රාත්‍රී ආහාර මිල දී ගැනීමට මිනුවන්ගොඩ නගරයට ආ මාළු ව්‍යාපාරිකයකුට මිනුවන්ගොඩ පොලිසියේ පිරිසක් විසින් පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව ගම්පහ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙර දින රාත්‍රී පහර කෑ බව කියන පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර එවනු ලැබ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියකු කීවේ මාළු ව්‍යාපාරිකයා පොලිසියට මුලින් පහර දුන් බවයි. පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දිය හැකිදැයි ප්‍රදේශවාසීහු අසති.
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මාළු වෙළෙන්දාට පොලිසියෙන් ගහලා
ලලින්ද්‍ර Wednesday, 25 June 2014 09:10 AM
චන්දන, එහෙනම් ඔය ගහල තියෙන්නේ පිටරටක මිනිස්සුද. අපේ මිනිසුන් යැයි ඔබ අදහස් කරේ පොලිස් නිලදාරීන් ගැනද. රෙද්දක් ඇදගන ඔවුන් වෙනුවෙන් පෙනිහිටින්න පුලුවන්ද පොලිසියේ ක්‍රියාකාරකම් ගැන හතරවටින් ඇහෙන කතා අහපුවම (නදී)
පිටිගල Tuesday, 24 June 2014 07:28 PM
මිනිහෙක් පොලිසියකට ගැහුවා නම් ඒක පොලිසියේ තියෙන දුර්වල කම. එහෙනම් තිබුණේ ඒ මිනිහා අත් අඩංගුවට ගන්න එක. නැතුව වට කරලා තනි මිනිහෙකුට ගහන එක නොවේ, ඕකට කියන්න පොලිසියේම අය පාවිච්චි කරන හොඳ වචනයක් තියෙනවා. ලියන්නත් මම බය නැහැ, එත් මාධ්‍ය වල පල නොවෙන නිසා ලියන්නේ නැහැ.ඒ මිනිහාට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කරනවා නම් පේනවා පොලීසියේ ඉන්න වීරයන්ගේ තරම. කැතයි .ලැජ්ජයි, නින්දිතයි. (අ)
ශාන්ත Tuesday, 24 June 2014 12:56 PM
මේක අමනුස්සයෝ ජීවත් වෙන රටක් වෙලා. එලියට බහින්නත් බයයි (නදී)
ලලිත් Tuesday, 24 June 2014 12:58 PM
නිලලත් සහ නිලනොලත් චන්ඩි. කව්රු හරිද කියල දන්නෝ දනිති. (ස)
අනුර Tuesday, 24 June 2014 12:59 PM
ඕක බලපාන්නේ සිංහල මින්සුන්න්ට නේ. (ස)
සිදත් Wednesday, 25 June 2014 10:56 AM
ධම්ම ලංකාවෙ කෙනෙන්ද? (නදී)
දමිත් Tuesday, 24 June 2014 09:36 PM
පොලිසිය ගැන කියල වැඩක් නැ... එයාලගේ වැඩ ගැන අපි හොඳට දන්නවා. (ස)
සම්පත් Tuesday, 24 June 2014 01:45 PM
මේක යකාගේ නීතියක්නේ, පොලිසියට මුලින් පහර දුන්නයි කියල මනුස්සයෙක්ට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න ගහන්න පුලුවන්ද? අැයි අලුත්ගමදී හාමුදුරුවන්ට කිව්ව වගේ සමාව දෙන්න නේ තිබුණේ, (ස)
දීපාල් Tuesday, 24 June 2014 02:05 PM
මාලු කාරයා පිහියෙන් කෙටුවා නම් කවුද වගකියන්නේ. (ස)
අනුර Tuesday, 24 June 2014 02:23 PM
දැන් කෙරෙන කලාවට මේවා මොනවද මල්ලි ? (ස)
චමින්ද Tuesday, 24 June 2014 02:31 PM
තනි මිනිහෙක් පොලිස් පිරිසකට ගහයිද ? නඩුයි,බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. (නදී)
සීවලී Wednesday, 25 June 2014 12:53 AM
ඹව් පිටිගල , ඒක ඇත්ත (නි)
මාලි Tuesday, 24 June 2014 02:39 PM
පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දිය හැකිදැයි ප්‍රදේශවාසීහු අසති. ඇමතිවරුන්ට පොලිස්කාරයින්ට පුලුවනි (නදී)
අශේන් Tuesday, 24 June 2014 03:02 PM
කරුණාකර පොලිස් නිලයට සුදුසු අයව පමණක් පත්කරන්න. තම බලය අනිසි ලෙස භාවිතා කරන සියලු දෙනාව නිළයෙන් නෙරපා හරින්න. ඒක රටට කරන ලොකු සාධාරණයක්.(නදී)
ජේ, කරුනාරත්නේ Tuesday, 24 June 2014 03:05 PM
අපෝ ! ශ්‍රී ලංකාවේ ඕන හැටියේ පුළුවන්. (නදී)
විමල් Tuesday, 24 June 2014 03:14 PM
පොලිස්පති තුමා අයින් වෙයිද ? රාළහාමිලා ගෙදර යයිද?. මාළු කාරය තමන්ටම ගහ ගත්තද? (නදී)
සුජිත් Tuesday, 24 June 2014 03:16 PM
අවම බලය වෙන්න ඇති. (නදී)
ශානි Wednesday, 25 June 2014 03:29 AM
මොනවද මේ හැමදාම ඇතිවෙන පොලිස් ප්‍රශ්න? (නි)
ධම්ම Tuesday, 24 June 2014 03:22 PM
පොලීසියට ගැහුවේ නැත්නම් කවදාවත් පොලීසිය මිනිසුන්ට ගහන්නේ නැත. (නදී)
සත්‍යපාල Wednesday, 25 June 2014 03:51 AM
ලංකා පොලිස් නිල ඇඳුමින් ධර්ම චක්‍රය නම් කවදාවත් ඉවත්කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා (නි)
චන්දන Wednesday, 25 June 2014 06:08 AM
කෙනෙකුට තනිවම හෝ පිරිසක් සමඟ ගහන්න තරම් අපේ මිනිසුන් බුද්ධියෙන් පහළ වැටිලා නැහැ. (නි)
ශාන්ත සමරසිංහ Tuesday, 24 June 2014 04:36 PM
පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් සාමාන්‍ය කෙනෙකුට පොලිස් කාරයෙකුට පහරදීමේ අයිතිය තියනවද? (ස)
tyronne Tuesday, 24 June 2014 05:08 PM
මේක අවම බලය පාවිච්චි කිරීමක් තේරෙන්නේ නැද්ද ! (අ)