කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගැටඹේ ජල පවිත්‍රාගාරය අසල නවතා තිබු ජල ටැංකියක් සහිත ට්‍රැක්ටරයක් මෝටර් රථයක ගැටිමෙන් හමුදා මේජර්වරයකු හා තවත් අයකු එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
ට්‍රැක්ටර් රථයේ රියදුරු විසිවි ගොස් වැටීමෙන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයේ පිටු පස අසුනේ සිටි හමුදා මේජර්වරයකු හා අනික් පුද්ගලයා මියගොස් ඇති අතර ඉදිරි පස අසුනේ ගමන් ගත් පුද්ගලයා සහ රියදුරු සුළු තුවාල ලබා ඇත.
ඔවුන් කෑගල්ලේ මළ ගෙදරකට ගොස් එමින් සිටි බව කියති.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මළ ගෙදර ගිය මේජර් ගැටඹේදී මරුට
පියල් Sunday, 07 February 2016 02:30 PM
සීට් බෙල්ට් පිටුපස කී දෙනෙක් පාවිච්චි කරනවද ?????? (කෞ)
අනන්ද Sunday, 07 February 2016 03:02 PM
තව එක්කෙනෙකුට සී.ඕ කමක් (කෞ)
කාංචන ලියනපතිරණගේ Wednesday, 10 February 2016 11:07 AM
ස්වභාවික වරණය යන්නහි සැබෑ තේරුම නොදැන මියගිය පුද්ගලයන්ට අපහාස නොකරන්න (බ)
සනත් ගුණවර්ධන ස්විස් Sunday, 07 February 2016 04:56 PM
සීට් බෙල්ට් නොදමා වාහන වේගයෙන් ධාවනය කිරීම මෙම මරණ වලට හේතුවයි. පිටුපස ආසනයේ යන ලොකු ලොක්කන් කිසිදිනක සීට් බෙල්ට් පළදින්නේ නැහැ (නි)
දුමින්ද Monday, 08 February 2016 07:47 AM
යුද්දේ තිබුන කාලේ නම් මුරදෙවිවරු......අද .(හේ)
වී. ජයපාල Sunday, 07 February 2016 08:06 PM
හමුදා වල අය කොහොමත් පාරේ යන්නේ ඒගොල්ලෝ රටේ නීති වලට විතරක් නෙමෙයි භෞතික විද්‍යාවේ නීති වලටත් වඩා සෑහෙන උඩින් ඉන්නේ කියලා හිතාගෙන. එහෙම යන ගොඩක් අය ස්වභාවික වරණයේ නීති වලින් ඉවත් කරනවා (නි)
මහින්ද Monday, 08 February 2016 12:25 AM
මෝඩ කතා කියන්න එපා මිනිසුනේ මේ වගේ දෙයක් වුණාම. නුඹලා මිනිස්සුද? (නි)
සරත් Monday, 08 February 2016 03:00 PM
ජයපාල, සිද්ධියට හේතුව රියදුරා ඇතුළු සැමටම නින්ද යාම. මම එක මළගමකට සහබාගි වූ අයෙක්. ඉතාම කණගාටුදායකයි. තිදෙනාටම නිවන් සුව පතමු. (බ)