IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මහේස්ත්‍රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ  නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

කොල්ල කෑ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම උඩුවන ප්‍රදේශයේ  නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී සැකකරු කොල්ලකෑම්වලට යොදා ගත් ව්‍යාජ පිස්තෝල දෙකක් , උල් පිහි හතරක් , විෂ දියරයක් සහිත බෝතලයක් , මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිස් භාරයට ගෙන.

මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ පහක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබා ගත් ඇමතුම ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා රෝහල්ගත කළ බවත් යම් ගනුදෙනුවක් අවශ්‍ය නම් තමන් සමග කතා කරන ලෙස මහේස්ත්‍රාත් වරයාගේ සහෝදරයකු ලෙස සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඔලියමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක් අසල වෙළඳසැලක නමක් පවසා එහි තිබෙන යතුර රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස රඟපෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතා සැකකරු ප්‍රකාශ කරන අයුරු එම ප්‍රදේශයේ තැන තැන සිවිල් ඇඳුමින් සරසවා රඳවා සිටී නිලධාරින්ගේ කන වැකීමත් සමඟම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන වත්තල පදිංචි කරුවෙකි.



අදහස් (14)

මහේස්ත්‍රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 February 2023 09:54 AM

අපරාධකරු සාක්ෂි සහිතව අල්ලාගත් පොලිස් නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය ... !!! එසේම මින් ඉදිරියට හෝ දේශපාලකයන්ගේ නියපොත්තක් ගානේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෝ මහේස්ත්‍රාත් වරුන් වැනි තනතුරු දරන ඇත්තන් වෙනුවෙන් රාජකාරියේ යොදවන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමු.

:       33       24

පැරකුම් Tuesday, 14 February 2023 10:44 AM

අනේ අපොයි මේ වගේ නඩුකාරයො දෙන තීන්දු වලින් කීදෙනෙක්නම් අනාථ වෙලා ඇත්ද…?

:       10       44

සත්‍යාTuesday, 14 February 2023 11:22 AM

මටනම් මතක්වෙන්නෙම රංජා තමයි ඊළඟට සුනාමි විනිසුරු මතක් වෙනවා

:       3       33

sharm warn Tuesday, 14 February 2023 10:46 AM

අයියෝ මෙහෙමත් මොඩයෙක්.. හැබැයි පොඩි හුරතල් ගෙම් එකක්.. ජිවිත හානියක් ක් නෑනෙ..

:       36       21

BamunuarachchiWednesday, 15 February 2023 10:42 AM

ඇයි මෑන් ඔබෙත් එකකේ ගේම් දෙන ජෙප්පෙක්ද?

:       2       0

sharm warnThursday, 16 February 2023 09:15 AM

ජෙප්පෙක් වෙන එක මොකක් උනත් පාදඩ හොරුන්ට උඩ ගෙඩි දෙන අමන බමුනෙක් නම් නෙමෙයි මල්ලි. . කැනඩාවෙ ඉදගෙන ලන්කාව කන බමුනෙක් නම් නෙමෙයි...

:       0       0

ලලිත් Tuesday, 14 February 2023 11:25 AM

ඇයි බයිසිකල් චේන්,ගංජා නැත්නම් කුඩුවර්ග හෙම තිබුනෙ නැතෙයි

:       26       5

පොඩිඑකා Tuesday, 14 February 2023 12:22 PM

අරුම පුදුම හමුවීමක් .

:       2       6

සුදු ඇදගෙන කලු ඇවිදින් Tuesday, 14 February 2023 12:40 PM

අපේ පොලිසිය හරි දක්ශයි.දේශපාලකයන්ගෙ හැර අනිත් ඔක්කොම හොරකම් අල්ලනවා.

:       1       29

sunilTuesday, 14 February 2023 02:24 PM

දේශපාලන බලපෑම් නැත්නම්, ලංකාවේ පොලිසියට බොහෝ අපරාධකරුවන් අල්වා ගත හැකියි.

:       1       15

අතුල සෞදි Tuesday, 14 February 2023 01:10 PM

රටේ හොරකම් වැඩි වෙන්නෙ කන්ඩ නැති හින්දාම නොවෙයි. මහා පරිමාණ හොරු,අපරාධකාරයෝ නිදැල්ලේ ඉන්න එකත්,ඒවට හරියට නීතිය ක්‍රියාත්මක නොවීමත් හේතුවක්.

:       0       0

de silva Tuesday, 14 February 2023 01:33 PM

මෙ ඔක්කොම පැය කිහිපයක් අතුලත විමර්ශනයකර අල්ල ගන්න පොලිසියට පුලුවන් , එකට මගේ ප්‍රනමය , නමුත් ඩයන බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද? ශ්‍රී ලංකික පුරවැසියෙක්ද එහෙම නැතිනම් දිත්ව පුරවසියෙක්ද කියන එක නිශ්චිත වශයෙන්ම සොය ගන්න මාස ගානනක් ගිහිල්ලත් බැරිවුනා

:       0       0

DM Tuesday, 14 February 2023 03:06 PM

ටිකක් අනුර කුමාර් වගේ නේද?

:       1       1

sharm warnThursday, 16 February 2023 09:16 AM

ඊට වඩා රඹුක්වැල්ල පෙනුමක් තියෙනව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1260 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 362 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 594 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1061 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 702 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 915 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1202 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site