IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහරගමට ලක්ෂ එක හමාරක බෙහෙත්

පිළිකා රෝගීන් සුවපත් කිරීම සදහා අවශ්‍යකරන ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ‘වී කැන්සර්වයිව්‘ සංවිධානය විසින් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළහ. එම ඖෂධවල වටිනාකම රුපියල් එක්ලක්ෂ තිස් පන් දහසක් පමණ වන බව එහි සාමාජිකයෝ පැවසූහ.

‘වි කැන්සර්වයිව්‘ සංවිධානය කැනඩාව, මැලේසියාව හා ශී‍්‍ර ලංකාව යන රටවල සරසවිවල අධ්‍යාපනය ලබන හා සරසවිවලින් පිටවූ සිසුන් එක්ව පිහිටුවා ගෙන ඇත.  පිළිකා රෝගයෙන් පිඩාවිදින මහරගම පිළිකා රෝහලේ නේවාසික ළමා රෝගින්ගේ අවශ්‍යතා සපුරාලීම , රුධිරය අවශ්‍යකරන රෝගීන්ට රුධිරය ලබාදීම  සදහා  රුධිර පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළු සුබසාධන කටයුතු කිරීම මෙම සංවිධානයේ අරමුණයි. මෙම සංවිධානය පිහිටුවාගෙන  වසර දෙකක කාලයක් ගතව ඇත.

කැනඩාවේ හා මැලේසියාවේ සිටින කුමුදු අබේවර්ධන,  පමෝද් අබේවර්ධන හා ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ ප‍්‍රමෝද්‍ය යසරත්න හා සචින්ත බණ්ඩාර  සිසු සිසුවියන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර එස්. එල්. ඒ. අබේවර්ධන මහතා සංවිධානයේ උපදේශකත්වය දරයි. ඔවුහු අදාළ ඖෂධ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වයි.එම්.කේ.විල්ප්‍රඩ් කුමාරසිරි මහතාට බාරදුන්හ.

cancer_20151245 cancer_20151245-2

cancer_20151245-3



අදහස් (0)

මහරගමට ලක්ෂ එක හමාරක බෙහෙත්

ආලෝකා Saturday, 05 December 2015 07:22 AM

මේ සංවිධානය දේශාපාලකයන්ට ගිල ගැනීමට ඉඩ දෙන්න එපා. (ස)

:       0       0

චන්න බුවනක Friday, 04 December 2015 08:23 AM

මෝටර් රථයක් වෙනුවෙන් රෝගීන්ගේ ජීවිත ගැන නොතකා හරින වුණ් අතරේ මනුෂත්වය පිරි වාසනාවන්ත දරුවන් මේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site