මිහින්තලය මහ කනදරාව වැවේ කෝවිලෙන් සොරා ගත් කාලි හා මෑණිවරුන්ගේත්, කතරගම දෙවියන්ගේත් පිළිරූ තුනක් විකුණන්නට ගිය ව්‍යාපාරිකයෙක්අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
රුපියල් කෝටි එකහමාරකට ආසන්න පුරා විද්‍යා වටිනාකමක් ඇති බව කියන මෙම පළිරූ සොරා ගත්තැයි කියනුයේ අනුරාධපුර මාකට් පෙදෙසේ ව්‍යාපාරික පී ජී නිෂාන්ත පීරිස් හෙවත් මාළු නිශාන්ත නම් ව්‍යාපාරිකයෙකි.
සිවුරක් පෙරවූ පොලිස් උපාය දූතයකු මගින් ඔහු අනුරාධපුර නුවර වැවදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු මුදලාලි කාලි අම්මා විකුණන්න ගිහින් රිමාන්ඩ්
ලහිරු Monday, 14 October 2013 10:38 PM
මේ වගේ අයට හොදට සළකන්න ඕනෑ (නි)
දොඩන්ගොඩ Monday, 14 October 2013 10:57 PM
අවුකන බුදු පිළිමයත් හොරකම් කරයි මෙහෙම යනකොට (නි)
කුමාරි Monday, 14 October 2013 11:30 PM
ජිවිතේ වටිනාමදේ මුදල් කියල හිතන් තමා මෙහෙම අපරාද කරන්නේ. දැන් තේරෙනවා ඇති අපරාදේ කියල.(දිල්)
පෙත්තා Tuesday, 15 October 2013 02:14 AM
නමින් නම් නිශාන්ත... නමුත් වැඩ දුර්දාන්ත. (නි)
යු. එස්. ඒ Monday, 14 October 2013 06:56 PM
මේ පිළිරූ වලට හොද මිලක් තිබෙනවා වාගේ. ඒකනේ මේවා හොරකම් කර කර විකුණන්නේ (නි)
අමිල කටුනායක Monday, 14 October 2013 07:09 PM
මාලු මුදලාලිව පොලිසියෙන් බිලී බාලා වගෙයි (නි)
උපාලි Tuesday, 15 October 2013 05:07 AM
කුමාරි, සතුට මුදලට ගන්න නොහැකි නිසාද ඔබ ඔහොම කියන්නේ? ඇත්ත. ඒ වුණාට මුදලට පුළුවන්නේ සතුට ලබාදෙන දේවල් ටොන් ගණනින් ගන්න. ඒ නිසා ජීවිතේ වටිනාම දේ මුදල් තමයි කියලා වැඩි දෙනෙක් හිතනවා. (නි)
මනෝජ් Monday, 14 October 2013 07:21 PM
දැන් ලංකාවේ ඉන්නේ දෙයියෝ ,බුදුන් විකුනාගෙන කන අය. (නි)
ආරියසේන Monday, 14 October 2013 07:21 PM
පොලිසියට අපෙන් සුබ පැතුම්! මාළු මුදලාලිට දේව ශාපය වැදිලා වගේ. (නි)
උපාලි Tuesday, 15 October 2013 02:20 PM
මං මේ පස්සෙනේ දැක්කේ ලස්සනම කොටස. "සිවුරක් පෙරවූ පොලිස් උපාය දූතයකු" දාලනේ හොරා අල්ලලා තියෙන්නේ. හරි අපුරුයි. ඔය සමහර තැන්වල සිද්ධ වෙන දේවල් බැලුවහම හිතෙනවා ඒ ගොල්ල කවුරු හරි දාපු උපාය දුතයෝ වත්ද කියලා. (ස)
සත්‍යයා Tuesday, 15 October 2013 06:47 AM
අම්මාව වුණත් විකුණාගෙන කන්න පෙළඹුනු මිනිසුන් කොටසක් බවට අද ජාතිය පත්වෙලා නිසා කාලි අම්මා, "අම්මා" කෙනෙක් විදිහට පෙනෙන්නේ කොහොමද? (නි)
දුමින්ද Tuesday, 15 October 2013 06:56 AM
බොහොම ස්තුතියි වරදිකරුගේ නම සදහන් කිරීම ගැන. (නි)
පිටබැද්දර ජයා Tuesday, 15 October 2013 07:59 AM
දෙවියන්වත් විකුණාගෙන කන්න තරම් මිනිසුන් පහතට වැටුණද? (නි)