IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මේ දරුවාට පිහිට වෙමු

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිටිය දී දෙපා පණ නැති වු තුල්හිත් කිෂාන් දරුවා(13) අද ඔත්පලව ඇඳක් මතට වී සිටියි. එසේ වුව ද ඔහු තම ඉගෙනීමේ ආශාව අතහැර  නැත. සිය එකම සොයුරිය වූ අක්කාගෙන් පාඩම් වැඩ අසා ගන්නා තුල්හිත් අක්කාගෙන් ජපන් බස ද ඉගෙන ගත්තේය. දැන්  අක්කාට ජපන් බස ගැන යම් යම් දේ කියා දීමට තරම් දක්ෂයෙකි. තුල්හිත් අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබිය යුතු වුව ද ඔහුට පාසල් යාමට හැකියාවක් නැත.

තුල්හිත්ගේ මව ශිරෝමි විජේරත්න මහත්මිය (43) හා පියා එච්.කේ.ප්‍රියන්ත ජයදේව (47) දෙදෙනාට ද ස්ථිර රැකියාවක් නැත.  වරායේ සේවකයකු වු ජයදේව මහතා  තුල්හිත්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට  නිවාඩු ගැනීමට සිදුවීම නිසා රැකියාව අහිමි වී ඇත.

ඉන්නට හරිහැටි නිවසක් හෝ නොමැති මේ යුවල තම දරුවන් දෙදෙනා සමග දිවිගෙවන්නේ ගාල්ලේ කලේගානේ කුලියට ගත් නිවෙසකය. කලේගානේ පාරම්පරික ලී කැටයම් පවුලකින් පැවත එන ජයදේව දැන් තමන්ට හැකි පමණින් ලී කැටයම් නිෂ්පාදනයේ යෙදී සිටිය ද ඉන් ලැබෙන ආදායම ඔවුන්ට ජීවත් වීමට හෝ ප‍්‍රමාණවත් නැත.

මවගේ ගිනුම් අංකය - ජී.එච්.ශිරෝමා එල්කාන්ති විජේරත්න 06133450864-101 සෙලාන් බැංකුව - ගාල්ල ශාඛාව

P1020338

 002 003 004 P1020343 P1020345 P1020346 P1020349

 



අදහස් (0)

මේ දරුවාට පිහිට වෙමු

හෂාන් Friday, 15 August 2014 06:04 PM

අපි සියලු දෙනාම හැකි අයුරින් උපකාර කරමු (නි)

:       0       0

මලානි Thursday, 14 August 2014 06:57 PM

දුරකතන අංකයක් දෙන්න බැරිද? (නි)

:       0       0

රොචෙල් Thursday, 14 August 2014 04:17 AM

පව් ලස්සන ළමයෙක්. අපි පුළුවන් පුළුවන් විදියට උදව් කරමු (නදී)

:       0       0

ඩයස් Thursday, 14 August 2014 04:29 AM

ගිණුමේ නම කාරුණිකව දන්වන්න. (නි)

:       0       0

ප්‍රියංග Thursday, 14 August 2014 10:42 PM

සුව කළ හැකිද? ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? (නි)

:       0       0

ජයන්තික Thursday, 14 August 2014 11:25 PM

මේ දරුවාට තුණුරුවන්ගේම පිහිට ලැබේවා! (නි)

:       0       0

නුවන් Thursday, 14 August 2014 11:29 AM

මේ ලිපිය බලන වෛද්‍ය වරයෙක් ඉන්නවනම් පුළුවන් උදව්වක් කරන්න මේ දරුවට මොකක්ද වෙලා තියෙන්නේ බලල! (දී)

:       0       0

සරත් වීරසේකර Friday, 15 August 2014 03:29 AM

උදව් කල හැක. සම්බන්ද කරදෙන්න (නදී)

:       0       0

නෙහාරා Thursday, 14 August 2014 12:16 PM

මෙය කියවන කෙනා අඩුම ගානේ රුපියල් 100 ගානේවත් උදව් කරන්න (නදී)

:       0       0

රූපවතී Friday, 15 August 2014 04:59 AM

අපි හැමෝම උදව් කර ඒ දරුවාගේ දෙමාපියන්ව දැනුවත් කරමු වෛද්‍යවරයෙක් වෙත දරුවාව රැගෙන යන්න. අනේ දෙවියනේ මේ ගහක් ගලක් මෙන් සිටි දරු පටියට මොකද උනේ. මෙහෙම උනේ ඇයි කියලා වෛද්‍යවරු කීවේ නැතිද .? අපිට හැකි අයුරින් උදව් කරමු. මගේ මුළු ගතම වෙව්ලාගෙන ගියා ඒ දරුපැටියගේ හැටි දැක්කාම. අපේ දරුවන්ට නිරෝගී සුවය සදා කල්හිම ලැබෙනවා අපි මේ දරුවාට උදව් කරන පිනෙන්. හිතවත් සොයුර සොයුරියනේ ඔබ හැමෝම යම් කිසි ආදරයක් කරන්න මාද මුදලක් ඔවුන් වෙත යවමි (නදී)

:       0       0

රූපවතී Friday, 15 August 2014 05:01 AM

ලංකාදීපයට ගොඩාක් පින්. මට ඔවුන්ගේ දුරකථන අංකයක් ලබාදෙන්න කරුණා කරලා. (නදී)

:       0       0

මොහාන් Thursday, 14 August 2014 02:09 PM

ඔබලාට පුළුවන් හැටියට උදව් කරන්ඩ ඔබලා සියලු දෙනාටම දෙවි පිහිටයි (දී)

:       0       0

කුමාරි නුවරපක්ෂ Friday, 15 August 2014 06:18 AM

හැමෝම උදව් කරන්න මේ දරුවට (නදී)

:       0       0

ලලිත් Wednesday, 13 August 2014 11:25 PM

පුලුවන් තරම් අපි උදවු කරමු (නි)

:       0       0

රසිකා Thursday, 14 August 2014 04:32 PM

අපි උදවු කළ යුතුමයි (නි)

:       0       0

රමිලා ආසිිරි Thursday, 14 August 2014 02:23 AM

මේ දරුවන්ට උදව් කරන්න මිතුරනි (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 14 August 2014 02:55 AM

මේ වාගේ ළමයින්ට අපි උදව් කළ යුතුයි (නදී)

:       0       0

මාලනී Thursday, 14 August 2014 05:20 PM

හැමදෙනාම එක්වී උදවු කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1524 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 411 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 643 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1162 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 738 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 979 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site