IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහ රෑ ගෙදරට මීහරක් රංචුවක් : නීතිඥවරිය පොලිසියෙන් සමාව ගනී

මැදියම් රැය ආසන්නයේ අවිස්සාවේල්ලේ නීතිඥවරියක පොලිසියට හදිසි ඇමතුමක් දී ගෙදරට හොරුන් පැන ඇති බව පෙනේ යැයි පැමිණිලි කළාය.

නීතිඥවරියද ඇගේ දරුවාද මවද මේ නිවසේ සිටින බවත් පොලිසිය වහා එහි යද්දී මීහරකුන් රංචුවක්ද පාරේ ගිය බවත් පොලිස් ආරංචි කියයි.

ගෙදරට සමීපවන විට නීතිඥවරියගෙන් ලැබුණු තවත් පණිවිඩයකින් කියැවුණේ ගෙදරට හොරුන් පැමිණ නැති බවයි. ඒත් පොලිසිය එහි ගියේය. නීතිඥවරිය වහා දොර ඇර පොලිසියෙන් සමාව ගත්තාය. නිවස අවට ඇති ලඳු කැලයට මීහරකුන් පැමිණ ඇති බවත් උන්ගේ අං දොර ජනෙල් ආදියේ වැදීමෙන් මේ ඇබැද්දිය සිදුව ඇති බව පොලිසිය කීය.

පොලිසිය හමුවී කනගාටුව පළ කළ ඇය පොලිස් ස්ථානාධිපති හමුවී සිදුවූ වරද ගැන ඔහුටද කනගාටුව පළ කළාය.



අදහස් (0)

මහ රෑ ගෙදරට මීහරක් රංචුවක් : නීතිඥවරිය පොලිසියෙන් සමාව ගනී

සුනිල් Wednesday, 11 November 2015 06:54 AM

නිහතමානීභාවය අගය කරන අතරම නිවාඩු දිනකටවත් ගේ වටා පිරිසිදු කරගන්න යැයි පවසමි. නිරෝගීභාවයටත් හොඳයිනේ (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 November 2015 07:06 AM

මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙකුත් ගියා නම් හොඳයි. ඩෙංගු මදුරුවොත් ඇති. (නි)

:       0       0

සුරංග Wednesday, 11 November 2015 07:09 AM

එතුමියගේ නිහතමානීකම අගය කළයුතුයි. පොලිසියට දන්වපු එක කෝකටත් හොඳයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 11 November 2015 07:21 AM

පැමිණි සත්ත්වයා දෙපාද සිවුපාද යන්න සොයා බැලීමට පොලිස් පරීක්ෂණයක් කළා නම් වඩා හොඳයි කියා සිතෙනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 11 November 2015 07:19 AM

ඒ පොලීසිය නම් මල් හතයි! (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 11 November 2015 07:21 AM

ඕනෙම මනුෂ්‍යයෙකුට වෙන්න පුළුවන් වැරදීමක් සමාව ගැනීමෙන් හොඳ ආදර්ශයක් ඇය දී තිබෙන්නේ මේ වගේ වැරදීම් කා අතිනුත් වෙනවා එතුමියගේ නිහතමානීකම අගය කළයුතුයි (බ)

:       0       0

සුපුන් Wednesday, 11 November 2015 07:30 AM

හරක් රංචුව ආයෙත් නම් පැත්ත පළාතේ එන එකක් නැහැ (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 11 November 2015 07:35 AM

මීහරකා නිතර දෙවේලේ පැමිණෙන කෙනෙක් වෙන්න බැරිද? (ම)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 11 November 2015 07:54 AM

හැම තැනම ලෙඩ දාන්නේ මීහරක් වෙන්න ඇති. (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 November 2015 08:01 AM

මොනවා උනත් සමාව ගත්තා වගේම දීපු එකත් හොඳයි. බොහොම ආදර්ශවත්. (ර)

:       0       0

දිලුම් Wednesday, 11 November 2015 08:09 AM

නිහතමානී කාන්තාවක් (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Wednesday, 11 November 2015 08:14 AM

සමාව ඉල්ලීම වාගේම කිසිම හිතේ කහටක් නැතිව සමාව දීමත් නිහතමානී මිනිසුන්ගේ උතුම් ලක්ෂණයකි! (ස)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 11 November 2015 08:27 AM

අපි අහලා තිබෙන විදිහට මීහරක් රෑට නිදාගන්නවා. දැන් කාලේ මීහරක් එහෙම නෙමෙයි වගේ (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 11 November 2015 08:52 AM

ඉස්සර කාලේ හොරු තමයි මී හරක් වගේ වැඩ කළේ. (බ)

:       0       0

රංග Thursday, 12 November 2015 05:49 AM

වහාම ඩි එන් ඒ පරීක්ෂනයක් කරලා හරි හරකව හඳුනාගත යුතුයි. (ර)

:       0       0

රාධා Friday, 13 November 2015 12:35 AM

දැන් මීහරකුන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

සුමනපාල Wednesday, 11 November 2015 06:12 AM

ඕනෙම මනුෂ්‍යයෙකුට වෙන්න පුළුවන් වැරදීමක්. (ස)

:       0       0

සමීර Wednesday, 11 November 2015 06:22 AM

සමාව ගැනීමෙන් හොඳ ආදර්ශයක් ඇය දී තිබෙන්නේ (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 11 November 2015 06:26 AM

කමක් නෑ ඉතින්. හිතලා කරපු දෙයක් නෙවෙයිනේ, වැරදීමක් නේ. (ස)

:       0       0

අමල් Wednesday, 11 November 2015 06:40 AM

මේ වගේ වැරදීම් කා අතිනුත් වෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site