(අංජුල මහික වීරරත්න)
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් කිරීම තහනම් කිරීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුහුදේ සිදු වන අන්තරායදායක ඖෂධ වර්ග ප්‍රවාහනය කිරීම සහ අනෙකුත් ආනුෂංගික සංශෝධන හඳුන්වා දෙමින් 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහාත්, මහ මුහුදේදී ඕනෑම පුද්ගලයෙකු විසින් සිදු කරන ලද වැරදි සඳහා අධිචෝදනා පත්‍ර මත අපරාධ නඩු පැවරීම මඟින් විභාග කර තීරණ කිරීමට ශ්‍රී ලංකාවේ මහාධිකරණයට ස්ථානීය අධිකරණ බලය ලබාදීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහාත් 2025-06-23 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක
විසින් සකස් කරනු ලැබ ඇති අතර, එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත. එම පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහ මුහුදේ කරන වැරදි වලටත් දඬුවම් කරන්න පනතක් එයි