IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ.

විශේෂ කණ්ඩායමක් විසින් නිවාස සොයා බැලීම මේ දිනවල කරගෙන යනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් හමුවීමට පැමිණෙන හෙයින් සුදුසු පරිසරයක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි.

ප්‍රමාණවත් සහ ගැලපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවසක් තෝරා ගැනීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාට ගැළපෙන සුදුසු නිවසක් නුදුරේදීම සොයා ගැනීමට අපේක්ෂා කරන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවසට ගියේය.

ඔහු තවමත් සිටින්නේ කාල්ටන් නිවසේය.

 



අදහස් (18)

මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ

Pradeep Kumara Tuesday, 16 September 2025 09:19 AM

ජීවිතේ අන්තිම කාලේ තමන්ගේ තැනකට වෙලා නිදහසේ ඉන්නෙ නැතුව මේ මිනිස්සු විඳවන හැටි. වෙනත් රටවල නායකයින් විශ්‍රාම දිවිය ගතකරන හැටි බලලා වත් හැදෙන්න බලන්න. ලොකු මල් වට්ටි අරන් පන්සල්, පල්ලි, කෝවිල් ගියාට තවම අතහැරීම මොකක්ද කියලා වටහා ගෙන නෑ.

:       3       19

Jayasekara Tuesday, 16 September 2025 09:20 AM

ඇයි ඕනතරම් අය කලින් ඉදිරිපත් උනේ ගෙවල් දෙනනම් කියලා...කෝ දැන්?

:       2       13

රොමියෙල් Tuesday, 16 September 2025 09:35 AM

රජාණෝට හිතට අල්ලන්නේ අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, විජේරාම මන්දිරය වගේ ගෙවල්නේ ඉතින්

:       3       16

Ruwan Tuesday, 16 September 2025 09:40 AM

ජාතික කෞතුකාගාරය හොඳ නැද්ද ? ඇයි අර හාමුදුරු කෙනෙකුත් කියලාඅ තිබ්බේ මේක “පුරාවස්තුවක්” කියලා. තවමත් වටිනාකම තක්සේරු කරලා ඉවර නැහැනේ . ඉවර උනාට පස්සේ සුදුසු තැනකට යවාවි .එතකම් කාල්ටන් එකටම වෙලා ඉන්නකෝ

:       4       8

Chandima Tuesday, 16 September 2025 09:41 AM

කටුගේ හරියන්නේ නැතිද?

:       4       9

ලුම්බිණි Tuesday, 16 September 2025 10:29 AM

අනේ පව් අසරණයා

:       3       8

කෞෂිTuesday, 16 September 2025 11:46 AM

සැඟවෙන අමුත්තන්ට එක්ස්ට්‍රා රූම්ස්, හදිස්සියට ලැබ් එකක් දාගන්න ඉඩත් ඕනනේ.

:       2       10

CK.Lankaputhra Tuesday, 16 September 2025 10:32 AM

ඉතින් ඔහෙම ඉන්ඩ කියන්න. ඒ තරම්ම රුදාව තියන අයට මැදමූලන්ස් එකටම හයිවේ දාලා තියෙන්නේ කරදරයක් නැතුව යන්නයි. කොලඹින්ම ගෙයක් ඕන නං ⁣බොරැල්ලේ කනත්ත පහුකරනවාත් එක්කම බ්‍රිටිශ් ඉන්ටර්නැශනල් කොලේජ් එකට මෙහායින් නියම ගෙයක් තියනවා.

:       1       8

Pawithraa Tuesday, 16 September 2025 10:36 AM

ඔබ රජෙක් මැතිදුනි

:       9       4

Asanga Tuesday, 16 September 2025 10:38 AM

ඉතින් ඊට පස්සේ

:       0       8

Malika Tuesday, 16 September 2025 11:10 AM

මේවත් සාටක නාටක. තමන්ගේ කළු සල්ලි වලින්ම ප්‍රයෝජන ගන්න බව දැන් මහජනතාව දන්නවා.

:       3       11

Rata Perata Tuesday, 16 September 2025 11:16 AM

පිනට ඉන්න පුළුවන් ගෙදරකට තමයි මිනිහාගේ කැමැත්ත.

:       3       12

pakeer Tuesday, 16 September 2025 11:20 AM

සල්ලි නම් මොනවද? හොඳ තැනක් තමයි ඕනේ! සුභ පතනවා හොඳ තැනක් හම්බ වෙන්න කියලා.

:       8       3

fairoos Tuesday, 16 September 2025 11:39 AM

ඕව් ඕව්, අනිවාර්යෙන්ම කොළඹම ඉන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික සල්ලිවලින් ඕන තැනක ඉන්න කිසිම අවුලක් නෑ

:       2       4

අබා Tuesday, 16 September 2025 11:40 AM

සාගරට කියන්න තිබ්බෙ ලෝක හොරු කුඩ්ඩෝ එන නිසා ඉඩ තියනන තැනක් ඕන කියලා... අර මීහරක් වගේ ඉන්න ලමයි තුන්දෙනාව සුවාසි ලංතේට දීග දුන්නනං ඒහේ ගිහිං රටේ බාගයක් ඉල්ලගෙන ඒහේ රජතුමා එක්ක හොදට ඉන්න තිබබා....

:       2       9

ප්‍රේමරත්න Tuesday, 16 September 2025 12:00 PM

දෙකයි පනහෙ මාලිමා ඩෝබි පඩංගු හිතන්නේ තමන්ගේ යාචක මානසිකත්වයෙන්. රජෙකුට එහෙම හිතෙන්නේ නෑ.

:       0       0

Perera Tuesday, 16 September 2025 12:02 PM

හිතට හරියන වර්ග අඩි 30,000ක ගෙයක් හොයගන්න ටිකක් අමාරු වෙයි ඉතින්.

:       0       1

Jagath Leanage Tuesday, 16 September 2025 12:16 PM

බොරැල්ල කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29563 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11768 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 730 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 218 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site