IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහ බැංකුවේ හොරු අල්ලනු

(නිමන්ති රණසිංහ)

මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට අද නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මහ බැංකුවේ අධි ආරක්ෂිත කාමරයක ගබඩාකර තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දාහක බණ්ඩලයක ඌනතාවක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරි එස්.ආර්. දයානන්ද මහතා ඉකුත් 11 වැනිදා මෙම පැමිණීල්ල ඉදිරිපත් කළ බවට කොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම ඌනතාව පිළිබඳව විමර්ශනය ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මහ බැංකුවේ අධිආරක්ෂිත කාමරයේ ගබඩා කර තිබූ මෙම මුදල්වල අඩුවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවත් කොටුව පොලිසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇත.



අදහස් (3)

මහ බැංකුවේ හොරු අල්ලනු

rasika Tuesday, 18 April 2023 08:44 AM

ඕක බහිරවය ගිලල හොරු නේද හැමතැනම, මහ බැංකුවෙත්, මිනිසුන්ට සල්ලි දාන්න තැනක් ඇත්තෙම නැද්ද

:       0       4

Rohana Tuesday, 18 April 2023 10:02 AM

මහ හොරා ඇල්ලුවෙනැතිව මේවගෙ පොඩි හොරු අල්ලන්නත් උනන්දුවක් නැතිපාටයි.

:       0       3

fairoos Tuesday, 18 April 2023 12:41 PM

රනිල් පැත්තට ඇවිල්ලත් ගියාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site