IMG-LOGO

මුජීබර්ට අපහාසා කළැයි ප්‍රදීප් චාල්ස් අතුළු පිරිසට වාරණයක්

(රෝෂන් තුෂාර)

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතාට අපහාසාත්මක හා අගතිදායක ප්‍රකාශ  කර එම ප්‍රකාශ අන්තර්ජාලයේ පළකළේ යැයි කියන එක්සත් ජාතික ස්වයං රැකියාව වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති හා  සමගි ජන බලවේයේ හිටපු සාමාජික ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසකට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(13) නිකුත් කළාය.

මුජීබර් රහුමාන් මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව  පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළාය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ප්‍රදීප් චාල්ස් ,youtube නාලිකා හිමිකරුවන් වන නදීෂ අමරනාත්,තුෂාරා සෙව්වන්දී ගූගල් සමාගම හා ෆේස්බුක් සමාගම නම්කොට තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පළමු වග උත්තරකරු ක්‍රියාකාරී දේශපාලනඥයෙකු බවත් ඔහු නිරන්තරයෙන් පැමිණිලිකරු සම්බන්ධයෙන් අපහාසාත්මක හා අගතිදායක තහනම් ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කරමින් සිටින බවය.පළමු වග උත්තර කරුට එරෙහිව පැමිණිලිකරු විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ බවත් එම නඩුවක් මිලදිකරුගේ වාසියට තීන්දු කර ඇති බවත් පැවසීය.

එසේ තිබියදී තවදුරටත් තහනම් ප්‍රකාශ නිකුත් කරමින් සිටින විත්තිකරුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත  යටතේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

අදාළ ප්‍රකාශය youtube හරහා අන්තර්ජාලයට උඩුගත කිරීම වළක්වමින් අනෙකුත් වග උත්තරකරුවන්ටද වාරණ නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කොන්දේසි සහිත වාරණාඥාවක් නිකුත් කරමින් වග උත්තරකරුවන්ට ලබන විසි හත දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළාය.



අදහස් (3)

මුජීබර්ට අපහාසා කළැයි ප්‍රදීප් චාල්ස් අතුළු පිරිසට වාරණයක්

අරවින්ද මොණරවිල Friday, 13 June 2025 06:06 PM

අපහාසයක් කරන්න පුළුවන් යහපත් හා ගෞරවනීය චරිතයකට හිමිකම් කියන මිනිසුන්ට විතරයි, දේශපාලන තක්කඩියන්ට හා සෙවලයින්ට අපහාස කරන්න කාට නම් පුළුවන්ද?

:       45       16

රනේ Friday, 13 June 2025 06:36 PM

මෙයාට අපහාස කරන එකම අපහාසයක්...!

:       16       19

Nieo Friday, 13 June 2025 08:15 PM

ඔය ඊශ්‍රායෙල් වලට එරෙහිව කරන ප්‍රකාශ වලට මුජිබර්ව හිරේ දාන්න ඕනෑ...

:       5       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site