(සුජිත් හේවාජූලිගේ)
පොලිස් නිලධාරීන් 365 දෙනකු පසුගිය මාස 15දි රිය අනතුරුවලට ලක්ව ඉන් 46 දෙනකු මියගොස් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
පොලිස් නිලධාරීන් 293 දෙනකු රාජකාරියේ යෙදී සිටියදී පසුගිය වසරේ රිය අනතුරුවලට ලක්ව ඇති අතර ඉන් නිලධාරීන් 28 දෙනකු මියගොස් ඇත.
මේ වසරේ මේ දක්වා පොලිස් නිලධාරීන් හැත්තෑ දෙදෙනකු අනතුරුවලට ලක්ව ඉන් 18 දෙනකු මියගොස් ඇතැයි කී මහජන ආරක්ෂක ඇමැතිවරයා පොලිස් නිලධාරීන් මාර්ග අනතුරුවලින් මියයෑම බරපතළ ගැටලුවක් බව ද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි... ඔබතුමාත් පරිස්සම් වෙන්න. සොබාදහමෙන් පඩිසන් අනිවාර්යයෙන් ලැබෙනවා...
මියගිය අයගේ ගණන් හද හදා ඉන්නේ නැතුව අනතුරු මැඩ පැවැත්වීමට පියවර ගැනීම, ඒවාට විසඳුම් සෙවීමනේ කරන්න ඕනේ?
යම් දේවල් අහන්න දුක වුණත් හිත ඇතුලෙන් කාලකන්නි සතුටක් ඇති කරවනවා
කරන කලට පව් මිහිරිය මී සේ........