IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මළවුන් හඳුනා ගැනීමේ ලොකු අඩුවක් පෙන්වයි

හදිසි ආපදාවක දී මිය යන පුද්ගලයන් හඳුනාගැනීමේ හෝ ඔවුන් නිසි පරිදි මිහිදන් කිරීමේ නිශිචිත වැඩපිළිවෙළක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම ගැටළුවක් යැයි රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ආපදාවට ලක්ව මිය යන්නන්ගේ මළ සිරුරු හඳුනාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

2004 වර්ෂයේ සුනාමියෙන් 30,000ට අධික පිරිසක්  පැය කිහිපයක දී මියයන තුරු ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ආපදාකළමනාකරණ වැඩපිළිවෙලක් නොතිබූ බව ද වෛද්‍ය පෙරේරා මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනේනේ සුනාමියෙන් පසු ජාතික ආපදා කළමනාකරණ පනත ස්ථාපිත කළ ද එහි දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ දී අවධානයක් යොමු කැර ඇත්තේ ආපදාවකදී සායනික ප්‍රතිකාර අවශ්‍ය තුවාලකරුවන්ට ක්ෂණික ප්‍රතිකාර ලබාදීම සඳහා පමණක් බවයි.

විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා මෙසේ ද කීවේය.

‘ සුනාමිය පැමිණෙන තුරු අපේ රටේ ස්වභාවික ආපදා ගැන කතිවකාවතක් තිබුණේ නැහැ. නමුත් ඉන් පසු පනත් පවා සම්මතවුණා. දැන් තුවාල කරුවන්ට කඩිනම් ප්‍රතිකාර කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් රජයේ සියළුම රෝහල්වල කි්‍රයාත්මක වනවා. නමුත් මියයන පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කැරගන්නේ කෙසේ ද හඳුනාගත නොහැකිවන මළ සිරුරුවලට කුමක් කරනවා ද මිහිදන් කරනවානම් එය කෙසේ සිදුකළ යුතු ද කියන එක ගැන නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් රටේ ක්‍රියාත්මක වී නැහැ. ‘

වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ අදින් වසර නමයකට පෙර සුනාමියෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු අති විශාල ප්‍රමාණයක් හඳුනාගත නොහැකිව මිහිදන් කළ බවයි. නමුත් මෙවැනි අවස්ථාවක දී සිරුරු හඳුනාගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් දැනට මිහිදන් කැර ඇති හඳුනානොගත් මළ සිරුරු විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකියාව තිබූ බව ද ඒ මහතා පවසයි.

‘ සුනාමිය දැන් අවසන්. වසර නමයක් ගෙවී ගිහින් තිඛෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ හඳුනානොගත් පුද්ගලයන් 135කගේ සිරුරු කොටස් තිඛෙනවා. ඉන් 20ක් පමණ අනන්‍යතාව තහවුරුකැර ගත හැකි මට්ටමේ තිඛෙනවා. ඇතැම් ඒවායේ හැඳුනුම්පත් පවා තිඛෙනවා. ඒ සියල්ල සුනාමියෙන් රෝහලට ගෙන ආ සිරුරු මිහිදන් කිරීමෙන් පසුව ප්‍රාදේශීය සභා හා හමුදාව විසින් ප්‍රදේශය පවිත්‍ර කිරීමේදී මාස දෙකකට පමණ පසු හමුවූ සිරුරු. ආපදා අවස්ථාවක දී මිය යන සංඛ්‍යාව අතිවිශාල විය හැකියි. එවැනි විටෙක සම්පූර්ණ පවුල් විනාශ වනවා. බොහෝ සිරුරු සොයාගන්නා විට හඳුනාගත නොහැකි තරමට විකෘති වෙලා තිබිය හැකියි. මේ සිරුරු හඳුනාගැනීමට අපි නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ‘

වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ ආපදා අවස්ථාවකදී විපතට පත්ව ජීවත්ව සිටින්නන් වෙත යොමුවන අවධානය හා සමානව ම මියයන්නන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි. ආපදාවකදී මියයන පුද්ගලයන් හඳුනාගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතුයැයි ද ඒ මහතා අවධාරණය කරයි.



අදහස් (0)

මළවුන් හඳුනා ගැනීමේ ලොකු අඩුවක් පෙන්වයි

නුවන් මංගල පන්ඩිත Thursday, 26 December 2013 02:04 AM

මැරිච්ච මිනිස්සු තියා, ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්වත් හඳුනාගන්න ක්‍රමයක් ලංකාවේ තියෙනවද. ? (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 03:19 PM

ආරම්භයටම ඔබතුමාගේ යෝජනා ඉදිරිපත් කලොත් හොඳයි. (ත)

:       0       0

තිලින බණ්ඩාර Thursday, 26 December 2013 01:06 PM

මැරුණු අය ගැන මොකට වද වෙනවද මිහිදන් කරලා දාන්නේ නැතුව.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 25 December 2013 09:39 PM

බොහොමයක් අපේ සැබෑ උගතුන්ට රටක යහ පාලනයට ප්‍රයෝජන වත් විය හැකි වටිනා අදහස් තිබුනත් අවාසනාවකට ඒ අදහස් වලින් ප්‍රයෝජනය ගන්න දන්නා ආණ්ඩු අපට කවදාවත් තිබුනේ නැහැ. (නදී)

:       0       0

ප්‍රදීපා Thursday, 26 December 2013 12:07 AM

ඔබතුමාට මේ පිළිබඳව කළහැකි යෝජනා සකස් කර කණ්ඩායමක් සමග සාකච්ඡා කර ජනාදිපතිතුමා හමුවීමට වෙලාවක් ඉල්ලගන අතටම දුන්නොත්නම් සාර්ථක වෙයි. කවුරුහරි කරන තුරු බලාගන ඉන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site