IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාළු කූරියෙක් සොරකම් කළ පූසා අත්අඩංගුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන බව ඕස්ට්‍රේලියාවේ සෙවන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.

ගාල් කර තිබූ යතුරු පැදියක එල්ලා තිබූ බෑගයක් ඉරා පූස් තඩියා මාළු කූරියා සොරා ගන්නා අයුරු ඉදිරියේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ තායිලන්ත පොලිසිය පසුව පූස් තඩියා අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් සෙවන් නිවුස් පුවත් සේවය සඳහන් කළේය.

පූස් තඩියා පොලිසියට රැගෙන යන අවස්ථාවේ කටේ මාළු කූරියා නොසිටි බවත් මාළුවකු සොරකම් කළ පුසකු පොලිසියට රැගෙන යාම පොලිස් සේවයට කළ නිගාවක් බවත් සෙවන් නිවුස් පුවත් සේවය පැවැසුවේය. මෙම සොරකම පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිදුව ඇති බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

එම වීඩියෝව සෙවන් නිවුස් පුවත් සේවය ඔවුන්ගේ ටික්ටොක් ගිණුමටද පෙරේදා(18) උඩුගත කර තිබූ අතර දිනක් තුළ එම වීඩියෝව මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා තිබිණි. මෙම වීඩියෝව ඔක්තෝබර් මස අවසන් සතියේ සිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන බවත් එහි නැරඹුම් වාර ගණන මේ වනවිට ලක්ෂ 100 පසුකර ඇති බවත් පැවැසෙයි.

 



අදහස් (2)

මාළු කූරියෙක් සොරකම් කළ පූසා අත්අඩංගුවට

අපිට පාන්ද? Friday, 20 December 2024 10:22 AM

සෙවන් නිවුස් වල වීව්ස් වැඩි කරගන්න කරපු වැඩක් වගේ. අර අනුයි කනුයි කළා වගේ. දැං ඒ දෙන්නත් සෑහෙන පිරිසක් දන්නවානේ...

:       1       9

රුවන් Friday, 20 December 2024 04:51 PM

ඒකට ලංකාවේ, මහබැංකු කැඩුවත්, ජනපති අරමුදලෙන් හොරා කෑවාත් හිරේ දාන්නේ නෑ. ලංකාවේ ඔය පූස් තඩියා හිටියා නම් අනිවා පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමැති කෙනෙක්...

:       5       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site