
(යොහාන් භාසුර)
මහරගම නගර සභාවේ වැඩ ලබන ලේකම්වරයාගේ අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා යැයි සඳහන් කරමින් එම නගර සභාවේ හිටපු උප සභාපති බන්දු ජයසිංහ මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට චෝදනා පත්‍රයක් අද (11) භාරදුන්නේය.
ආණ්ඩුකාරවයාගේ චක්‍රලේඛණ උල්ලංඝනය කිරීම, ප්‍රසම්පාදනය ක්‍රිියාවලිය අයථා ලෙස යොදාගැනීම, වැඩබලන ලේකම් ධූරය අනිසි ලෙස යොදාගැනීම, මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කිරීම සහ අල්ලස් ගැනීම යන ප්‍රධාන චෝදනා යටතේ අනු චෝදනා 10 ක් එම චෝදනා පත්‍රයේ සඳහන් වේ.
නගර සභාවේ සභාපතිවරයාගේ නිල වාහනය සහ නිල කාමරය වැඩ බලන ලේකම්වරයා පෞද්ගලික පාවිච්චියට ගැනීම, ඔහු වැඩබලන ලේකම්වරයා වුවද ඔහු රාජකාරියේදී වැඩබලන ලේකම්වරයා ලෙස පාවිච්චි නොකිරීම, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව භාණ්ඩ මිලදී ගැනීම ආදි චෝදනා ඉදිරිපත් වී තිබේ.
අදාල වැඩබලන ලේකම්වරයා කටුනායක - සීදුව නගර සභාවේ රාජකාරි කරමින් සිටියදී ද මේ ආාරයටම දුෂණ චෝදනා එල්ල වීම නිසා පලවා හැර ඇති බව ද එම චෝදනා පත්‍රයේ සඳහන් වේ. මහරගම නගර සභාවේ වැඩබලන ලේකම් අරුණ ඩී. ඩයස් මහතාගෙන් මෙම චෝදනා පත්‍රය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම සියලුම චෝදනා අසත්‍ය චෝදනා බවත් රාජකාරී කිරීමේදී එවැනි චෝදනා පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහරගම වැඩබලන නාගරික ලේකම්ට චෝදනා පත්‍රයක්
ravin Monday, 11 September 2023 10:15 PM
චෝදනා කරන්නේ දේශපාලකයෙක් නේද? ගසාකන විදි ඇති.
සමන්ත Tuesday, 12 September 2023 06:16 AM
හිටපු උප සභාපති සභාව විසුරුවාලීමට පෙර භුක්තිවිදින දේවල් නැතිවුණාම කරන්න දෙයක් නැතුව ඔහොම දේවල් කරනවා කියලා එම ආයතනයක සේවය කල කෙනෙක් හැටියට කියන්න පුළුවන් හිටපු උප සභාපති ආණ්ඩුකාරවර වෙත චෝදනා පත්‍රය දුන්නෙ ආණ්ඩුකාරවර වරදක් කල නිසාද යොහාන් .හලෝ හිටපු සභාපති කරන්න ඇත්තේ පැමිණිලි කිරීමක් නේද රාජ්‍ය සේවයේ ඩයස්ලා කියන්නෙ ඔහොම වැඩ අනන්ත කරන පිරිසක් කියලා කියන්න පුළුවන්