IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මහයියාවට ජනපති අරමුදලේ හයිය

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2025 මැයි 31 දින  ජනාධිපති අරමුදලේ නිලධාරින් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදි  සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිරීක්ෂණය විය. එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු අදියර යටතේ සිසු සිසුවියන් 28 දෙනෙක් සඳහා ශිෂ්‍යාධාර ලබා දී‌ම මෙහිදී සිදු විය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු සහ විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

මහයියාවට ජනපති අරමුදලේ හයිය

Kaqui Monday, 15 September 2025 10:47 AM

මේවට දේශපාලකයන් ගේ මූනු දාන්නෑ කිව්ව වගේ මතකයි

:       11       6

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 10:59 AM

අයියෝ මේ මොනවද කරන අපරාධ, මයින්ද මාතියාට රනිල් සෑර්ට අසනීපයක් උනොත් මවුන්ට් එළිසබෙත් යන්න තියෙන සල්ලී නේද මේ නාස්ති කරන්නේ ! මෙහෙම වැඩ කරන්න එපා අනුර බොස්, අපේ දරුවෝ ඉගෙන ගත්තේ නැතත් කමක් නැහැ, ඒ රන් කදවල් අපි පරිස්සම් කරමු !

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25166 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 588 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site