(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.
විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.
මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ මීට පෙර දැරූ පදවිය පහත පරිදි වෙි.
01. එස්.එස්.කේ. විතාන මහතා දිසා විනිසුරු
02. ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා දිසා විනිසුරු
03. ඒ.එම්.එම්. රියාල් මහතා දිසා විනිසුරු
04. ඩී.පී.මුදුන්කොටුව මහතා දිසා විනිසුරු
05. එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා අතිරේක දිසා විනිසුරු
06. ජේ. කජනිදීපාලන් මහතා දිසා විනිසුරු
07. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
08. එච්.එම්.බී.ආර්. විජේරත්න මෙණෙවිය අතිරේක දිසා විනිසුරු
09. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා අතිරේක දිසා විනිසුරු
10. ඒ.ඒ. ආනන්දරාජා මහතා මහේස්ත්‍රාත්
11. ජී.එන්.පෙරේරා මහතා දිසා විනිසුරු
12. ඒ. ජුඩේසන් මහතා දිසා විනිසුරු
13. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය දිසා විනිසුරු
14. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා දිසා විනිසුරු
15. කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙණෙවිය මහේස්ත්‍රාත්
16. ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා දිසා විනිසුරු
17. එම්.අයි.එම්. රිස්වි මහතා දිසා විනිසුරු
18. ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් වෙති
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 03 September 2025 09:01 PM
මෙතන ඉන්නවා නේද, රුබිකොන් ගඟ තරණය කරන්න, ඔරුව පැදපු කෙනා ?
මහසෙන් Wednesday, 03 September 2025 09:17 PM
අහ්..මේ ලංකාපුර මෙනෙවිය ත් ඉන්නේ
භාරත තෙන්නකෝන් Wednesday, 03 September 2025 09:28 PM
කොහොමද 2024 ජුලි 01දා ජෙය්ෂ්ටත්වය අනුව 30 න් එහා හිටපු කෙනා, 2025 සැප්තැම්බර් 01 වෙනකොට පලවෙනි 18 දෙනා අතරට එන්නේ ? සුදාගේ විශ්ව බලයෙන්ද ?
Marrious Abeysiriwardena Thursday, 04 September 2025 10:20 AM
මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ කෙසේද?
Perera Thursday, 04 September 2025 12:34 PM
ලොකු අක්‍රමිකතා චෝදනාවක් තියෙන කෙනෙකුත් ඔතන ඉන්නවා.