IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


'මේ ආදරයයි' හරහා රසික සිත් දිනා ගත් රදීශ් වැන්දබෝනා

2016-07-11-ent-61

"රදීශ් වැන්දබෝනා" තනු නිර්මාණකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින අතර ගායකයෙකු ලෙස බොහෝ දෙනා ආදරය කරති. "මේ ආදරයයි" සහ "අනන්තෙන් ආ තරු කුමරා" යන කතාමාලාවන්වල තේමා ගීතයන්වල ගායකයා වන රදීශ්, ඉදිරියේදී ඔහුගේම ඒක පුද්ගල ගීතයක් එළිදැක්වීමට නියමිත අතර, ඒ පිළිබඳව "සාරවිට" ඔහු විසින් කරනු ලැබූ කතාබහකි.

 

අලුත් තොරතුරු ගැන පැවසුවොත්?

2016-07-11-ent-57මගේම කියලා සිංදුවක් මියුසික් වීඩියෝවක් එක්ක එළිදක්වන්න ඉන්නවා. ඊට අමතරව රූපවාහිනි ආයතනවල නාට්‍ය සඳහා ගීත කරගෙන යන අතරම, වෙනත් කලාකරුවන්ගේ ගීත වගයකුත් කෙරෙමින් පවතිනවා.

 

ඔබව බොහෝ දෙනා හඳුනන්නේ කවුරු විදිහටද?

මාව බොහෝ දෙනා හඳුනන්නෙ තනු නිර්මාණකරුවෙකු ලෙසයි. දැනට අවුරුදු 6ක, 7ක, කාලයක ඉඳන් ගීත නිර්මාණය කරනවා. ඉතිං ළඟකදී ඉඳන් තමයි ගීත ගායනය සඳහා යොමු වුණේ.

 

ඔබව ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන්නේ "මේ ආදරයයි" සහ "අනන්තෙන් ආ තරු කුමරා" යන කතාමාලාව තේමා ගායනය නිසා නේද?

ඔව්, මාව ගායකයෙකු ලෙස දැන ගන්නේ මේ නිසා තමයි. මේ සඳහා අවස්ථාව ලැබෙන්නෙ සිරස ආයතනයේම කලින් "ස්වප්නා" නාට්‍යයේ මම සිංදුවක් කරනු ලැබුවා. ඒකේ තනුව සහ සංගීතය කළෙ මමයි. ඒ හරහා තමයි මට සිඩ්නි චන්ද්‍රසේකර තමයි කිව්වේ ගායනා කරන්න කැමති නම් මේ සඳහා සහභාගී වෙන්න. මොකද මම Guide එකක් දාලා යැව්වා Sing කරලා. ඒ සඳහා ඒ අය කැමති වෙලා තමයි මට ගායනයට ආරාධනාව ලැබුණේ.

 

දැනට ඔබේ ඒකපුද්ගල ගීතයන් තියෙනවාද?

මගේ ඒක පුද්ගල ගීත මම එළියට දැම්මෙ නැහැ. මොකද එච්චර ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ගායකයෙක් වෙන්න. කරපු ගීත සඳහා ප්‍රතිචාර තියෙන නිසා ඉස්සරට තමයි ඒක පුද්ගල ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ළඟදීම අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

2016-07-11-ent-60
2016-07-11-ent-59
2016-07-11-ent-58
 



අදහස් (0)

'මේ ආදරයයි' හරහා රසික සිත් දිනා ගත් රදීශ් වැන්දබෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 28 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 843 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site