IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහ උසාවියට යෝෂිතගෙනුත් පෙත්සමක්

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි තරම් ලොකු මුදලකින් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් ආරම්භ කර පවත්වාගෙන යාම මඟින් පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇතැයි පවසමින් තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන්නැයි ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් අද(01) මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළහ.

රොහාන් වැලිවිට , ආචාර්ය රබින්ද්‍රනාත් ප්‍රනාන්දු ,සේනක කවිෂාන් දිසානායක මෙහි සෙසු පෙත්සම්කරුවෝය. පොලිස්පති,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති වරයා, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් වලින් ඉල්ලා තිබේ.

දේශපාලන පවුලකින් පැවත එන තමන් කැඩෙට් නිලධාරියෙකු ලෙසින් 2006 වසරේදී නාවික හමුදාවට බැඳුණු බවත්, තමන් අත්අඩංගුවට ගැනීම හා ඒ සම්බන්ධ ක්‍රියාවලිය නීතිවිරෝධී හා නීතියට අනුව වලංගු නොවන බවත් යෝෂිත කියා සිටී.



අදහස් (0)

මහ උසාවියට යෝෂිතගෙනුත් පෙත්සමක්

නිමල් Tuesday, 01 March 2016 10:35 AM

කල කල දේ පල පල දේ කියල පවසා ඇත්තේ නිකමට නොවේ. එහෙත් මෙහි වෙනසක් ඇත. (හේ)

:       0       0

පද්මිණි Tuesday, 01 March 2016 11:29 AM

කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට.......?(හේ)

:       0       0

කලණි Wednesday, 02 March 2016 02:30 AM

යහපත් පුද්ගලයෝ දෙවියන්ටත් ඉහළින් වැජඹෙති. (නි)

:       0       0

රජින්ද Tuesday, 01 March 2016 12:51 PM

මේ කරන්නේ තනිකරම නාටකයක්. අත්‍යවශ්‍ය සියුම් කරුණු නිසා විපක්ෂයේ හා ජනතාවගේ කලැබීම වලක්වන්නට අවධානය වෙනස් කරන සම්‍යක්ප්‍රයෝගයි මේ ආණ්ඩුව දාන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site