(සිරිනිහාල් ගමගේ)
පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරීයාට හා පැමිණිලිකරුට පහර දුන් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යැයි පවසන ආචාර්යවරයකු අද (9) දහවල් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වදුරඹ ගාලුපාර ලිපිනයේ පදිංචිකරුවකු තමන් පදිංචි ඉඩම් නඩුවක් දමා ඇති නොබෙදූ ඉඩමේ තවත් පදිංචිකරුවකු ගසක් කැපූ බවට ඉකුත් දා වදුරඹ පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලට අනුව පැමිණිලි විභාගය සඳහා පොලිස් නිලධාරීයකු පැමිණ පැමිණිලිකරු හමුවී කැපූ ගස් තිබෙන ස්ථානය පෙන්වන ලෙස පවසා ඇත. එවිට පොලිස් නිලධාරියා සමඟ පැමිණිලිකරු ගස කැපූ ස්ථානයට ගිය විට පෙර මානව හිමිකම් සංවිධානය සම්බන්ධ පුද්ගලයා යැයි පවසන පැමිණිලිකරුගේ පපු ප්‍රදේශයට පා පහරක් එල්ල කිරීමේදී එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරියාගේ කම්මුල ප්‍රදේශයට පහරදී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ පැමිණිලිකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ද කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට නියමිත ය.
අත්අඩංගුවට ගත් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යයි පවසන ආචාර්ය පදවිය හිමියයි පවසන අය බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කාරයා නියැන්ඩතාල් මානවයෙක් වගේ...
උසාවියෙන් මිනීමැරුමකට දඬුවම වශයෙන් මරණ දඬුවම හිමිවී, බන්ධනාගාරගතකළ පුද්ගලයෙක්... බන්ධනාගාර බස්රථයෙන් පාර්ලිමේන්තු ගිහින් නීතිපනත් සම්මත කරන්න ඡන්දෙ දෙන රටක, ආචාර්ය උපාධියක් ඇති, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් නියැන්ඩතාල් මානවයෙක් ලෙස හැසිරීම පුදුමයට කාරණයක් නොවේ.
මානව හිමිකම් සිදුකරන නිවැරැදි ක්‍රමය එයයි.
නිකම්ම නිකම් නෙවෙයිනේ මිනිසුන් කියන්නේ අර හිමිකම් මේ හිමිකම් ගැන තුන්ලෝකෙටම ඇහෙන්න කෑමොර දෙන්නේ නිවට NGO ටකරන් මඩුකාරයින් කියලා.. ඔවුන් ඩොලර් වලින් පන්නලා ගැටගහ ගන්න ගමන්, උපන් රටත් පාවාදෙන කාලකන්නිනේ.. මොහු මානව හිමිකම් යන වචන වල අර්ථය කියාදීම පළමුවම කළයුතු නොවේද?
ලෝක මානව හිමිකම් සංවිධානය (කොයි එකද දන්නේ නැහැ) මේ වනචාරී මානව හිමිකම් ආචාර්ය පට්ටම තියෙන පුද්ගලයාගේ සාමාජිකත්වය අයින් කරයිද? නැත්නම් වෙනද වගේම සල්ලි එවයිද දන්නේ නැහැ.
මානව හිමිකම් සංවිධාන වල සාමාජිකයෝ වෙන්න පුළුවන්... ආචාර්ය පට්ටම් තිබෙන්න පුළුවන්... ඒත් තිරිසන් ගතිගුණ නැති කරන්න බැහැ. කොයි වෙලාවක හරි ඒවා මතුවෙනවා.
හෝමෝ සේපියන් සේපියන්ස්...
චොකාමල්ලි වගේ මිනීමරුවන් ඉන්න පාර්ලිමේන්තුවට ඕවා එච්චර දේවල්ද?
ප්‍රශ්නය තමන්ගේ වනතෙක් සියල්ලෝම මානව හිමිකම් ක්‍රියාකාරීන්...
මාරක හිමිකම් කාරයෙක්...!!! බොරු කාරයෙක් වෙන්න ඇති. සමහරවිට ඔය ආචාර්ය උපාධියත් ගමේ කම්මලෙන් හම්බවෙච්ච එකක් වෙන්න පුළුවන්.
රවීන්ද්‍ර මහත්තයෝ, හැම එකටම ඔය එන්ජීඕ වචනය යොදාගන්න එක වැරැදියි. රජයේ නොවන සංවිධානවලටයි එන්ජීඕ කියන්නේ. බොහොම යහපත් එන්ජීඕ තියෙනවා. ඒක නිසා හැම එන්ජීඕ එකකටම අවමන් කරන එක වැරැදියි.