(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා අද පැවැසීය.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වූයේ එහිදීය.
වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබිණි.
මේ වන විට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල් ද දමා අවසන් කර ඇත.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක් ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේ දී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
මහීපාල බිරියගේ වැව් රක්ෂිතයේ හෝටලය කඩා දමයි
කව්ද බෝයි Friday, 03 October 2025 08:43 AM
එතකොට ඉතුරුකරලා ගිහිං තියෙන අත්තිවාරම ගලවන්න ඕන ජනතාවගේ බදු මුදල්වලින් රජය මගින්ද? මේවට නඩු සහ දඩ ගහන ක්‍රමවේදයක් ඇත්තෙම නැද්ද?
අරවින්ද මොණරවිල Friday, 03 October 2025 08:48 AM
සෙල්ලම් නැහැ, කිසිම කෙදිරියක් අඩෝ වැඩියක් නැතිව හෝටලයක්ම පොලවට සමතලා කරලා අපේ හාන්දුවනේ !
Asanga Friday, 03 October 2025 09:01 AM
මේවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන.
ranjith Friday, 03 October 2025 09:05 AM
ඔවුන්ට දඩුවම් දෙන්න තියෙන්නේ . මුලින්ම සමූපකාරේ හොරාකාලා පටන් ගත්තේ දේශපාලනය. අද මුන් කෝටිපති උනෙත් හොරකමෙන්ම තමා
Prabash Friday, 03 October 2025 10:47 AM
පරිසරය විනාශ කලාට නීතිමය දඬුවමක් නැද්ද?
ලොක්ක Friday, 03 October 2025 12:44 PM
රජයේ මෙම කටයුත්ත ප්‍රසංසා සහගතයි , පෙර දි වගේ පගා දාල මේ නිති විරෝදි වැඩ කරන්න බැ, දීපු චන්දය වටිනව