IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මං තීරු නීති කැඩූ 725 කට නඩු

අද උදේ 6.00 සිට සවස 4.00 දක්වා කොළඹ නගරයේ මාර්ග කිහිපයක හා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 725කට එරෙහිව නඩු පවරන බව පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  මහතා  කියයි.

අද සිට ධාවන තීරුව අනුගමනය නොකරන රියදුරන්ට නඩු පවරන බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මාර්ග තදබදය අඩු කිරිමට මේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.

vlcsnap-2015-11-26-18h49m39s952 vlcsnap-2015-11-26-18h50m57s681 vlcsnap-2015-11-26-18h53m48s769 vlcsnap-2015-11-26-18h53m58s148 vlcsnap-2015-11-26-18h54m21s269



අදහස් (0)

මං තීරු නීති කැඩූ 725 කට නඩු

විකුම් රංගන Thursday, 26 November 2015 05:36 PM

ගොඩක් හොඳ වැඩක්. විනයක් නැති රියදුරන්ට හොඳට දඩ ගහන්න ඕනා. විශේෂයෙන්ම මෝටර් සයිකල් රියදුරන්ට සහ ත්‍රි වීලර් රථ රියදුරන්ට. එහෙම නැතිව මේ අයව හදන්න බැහැ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන චන්ඩි රියදුරන්ට දෙගුණයක් දඩ ගහන්න ඕනා.(රේ)

:       0       0

කසුන් Thursday, 26 November 2015 05:37 PM

බොහොම හොඳියි . සමහරු යන්නේ හරක් වගේ . හයිබ්‍රිඩ් පදින අයට අවම වේග සීමාවක් දුන්නනම් තවත් හොඳයි.(රේ)

:       0       0

හරිස්චන්ද්‍ර Thursday, 26 November 2015 06:22 PM

ඉතා හොඳ වැඩ පිළිවෙලක්.මාර්ග නීති අනුගමනය නොකරන සියලුම රියදුරන්ට දඩ ගැසීම අනිවාර්ය කලයුතු වේ. (රේ)

:       0       0

ලුම්බිණි Thursday, 26 November 2015 11:35 PM

මීට වැඩිය කළයුතු දේවල් අපමණයි. අනික මේකට අහුවෙන්නෙත් සාමාන්‍ය මිනිසුන්. මාර්ග නීති ප්‍රසිද්ධියේ කඩන ලොකු ලොකු අයට මේවා බලපාන්නේ නැහැ. (නි)

:       0       0

සමරසේකර Friday, 27 November 2015 12:27 AM

හරිම අගෙයි. මේක ඉක්මනින් මහනුවරටත් කරන්න ඕනෑ. චාරයක් නැති රියදුරන් දැන් නුවරත් වැහිවැහැලා. (නි)

:       0       0

ඉමේෂ් Friday, 27 November 2015 01:55 AM

මේක නම් හොඳ වැඩක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 27 November 2015 01:56 AM

හරිම අගෙයි කියන අයට තේරෙන්නේ නැහැ, මෙවැනි නීතියට හසුවෙන්නෙත් තමන් වගේ අසරණයන් කියලා. (නි)

:       0       0

ප්‍රබෝධ Friday, 27 November 2015 02:25 AM

හොඳ වැඩක්. රෑට වෙන වාහනයක් ඉස්සරහට එද්දී 'හෙඩ් ලයිට්' ඩිම් කරන්නේ නැතුව යන වාහන වලටත් දඩ ගහන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 27 November 2015 02:29 AM

විනයක් නැති රියදුරන් මට්ටුකරන්න හොඳම වැඩක්. (නි)

:       0       0

අමල් Monday, 30 November 2015 07:32 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

සුමනපාල Friday, 27 November 2015 03:32 AM

මුලික හේතුව විනයක් නැතිකම. දියුණු රටවල මිනිස්සු මාර්ග නීති පිළිපදින්නේ ගොඩක් දුරට විනය නිසා. එවැනි මිනිසුන් නැති රටවලට තද නීති අවශ්‍ය වේ. (නි)

:       0       0

ධනුක Friday, 27 November 2015 04:03 AM

ඔය ලොකු ලොකු අදහස් දාලා තියන කට්ටිය බස්,කෝච්චි වල යන අය වෙන්න ඇති. ලොකු ලොකු වාහන වල යන අය අඩුමගානේ තනි ඉර කැපුවත් දඩ නැහැ. පොලීසිය ඒ පැත්ත බලෙන්නෙත් නැහැ. පොඩි වාහන පදින අපිට තමා ඔය නීති ඔක්කොම. පොලීසිය ලොකු වාහන නැවැත්තුවහම වාහනේ ළඟට ඇවිල්ලා ලයිසන් බලනවා. ලොරි,බයිසිකල් , ත්‍රීරෝද නැවැත්තුවහම අපි බැහැලා පොලීසිය ළඟට ලයිසන් අරගෙන යනවා. නීතිය හොඳයි සැමටම එක නම්. (නි)

:       0       0

ලකී Thursday, 26 November 2015 12:56 PM

දැන්නම් හොඳටම සනීපයි. මේක කරගන්න නේද දැඟලුවේ. (ස)

:       0       0

මනෝජ් Thursday, 26 November 2015 01:17 PM

ලකී, ඔබ කියන්නේ මාර්ග නීති ක්‍රියාත්මක නොකර ඉන්න කියලද? නීතියක් නැතුව ඉඳලා නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒකට හැඩගැහෙන්න අමාරුයි වගේ. මේක මෙච්චරකල් නොකළ එකයි වැරැද්ද. ඔයත් පාරේ යන එන කෙනෙක් නම් ඇස් ඇරලා බලන්න වාහන පාරේ යන විදිය. අනිවාර්යෙන් මොන ආණ්ඩුව තිබුණත් නීති ක්‍රියාත්මක කළයුතුමයි. (නි)

:       0       0

ඉෂාන් Thursday, 26 November 2015 01:21 PM

ලකී, ඇයි මේක නරක වැඩක්ද? මෙහෙමත් මෝඩ මිනිස්සු...! ඒකටත් දේශපාලනය ගාවාගන්නවා... (නි)

:       0       0

මුණසිංහ Thursday, 26 November 2015 01:28 PM

මුළු රටේම මෙය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

බණ්ඩාර Thursday, 26 November 2015 01:26 PM

ලකී, නීතිය ක්‍රියාත්මකවෙන එකද ගැටලුව? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 26 November 2015 01:35 PM

පළමු දවසේ නිසා අවවාද කරලා යවන්න තිබුනනේ (නි)

:       0       0

රතුගම Thursday, 26 November 2015 01:38 PM

ඔය නීතිය වලංගුත් සිවිල් ජනතාවට විතරයි නේද? ඕකත් අනිත් ඒවා වගේම මැති ඇමතිවරුන්ට වලංගු නැහැ නේද? මේ අසිරිමත් ලංකාවේ අපේ නීතිගරුක පොලිසිය මාර්ගනීතී කඩකළා කියලා ගිලන් රථයකට දඩ ගැහුවත් ඇමති වාහනයකට නම් නඩු දාන්නෙම නැතිවෙයි (නි)

:       0       0

රොෂාන් Thursday, 26 November 2015 01:40 PM

ලකී ඇයි මේකෙ මොනවාහරි වැරැද්දක් තිබෙනවද? මංතීරුවක් අනුගමනය කරන්නේ නැතුව රිය පදවන එක නිසා අනික් අයගෙත් කොච්චර වෙලාව නාස්ති වෙනවද? මේක නම් හොඳම දෙයක් (නි)

:       0       0

සචිත් Thursday, 26 November 2015 01:49 PM

ඇති යාන්තම්! ප්‍රමාදවෙලා හරි මේ වැඩේ ක්‍රියාත්මක වුණා. (නි)

:       0       0

ජනක Thursday, 26 November 2015 02:11 PM

ඔහොම යමු. (නි)

:       0       0

යටවත්ත Thursday, 26 November 2015 02:27 PM

බොහොම හොඳයි (නි)

:       0       0

චන්න බුවනක Thursday, 26 November 2015 02:32 PM

මේක තරාතිරම නොබලා කරන්න ඕනෑ දෙයක් (නි)

:       0       0

හේමා Thursday, 26 November 2015 02:45 PM

දඩ ගහලා හරි, නඩු දාලා හරි ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය හදන්න ඕනෑ. සමහරු වාහනය අතට ගත්තහම සත්තු වගේ පාරේ යන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 26 November 2015 03:01 PM

අපිට දැන් වෙලා තියෙන්නේ රුපියල් 5000 ක් දුම් පරීක්ෂණයට වෙන්කරලා, ආදායම් බලපත්‍රයට තවත් රුපියල් 5000 ක් වියදම් කරලා, තවත් රුපියල් 15000 ක් විතර රක්ෂණයටත් වියදම් කරලා ලස්සනට ගේ ඉස්සරහා කාර් එක නවත්වලා තියන්න. කොහොමද යහපාලනයෙන් අපිට දැනෙන සනීපය? (නි)

:       0       0

දේවප්‍රිය Thursday, 26 November 2015 03:05 PM

මේක හොඳ තීරණයක්.(හේ)

:       0       0

දේවානන්ද Thursday, 26 November 2015 03:05 PM

මේකනම් හොදම තීරණයක් මොකද කලබල කාරයන්ට මේ දේ නිසා පහරක් වැදෙනවා.(හේ)

:       0       0

තිලක් Thursday, 26 November 2015 03:06 PM

දැන් කොහොමද?.තව ටික දවසකින් පොඩි පාරකවත් යන්න වෙන්නේ නෑ.(හේ)

:       0       0

සේපාල Thursday, 26 November 2015 03:25 PM

හරියට බලලා දඩ ගහන්න.(හේ)

:       0       0

තිලක් Thursday, 26 November 2015 03:23 PM

හොඳ වැඩක්.(හේ)

:       0       0

සමන් Thursday, 26 November 2015 03:30 PM

හොද වැඩක්.ඒත් හරියට තරාතිරම නොබලා කාටත් එක සේ නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)

:       0       0

සංගීත් Thursday, 26 November 2015 03:33 PM

මෙහෙම හරියට දඩ ගැහුවනම් අවුරුද්දට එක වාහනයකින් රු.5000ට වඩා බොහොම ලේසියෙන් හොයන්න පුලුවන්.(හේ)

:       0       0

විකී Thursday, 26 November 2015 03:47 PM

ඉතා හොඳ දෙයක්. මාර්ගවල වාහන තදබදය වගේම විශාල වශයෙන් මාර්ගවල සිදුවන අනතුරු වලටත් මේක හේතුවක්. එකක් පිටුපස එකක් ලෙස වාහන මංතීරු අනුගමනය කරමින් ගමන් කරනවිට සිදුවන අනතුරු සහ ප්‍රමාදයක් අඩු කරගන්න පුළුවන්. මාර්ග සලකුණු, මංතීරු, පදික වේදිකා නිසිලෙස සකස්කර, පාරවල් ‍ වල තිබෙන මරඋගුල් වැනි වළවල් ඉවත් කිරීමටත් පියවරක් ගන්නවා නම් වැඩිය හොඳයි. (නි)

:       0       0

විකි Thursday, 26 November 2015 03:53 PM

ලකී, මේක නම් ඇත්තටම හොඳ දෙයක්. මොකද, පාරේ ඇතිවන බොහොමයක් අනතුරු වලට සහ තදබදයට ත්‍රීරෝද සහ යතුරුපැදි අස්සෙන් රිංගායාම ලොකු පිටුවහලක් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඩයස් Thursday, 26 November 2015 04:06 PM

ඇත්තෙන්ම අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ධම්මි Thursday, 26 November 2015 04:32 PM

තව තව පොලිසි අරින්න ඕන එතකොට ආදායම සරුයි (අ)

:       0       0

ධම්මි Thursday, 26 November 2015 04:28 PM

තව තව පොලිසි අරින්න ඕන එතකොට ආදායම සරුයි (අ)

:       0       0

අකලංක Friday, 27 November 2015 08:28 AM

මෙය රටපුරාම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

පුෂ්ප-ජර්මනිය Thursday, 26 November 2015 05:15 PM

මංතීරු නෙමෙයි මාර්ග නීති හැම එකක්ම කඩකරන හැමෝටම දැඩි දඩ ගසනවා නම් මාර්ග අනතුරු විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීමට හැකි වෙනවා පමණක් නොව රජයට අමතර අදායමක්ද ලැබේවි මාර්ගයන් නඩත්තුව සඳහා ප්‍රයෝජන ගැනීමට. ජර්මනිය වගේ රටවල්නම් මේ නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 502 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site