප්‍රසංශනීයයි. (බ)