IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහලු සැමියාගේ දේපළට අනින්න බැරිවේ

වයස අවුරුදු 27 වැන්දඹුව 52 හැවිරිදි සැමියා මිය ගිය පසු රුපියල් කෝටි ගණනක් වටිනා ඔහුගේ ඉඩ කඩම් මිළ මුදල් ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් හිමි කැර ගන්නට ගත් උත්සාහයේදී  පොලිස් අත්අඩංගුවට පත්ව සිටි.

මේ ගනු දෙනුවට ආධාර හා අනුබල දුන්නැයි කොළඹ විහාරස්ථානයක හිමි නමක හා වැන්දඹුවගේ මව අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කූඨ ලේඛණ සකස් කළ බව කියන නොතාරිස්ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

තම සහෝදරයා මිය යාමෙන් පසුව ඔහුගේ දෙවැනි බිරිය  ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් දේපල හිමි කැර ගැනීමට උත්සාහ කරතියි මහර කඩවත පදිංචි කරුවෙක් පොලීසියට පැමිණිලි කළේය.

කොළඹ මහල් නිවසක් වේයන්ගොඩ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් ලක්ෂ 50 ක මුල්‍ය ආයෝජනයක් හා කොටස් වෙළෙද පොළේ රුපියල් ලක්ෂ පහක්  මෙසේ ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් හිමි කැර ගන්නට උත්සාහ දැරුවැයි පැමිණිල්ලේ සඳහන්වේ.

 



අදහස් (0)

මහලු සැමියාගේ දේපළට අනින්න බැරිවේ

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 06:05 PM

මෙහෙම බලද්දී ඔහු මිය ගියේ කොහොමද කියාත් බලන්න වේවිද?තන්හාය ජායතී සෝකෝ. (නදී)

:       0       0

සුමිත් Sunday, 29 December 2013 07:14 PM

මෙය මිනී මැරුමක් විය හැකිය.(නදී)

:       0       0

ඇසළ Sunday, 29 December 2013 07:17 PM

දෙවෙනි බිරියගේ නියම ස්වාමියා වෙන්න ඇති.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 29 December 2013 09:15 PM

කී වෙනි බිරිඳ උනත් නීතියෙන් විවාහක නිසා ඇයට නිතැතින්ම උරුම වන කොටසක් තියෙනවා. වයස පරතරයත් ඒ ස්ත්‍රීය සැක කිරීමට හේතුවී තිබෙනවා. මියගිය පුද්ගලයාගේ දේපලවලට අයිතිවාසිකම් කීමට කලින් විවාහයේ බිරිඳ හෝ ඇගේ දරුවන්ට ඉදිරි පත් විය හැකි නමුදු සහෝදරයෙක් ඒ සඳහා ඉදිරිපත් උනේ ඇයිද යන්නත් සලකා බැලිය යුතුයි.(නදී)

:       0       0

අසෝකා Sunday, 29 December 2013 10:07 PM

අනේ මන්දා දැන් ලංකාවේ වෙන දේවල් දිහා බැලුවම කාව විශ්වාස කරන්නද මන්දා.(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 30 December 2013 12:00 AM

මේකට සම්බන්ධ හැමෝම ගැන හොයලා බලන්න ඕනා. මිනීමැරුමක් නම් එහෙම ඉතින් කව්රු කව්රුත් මේකට සම්බන්ධ ඇති. වෙන්නප්පුවට හැම එකටම බනින සාන්තුවරයෝ ටිකත් මොකුත් කියමුකෝ බලන්න මේ ගැන.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 30 December 2013 01:55 AM

පන්සිල් පද පහෙන් එකකට පටහැනිව ක්‍රියා කරලා, හිමි නමකුත් හවුල් වෙලාද?  තන්හාය ජායතී සෝකෝ හැමෝටම අමතකවෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site