මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳ සිදුකළ විමර්ශන තුනක ලිපිගොනු ඉදිරි දිනවල දී ජනාධිපති වෙත බාරදිමට කටයුතු කරන බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති විමර්ශන කොමිසම පවසයි.
රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ් සමාගමේහි සිදුව ඇතැයි කියන වංචා දුෂණ පිළිබඳ සිදුකළ විමර්ශනය, හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වල සිදුව ඇතැයි කියන දුෂණ පිළිබඳව සිදුකළ විර්මශනය හා ඉකුත් රජය සමයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඩයිනමයිට් තොගයක් කල් ඉකුත් වන තෙක් අලෙවි නොකර රජයට රුපියල් මිලියන ගණනක පාඩු කිරිම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙලෙස අවසන් වී ඇති බවද කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මහ වංචා තුනක ලිපිගොනු ජනපතිට
එරන්ද Friday, 14 October 2016 10:53 PM
ඇත්තමයි. කෝ මහබැංකු වංචාව? (නි)
මිස්සක Saturday, 15 October 2016 01:32 AM
එතකොට බැඳුම්කර වංචාව? (නි)
සරණපාල Friday, 14 October 2016 12:14 PM
දැන් ඉතින් ලොක්කන්ව, ලොක්කන්ගේ පුතුන්ව අත්අඩංගුවට ගන්න එක නවතමු. කවුරුත් වැරදි කරනවනේ. (නි)
දුමින්ද Friday, 14 October 2016 01:43 PM
වාර්තා පමණද? නඩු අකැපද? (නි)
දහම් Friday, 14 October 2016 02:17 PM
දැන් ඉතින් දෙන්නකො උත්තර. (නි)
රසික Friday, 14 October 2016 03:56 PM
මේ වාර්තාත් පරණ කඩදාසි වලට විකුණන්න වෙයි වගේ, දැන් දැන් වෙන දේවල් බලනකොට (නි)
අර්ජුන Friday, 14 October 2016 04:02 PM
වාර්තා මොනවා කරන්නද? ප්‍රභූන් උසාවි ගෙනෙන්න එපා කියලද කියන්නේ (නි)