
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයවැයෙන් පසු දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති හෙයින් එම කාල සීමාවේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ඉතිරිවන බව ගණන් බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආහාර, විදුලි සහ ජල සැපයුම් වියදම් ඇතුළු නොයෙකුත් වියදම් අඩුවීම හේතුවෙන් මෙම මුදල මෙසේ ඉතිරි වනු ඇතැයි සඳහන්වේ.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දෙසැම්බර් මස 22, 23, 24 සහ 26 දිනවල නිවාඩු ලැබී ඇත. මේ අනුව කාර්ය මණ්ඩලයට සති අන්ත අනිවාර්ය නිවාඩු දිනද ඇතුළුව ලැබෙන අඛණ්ඩ නිවාඩු සංඛ්‍යාව නවයකි.
මේ අතර පාර්ලිමේන්තුවද පසුගිය 19 වැනිදායින් පසු නැවත රැස් වන්නේ ජනවාරි මස 6 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබයේ නිවාඩුවෙන් කෝටි හතරක ලාභයක්
සම්පත් Wednesday, 24 December 2025 12:39 PM
අප්පා එහෙමද?, ඉතින් දිගටම වහලා තිබ්බා නම් හොද නැත්ද? මොකද ආන්ඩුව කරන වැඩ බොහෝමයක් පාර්ලිමේන්තුවට හන්ගනවනේ...
Small man Wednesday, 24 December 2025 02:38 PM
රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ තියෙන නීති සංශෝධනය කරන්නේ කවුද?
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 24 December 2025 03:55 PM
එහෙනම් ඔය දියවන්නා ඔයේ පාවෙන "කථා පෙට්ටිය" වහලම දාන්න : Rebuilding SRI LANKA " project එකට ඇති වෙන්න ප්‍රතිපාදන මෙම ක්‍රමයෙන් ටක් ගාලා හොයා ගන්න පුළුවන්... රට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු කථා පෙට්ටිය යළි විවෘත කරන්න.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 24 December 2025 04:22 PM
රට හදන, නීති සංශෝධන ආදිය ජනාධිපති AKD ප්‍රමුඛ රජය සමග මන්ත්‍රීවරු 159 දෙනාට පමණක් රැස්විය පුළුවන්, 5 star restaurant කෑම රහිත, රැස්වීම් ශාලාවක පවත්වා, රුපියල් බිලියන ගණනක් රජයට ඉතිරි කරගෙන රට යළිත් ගොඩ නැගීමට දායක වන "system change" එකක් පහසුවෙන් සොයා ගන්න පුළුවන් මහ මොළකරු වන් මාළිමා රජයේ ඉන්නා බව පෙනේ.... හිටන් හුටන්ගෙ හාමිනේ වගේ සිය ඈඹෙනියන් ලවා, බත් පොජ්ජක් කෙහෙල් කොලේ ඔතා ගෙන එන්න කියා උපදෙස් දෙන්න....