
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
මාතලේ පොලිස් කොට්ඨාසයෙන් පැමිණිලි තුනක් ලැබී ඇති බවත් එය මේ වන විට වාර්තා වී ඇති වැඩිම පැමිණිලි සංඛ්‍යාව බවත් සඳහන් කරයි .
සෙසු ඒවා කැබැතිගොල්ලෑව , පොළොන්නරුව හා මොණරාගල පොලිස් කොට්ඨාස වලින් ලැබී ඇතැයිද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අපේක්ෂකයන්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම, දේශපාලන පක්ෂ ප්‍රවර්ධන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම , වියළි ආහාර බෙදා දීම , විදි ලාම්පු අලුතින් සවිකිරීම ආදිය සම්බන්ධයෙන් පැමිණි ලැබී ඇතැයි එම කොට්ඨාසය සඳහන් කරයි.
COMMENTS
පළමුවෙන්ම මැතිවරණ පොරොන්දු ගැන හොයලා බලන්න. දැනට ආණ්ඩුව මාස 6ක් නාකි වෙලා...
මේ කුමන පක්ෂවලින්ද? බෙදන්නත් මුදල් තියෙනවා නම් ආදායම්, වියදම් ගැනත් අහන්න වෙයි...