IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාළු ගන්න තෙරපී දැරිය මුහුදට වැටේ

(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)

අලුත් අවුරුද්දට මාළු මිලදී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමග පැමිණි 12 වියැති දැරියක අද ජැටියෙන් මුහුදට වැටි ඇති අතර බෝට්ටුවක සිටි ධීවරයකු ඇය බේරාගෙන ඇත.

දැරිය වැටුණු එම ධීවරවරාය අඩි 30ක් පමණ ගැඹුරු බව ධීවරයෝ පැවැසූහ.

මාළු මිළදී ගැනීම සදහා ධීවර වරායට  විශාල පිරිසක් පැමිණි අතර , එහිදී ඇති වූ අධික තෙරපීම සමග තවත් මාළු මිලදී ගැනීමට ආ වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී ලිස්සා ගොස් දැරිය මුහුදට වැටී ඇතැයි ධීවරයෝ පැවැසූහ.

දරුවා මුහුදට වැටෙනවත් සමග බෝට්ටුවක සිටි ධීවරයකු මුහුදට පැන ගිලෙමින් සිටි දැරිය බේරා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම ප්‍රදේශය නිතර බෝට්ටු යාත්‍රා කරන නිසා එවායින් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් එම මුහුද ජලය අවපැහැගැන් වී ඇති නිසා ගෙඩගත් දරුවා ක්ෂිණිකව නාවා පිරිසිදු කළ බව ද වාර්තා වේ.

වෙනත් දිනවලදී ධීවර යාත්‍රා එකකට එකක් සම්බන්ධ වන අයුරින් වරායේ ගාල්කර තිබෙන නමුදු මෙම සිද්ධිය වූ අද පෙරවරුවේ එවැන්නක් දක්නට නොලැබුන බවත්, එසේ ගාල්කර තිබුණේ නම් දරුවා බේරාගැනීම අපහසු වන බව ධීවරයෝ පැවැසූහ.

 

 



අදහස් (3)

මාළු ගන්න තෙරපී දැරිය මුහුදට වැටේ

Ruhunu Tuesday, 11 April 2023 01:40 PM

වීරයෙක්.

:       2       52

ලක්මාල් Tuesday, 11 April 2023 08:29 PM

අවධානයෙන් සිට වහාම ක්‍රියාත්මක වී දරුවා බේරාගත් ඔබ සැබෑ වීරයෙක්.

:       1       19

අබිලින් Wednesday, 12 April 2023 08:21 AM

ඇමරිකාවේ කෙනෙකුට ලොතරැයියක් ඇදීමත්, මාලු ගේන්න ගියාම මුහුදට වැටීමත් ලංකාවේ මිනිසුන්ට වැදගත් වෙන්නේ කොහොමද?

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site