IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මිලානෝ නුවරත් නිදහස සමරයි

 (ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට) 

ජාතික 76 වන නිදහස් දින සැමරුම් උළෙල ඊයේ (04 ) දින අති උත්කර්ෂවත් අන්දමින් 'හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

දේශපාලකයන් විසින් විනාශ කර අප රට,එක එකා ඉස්මතු වීමට වෙර දරන ප්‍රයත්නයෙන් වලින් අප රට මුදවා ගන්ට සිංහල, දෙමළ ,මුස්ලිම් ,බර්ගර්, මැලේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රඥාව පහළ වේවා අවබෝධය පහළ වේවා රට මුහුණපා ඇති මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ඉක්මනින් මුදවා ගැනීමට ඔබට අපට සියලු දෙනාට වාසනා උදා වේවයී සෙත් මහගම විපුලසිරි හිමියන් විසින් සෙත් දේශනා කළහ. 

ආඩම්බරය තමයි අප රට 76 වසරක නිදහස් දින සැමරීම, වේදනාව තමයි අද අප රට මුහුණ පා ඇති තත්ත්වය. ඒ සෑම දෙයක්ම කතොලික විශ්වාස අනුව දේව මාතාවට බාර දෙන බව පවසමින් මිලානෝ කිතුන් සංඝයේ උපාධ්‍ය ජූඩ් සුරේෂ් පියතුමා විසින් දේවාශිර්වාදයක්ද පැවැත්විය.

මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි වීරෝකෝන් මැතිනියගේ ආරාධනය පිළිගෙන ඒහි වැඩමවා වදාළ ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහගම විපුලිමේ නාහිමිපාණන් වහන්සේද මිලානෝ ධර්ම නිකේතනාරාම විහාරාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිපාණන් වහන්සේද ජෙනෝවා සම්බුදු විහාරයේ විහාරාධිපති  ඥානතිලක හිමිද මිලානෝ ලංකාරාමයේ බොරලැස්ගමුවේ ලංක විජිත හිමිද මිලානෝ කිතුණු සංඝයේ පින්කි රෝෂාන් පියතුමාද ජූඩ් සුරේෂ් පියතුමාද අන්‍ය ආගමික පූජකවරුන්ද විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සහභාගි වී තිබුණි.

ශ්‍රී ලාංකික කුඩා දුවා දරුවන්ගේ සාම්ප්‍රදායික නර්තන, වාදන ,ගායනා වලින් සැදුම්ලත් මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා ද සහභාගි විය .

පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් කොන්සල් කාර්යාලය මගින් දේශීය ආහාරපාන වලින් සැදුම්ලත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණි.

අවසානයේදී දමිළ බසින් ජාති ගිය ගායනා කොට උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදී.



අදහස් (3)

මිලානෝ නුවරත් නිදහස සමරයි

පිටිගල මිලානෝ Monday, 05 February 2024 08:37 PM

රට අරක්ගෙන සිටින වංචාකාරී හොර රැළ එලවා නියම නායකත්වයක් පත්කර ගනිමු. ඉතාලියේ ලාංකිකයිනි, ඔබ දැන්ම ක්‍රියාකාරි වන්න. නෑදෑයින් අමතන්න. ඔවුන් සමග බුද්ධිමත් කථිකාවක යෙදෙන්න...

:       1       3

බද්රානි Monday, 05 February 2024 10:59 PM

තානාපති සේවය කෙසේවෙතත්, උත්සව සමරන්න නම් කියාපු ජාතියනේ අපි..? මම මේ නොදන්නා නිසයි අහන්නේ, ඔය මිලාන් නගරයේ පන්සල් කීයක් තියනවාද? දායකයින් එහෙම ගොඩාක් එකමුතු ඇති නේද..? ඔය කියන අනෙක් ජාතීන්ට ප්‍රඥාව පහළ වෙන්න කලින් බහුතර සිංහලයින්ට ප්‍රඥාව පහළ වෙන්න ප්‍රාර්ථනා කළා නම්, ලංකාවේ සියලුම ජනවර්ගයාට සතුටින් ඉන්න තිබුණා... මේ රටේ ජීවත් වෙන්න බැරිව පිටරටවලට පැනගෙන සුද්දන්ගේ රටවල ඉඳගෙන නිදහස් උත්සව සමරනවා දැක්කාම නම් අපට අර කොහෙන්ද මන්දා හිනායනවා.?

:       1       2

චතුරිFriday, 09 February 2024 06:13 AM

සුද්දන්ගෙ රටවලට. පැනගන නිදහස සමරන නවා කියන කතාව වැරදියි ලෝකේ හැමරටකම අපේ ජස්තිය ඉන්නවා. අපේසින්හල ජාතිය ඇර අනිත් හැම ජාතියක්ම එකතුවුනාම හරිම ලස්සනයි. ඉරිසියාව. කේලම්ම් කියන්නයි. ඇද හොයන්නයි. ඒවාට හිනහ වෙන්නයි උපන් හපන් ජාතියක් අපි රටේ වැරැද්ද නේමේ. ඒක. අපේ ජාතියේ හැටි. සුද්දන්න්ගෙ රටවල ට යන්නබැරි කට්ටිය. මැද පෙරදිග යනවා මේ ලේඩේම තමයි එහෙත් තියෙන්නෙ. ගිය තැන ඉවරයි. එකතුවුනොත් රන්ඩුවක්. බලන්නකො මුස්ලිම් ටිකක් ඉන්න තැන. හරි එකමුතුයි. එකට ඉදන් වටවෙලා කන්නේ. අපේ අයට බේදාගන කන්න දන්නවාද

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 28 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා
2024 අප්‍රේල් මස 29 50 0

තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක


පාඨලී සී.අයි.ඩීයට කැඳවයි
2024 අප්‍රේල් මස 29 265 0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.


දුම්රියේ වැඩබලන්න නව සාමාන්‍යාධිකාරීවරයෙක්
2024 අප්‍රේල් මස 29 188 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.


දරුවෙක් රටින් පන්නන්න ගිය දෙදෙනකුට වැඩ වරදි
2024 අප්‍රේල් මස 29 580 1

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුව


වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති
2024 අප්‍රේල් මස 29 627 7

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site