(යොහාන් භාසුර)
ශ‍්‍රී ලංකාව ඉන්දන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි ලක්‍ෂයක් වැය කරන්නේ යැයි මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පවසයි.
ඉන්දන ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 5000 ක් (රුපියල් බිලියන 1000) වැය කිරීමට සිදුවී ඇති බවත් එම තත්ත්වය ආනයන සහ අපනයන පරතයට වැඩි වීමට වඩාත් බලපෑම් කර ඇති බවත් ජයසුන්දර මහතා කියයි.
ශ්‍රී ලංකාවට විදේශ විනියම ලැබෙන ප‍්‍රධානම අපනයන මාර්ග දෙක වන ඇගළුම් සහ තේ අපනයනයෙන් වසරකට ලැබෙන ශුද්ධ විදේශ ආදායමට වඩා වැඩි මුදලක් ඉන්දන සඳහා වැය වන බවත් එම ඉන්දන බලශක්තිය සහ ප‍්‍රවාහනය සඳහා යොදාගන්නා බවත් ජයසුන්දර මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීසල් වලින් විදුලිය නිපදවීම සම්පූර්ණයෙන් නවතා තව ගල් අගුරු බලාගාරයක් ඉදි කරන්න. තෙල් නිපදවන රටවල් පවා විදුලිය නිපදවන්නෙ ගල් අගුරු වලින්.
ඔය කියන්නේ ආපහු ගොන් කරත්ත භාවිතා කරන්න කියලනේ. හරි සර් වැඩේ පටන් ගමු. කොහොමත් අපි හැටනව ලක්ෂයේ උදවිය නොවැ
ඔය ගමන් ම ණය පොලි කොච්චර ගෙවානවද කිව්වනම් කොහොමද? මට නම් හිතෙන්නේ ලංකාවේ ගැටලුව තියෙන්නේ මුං ඇටවල වත් තෙල්වල වත් වාහන වලවත් නෙවි. අධික විදේශ ණය වල. මේ ණය අරගෙන අපි රට හදන්නේ නැ . අපි පාරවල් කිලෝමිටර ලක්ෂයක් කාපට් කරනවා. ඇති තරම් දේශපලකයන් ට සහ අතරමැදියන් ට වාසි ගන්න. අපි මුං ඇට වලට වලට නොවටිනා මුදලක් ගෙවනවා. දේශීය ගොවියා කියන්නෙත් ව්‍යාපාරිකයෙක් කියල මතක තියාගන්න ඕනේ. ආණ්ඩුව හැම අතින්ම සාමන්‍ය මින්සුන්ව අමාරුවේ දානවා. අපි අපට හිතකර රටක් ඕනේ. කරුමෙට අපි උන්ගේ වහල්ලු වෙලා.
ඉන්ධන සලාක ක්‍රමය හඳුන්වා දෙන්න...
විකල්ප බල ශක්ති වලට යොමු නොවීමේ අරුමය තමයි. ලංකාව වැනි රටකට වඩාත් උචිත සූර්ය බල ශක්තිය ගැන ඇයි අවධානය යොමු නොකරන්නේ. කර්මාන්ත වලට, ගෘහස්ත වලට සෝලා පවර් ලබා ගන්න දිරිමත් නොකරන්නේ ඇයි. අපි කැමතියි අපේ ගෙවල් වලටත් ගන්න. නමුත් හොයලා බලනකොට වියදම රු. ලක්ෂ 25 -30 ක් විතර යනවා. ඇයි මේ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා බදු සහනයක් නොදෙන්නේ. එහෙම කලොත් විද්‍යුත් මෝටර් රත ලංකාවේ ජනප්‍රිය කරන්න පුළුවන්. නමුත් අපි තාමත් ඩීසල් බලාගාර, ගල් අගුරු බලාගාර හදන්න තමයි ආස. ලැබෙන කොමිස් මුදල් නිසා වෙන්න ඇති. රට ගැන හිතලා කරනවානම් තව මොන තරම් දේවල් කරන්න පුළුවන්ද මහත්තයෝ..
පොදු ප්‍රවාහනය දියුණු කරන්න.
ඉන්ධන ගෙන්වීමත් අත්හිටුවයිද දන්නෑ...
ස්තුතිය දැනුවත් කළාට... අපි මොකක් හරි කරන්නම්
ඔබතුමා ගැන මොන තරම් අවලාද නැගුවත්, ඔබතුමා තෝරණ ආර්ථික ක්‍රමෝපායන් නිවැරදි බව පේනවා. කරුණාකර ඉදිරියට ආනයන කරණ වාහන විදුලියෙන් දුවන වාහන පමණක් ගෙන්වීමට ඉඩ දෙන්න. නොර්වේ රට 2030 සියලුම මගී ප්‍රවාහන වාහන විදුලිබලයෙන් ක්‍රියා කිරීමට අරමුණු කරගෙන සිටිනවා. මෙමගින් ඉන්ධන භාවිතා කිරීම අඩුකර විදේශ විනිමය ඉතිරි කරගත හැක. ඒවගේම පරිසර දුෂණය අඩුකරගත හැක. පරිසරය ගැන කතා කරන මේ කාලයේදීම තීරණයක් ගතහොත් කාටවත් විරුද්ද වෙන්ඩ බැ. පරිසරය වෙනුවෙන් රජයේ කැපවීම පෙන්නුම් කිරීමකුත් වෙනවා..
මුලින්ම ඔබ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් භාවිතා කරන එන්ජින් ධාරිතාවය 2500සීසී වලට වැඩි කාර් සහ ජීප් රථ භාවිතය තාවකාලිකව තහනම් කරමු..
එතකොට වෙනරටවල් මෙච්චර වියදම් කරන්නේ නැද්ද අනේ යන්න මහත්තයෝ? ප්‍රකෝටි ගණන් ආදායමක් නොලැබෙන දේවල්වලට රටේ සල්ලි යටකරලා (නෙළුම් කුළුණු, නැව් එන්නැති වරායවල්, යානා එන්නැති ගුවන් තොටුපලවල් හදලා පිස්සුම කෙලලා රටම ණය උගුලක හිරකරලා දැන් බයිලා කියනවා.. මේ රට දියුණු කරන්න මේ කාටවත් වුවමනාවක් නැහැ. තියෙනවා නම් කොළඹ වරායම ඇති මේ රට ගොඩදාන්න.. ඉගෙන ගන්න සිංගප්පූරුවෙන්..
ඔය කතා හැමදාම කිය කියා හිටියට වැඩක්නෑ. ඒවා විසඳන්න තමයි ඔබලාගේ රජයක් පත්කර ගත්තේ. රටට ගැලපෙන ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම රජයක වගකීමයි. අද ලෝකයේ ඉතා දිලිදු රටවල් පවා එම රටවලට ආවේනික ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම තුළින් උසස් ආර්ථික දියුණුවක් ලබාගනිමින් පවතිනවා. අපට ඉතිං යටිමඩි ගැසීමේ ක්‍රමෝපායන් කල්පනා කරනවා මිසක් රට දියුණුකිරීමට කිසිම වුවමනාවක් ඇතිබවක් පේනතෙක් මානයකවත් නැත.
මුදල් ගිලින රකුසෝ ඉන්නේ ආණ්ඩුව ඇතුලේ කියලයි අපි නම් දන්නේ...
රාජපක්ෂවරු කල ඩොලර් ගිලින ව්‍යාපෘති දෙස බලමින් පයින් ගමන් කරමු. ඔබ තුමාට නැව් නැති වරායන්, යානා එන්නැති ගුවන් තොටවල් හදන කොටත් ඔය තනතුරු වල නේද ? එදා මෙම අර්බුද දුටුවෙ නැහැනේද? දුටුවත් නොදැකපු සේ සිටියා නේද?