IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මහමෝදර මහ විපතක්

විෂබීජයක් පැතිරී යෑම නිසා ගාල්ල මහමෝදර රෝහලේ බිළිඳුන් හය දෙනෙකු දෙසතියක් ඇතුළතදී මියගිය බව වෛද්‍යවරු කියති. අසනීප වූ තවත් ළදරුවන් විසිදෙනෙක් ප්‍රතිකාර ලබති. ඉන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටිති. මහමෝදර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පැවසුයේ කරාපිටිය රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂ ඇත්දැයි පරීක්ෂණ අරඹා ඇති බවයි. මේ විෂබීජය ක්ලෙබ්සිඑල්ලා යනුවෙන් හඳුනාගෙන ඇත. ක්ලෙබ්සිඑල්ලා බැක්ටීරියාව බහුල වශයෙන් රෝහල්වල ඇතිවනුයේ නියුමෝනියාව නිසාය. රෝගීන්ගේ ලේ සමග පිටවන සෙම මෙම බැක්ටීරියාව වර්ධනය කිරීමට හේතුවේ. මෙම බැක්ටීරියාව දෙවැනි වනුයේ ඊකෝලි බැක්ටීරියාවටය. ක්ලෙබ්සිඑල්ලා බැක්ටීරියාව පෙරට වඩා ඉක්මනින් පැතිරයතියි ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ කියති. ඊට හේතුව වනුයේ පෙරට වඩා එම බැක්ටීරියාව ඔරොත්තු දීමේ ශක්තිය  ඇති කරගෙන ඇති නිසා යැයිද වෛද්‍යවරු පවසති. ඇන්පිසිලින් හා කාබනිසිලින් වැනි ප්‍රතිජීවක ඖෂධවලට ද එම බැක්ටීරියාව ඔරොත්තුදීමේ හැකියාව හිමිකරගත් අවස්ථා ඇතැයි ද ඔවුහු කියති. හැමතැනකම පැතිර පවතින මෙම බැක්ටීරියාව මුත්‍රමාර්ගයේ ආසාදන, නියුමෝනියාව ,ලේ විස වීම, මෘදු පටක ආසාදනයනට හේතුවෙතියි වෛද්‍යවරු පවසති. වස්කඩුවේ නිවුන්දරුවන් දෙදෙනෙක්ද මේ සිද්ධියෙන් මරුමුවට පත්වූහ.



අදහස් (0)

මහමෝදර මහ විපතක්

නාවින්දි Friday, 02 March 2012 04:11 PM

එක්ස්රේ නැතිව රෝහල් ලෙඩ වෙනවා, ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් නැති නිසා මව්වරු මිය යනවා, ඒ මදිවට බිලිදුන් මිය යනවා. ....... මෙතනින් එහාට මොනවත් කියන්න බැ මට ........................................

:       0       0

මනෝජ් Friday, 02 March 2012 04:32 PM

රෝහලේ පරිපාලනය මේ විනාශයට වග කියන්න ඕන. කොතරම් අපරාධයක්ද මේ.

:       0       0

sltk2004 Friday, 02 March 2012 05:05 PM

අයියෝ.. එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනකොටම මේක ගැන හොයන්න පටන් ගන්න තිබුණනේ. මේ අම්මලට කොච්චර දුකද?

:       0       0

සම්පත් Friday, 02 March 2012 06:43 PM

බොහොම කණගාටුදායක තත්ත්වයක්.. ඉදිරියට මේවගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතුයි.

:       0       0

sss Friday, 02 March 2012 08:47 PM

ලංකාවේ සෞඛ්‍ය සේවය ගන්න දෙයක් නෑ..

:       0       0

සපුමල් Friday, 02 March 2012 09:32 PM

රජයෙන් තටාක, පිට්ටනි ආදිය හදන්න කොපමන මුදලක් වියදන් කරනවද, ඇයි රෝහල්වල පහසුකම් වැඩි දියුණු නොකරන්නේ?

:       0       0

සෑම් Friday, 02 March 2012 10:43 PM

අපොයි දෙයියනේ, දස මාසයක් කුසේ තියාගෙන බලන් හිටපු අහංසක අම්මලාගේ බලාපොරොත්තු?

:       0       0

සමන්ත Saturday, 03 March 2012 03:16 AM

මේ මිය යන්නේ හෙට දවසේ අනාගතයයි. ජනපතිතුමනි මෙය ඔබගේ අවධානයට යොමු කරන්න..

:       0       0

ප්‍රියාන් Saturday, 03 March 2012 03:33 PM

සමන්තගේ කථාව හරියට හරි

:       0       0

samath surajie Tuesday, 06 March 2012 09:50 AM

බොහොම කණගාටුදායක තත්ත්වයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site